IMG-LOGO

ලෝක රූ රැජින මහණවී මෙරටට වැඩම කළ දා

(සමන් කේ. ගමගේ)

විශ්ව රූ රැජිණක් ලෙස කිරුළ පැළඳී වියට්නාම් ජාතික ආචාර්ය එලිසෙබෙත් මහත්මිය, එලිසෙබෙත් සුජාතා භික්ෂුණිය පැවිදි දිවිය වසර 15 සපිරීම නිමිත්තෙන් පසුගිය දා ශ්‍රී ලංකාවට වැඩම කළාය.

එලිසෙබෙත් සුජාතා භික්කුනීය ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය වැඳපුදා ගැනීමට ද අමතක නොකළාය.  

පැවිදි දිවියට එළඹීමට පෙර එලිසෙබෙත් සුජාතා භික්කුනීය වියට්නාමයේ රූ රැජිණ ලෙස සිව් වතාවක් කිරුළු දරා ඇති අතර ය විශ්ව රූ රැජිණ ලෙස ද කිරුළ හිමි කරගත්තාය. අනතුරුව ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගත් ඇය සියලු සැප සම්පත් අතහැර පැවිදි දිවියට එළඹීමට තීරණය කර ඇත.

සුජාතා භික්කුනී මෙහෙනින් වහන්සේගේ පැවිදි දිවියට වසර 15ක් ගතවීම නිමිත්තෙන් ලංකාවට වැඩම කොට ඓතිහාසික පුදබිම් වන්දනාමාන කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව මිහින්තලා රාජමහා විහාරස්ථානයට පෙරේදා වැඩම කළ සුජාතා මෙහෙනින් වහන්සේ, ධාතූන්වහන්සේලා වැඳපුදා ගැනීම හා මිහින්තලා පුද බිමේ වන්දනාමාන කටයුතුවල නිරත වු සේක. එමෙන් ම වැදපුදා ගැනීමට පැමිණී බැතිමතුන් සමඟ සුහද පිළිසඳරක ද යෙදුණු අයුරු දක්නට ලැබුණි



අදහස් (17)

ලෝක රූ රැජින මහණවී මෙරටට වැඩම කළ දා

රංබොඩ Wednesday, 29 November 2023 11:23 AM

භාග්‍යවතුන් වහන්සේ විද්‍යාත්මකව හෙළිකළ ධර්මය අවබෝධයෙන් සසරින් එතෙරවන මග යන මේ උත්තමාවියට නමස්කාර වේවා !

:       11       207

චින්තක Wednesday, 29 November 2023 11:28 AM

උගතුන්, බුද්ධිමතුන් සසර කළකිරී සසරින් එතෙරවීමට උත්සාහ කරද්දී ලංකාවේ සමහරක් පිරිස් කිසිම තේරුමක් නැතිව කටයුතු කරනවා. සසර දිගුවීමට හේතුවක් ලෙසට බුදුහාමුදුරුවෝ දේශනාකලේ තණ්හාව නිසා කියලා තමයි. ඒත් ඉතින් දැන් කාලයේ සමහරක් පිරිස් විවිධාකාරයෙන් තණ්හාව එකතු කරද්දී මෙතුමිය සසරින් එතෙරවීමට උත්සාහ කරනවා... සාදු සාදු සාදු...!

:       5       140

මැක්ස් Wednesday, 29 November 2023 12:09 PM

මේ පින්වත් භික්ෂුණියගේ ගමන් මග අපටත් ආදර්ශයක් වේවායි ප්රාතනා කරන අතර බුදු දහම විද්‍යාත්මකයි වැනි මුග්ධ ප්‍රකාශ සිදු කරමින් සදාතනික වූ ධර්මයට, සර්වඥතා ඥනයට නිගරු කරන මෙන් යෝජනා කර සිටිමු.

:       7       78

Kule Wednesday, 29 November 2023 12:28 PM

මිලකල නොහකි පුරාන වටිනාකම් වලින් සමන්විත ගල්පිලි මත සිවුරු පොරවනවාට වඩා බුදුන්ගෙ දේශනාව අවබෝද කරගෙන චීවරයක් දරාගෙන බුදුන්ගෙ මාර්ගයෙ ගමන්කර නිවනට ලගාවීම උතුම් ක්‍රියාවක්

:       5       112

පාඨක හිතසුව පිණිසයි.) Wednesday, 29 November 2023 03:12 PM

ජීවිතයේ සරල යථාර්ථයට පෙර වදනක් - සිත් පහන් වේවා...!!!

:       4       70

රනේ Wednesday, 29 November 2023 03:57 PM

විද්‍යාත්මකව යන යෙදුම උචිත නොවේ...

:       6       29

Nimal ... Wednesday, 29 November 2023 04:42 PM

සංසාරං පුබ්බෝ - ඒක ඇතුළෙ ඉබ්බෝ ..

:       49       14

Pradeep Kumara Wednesday, 29 November 2023 05:08 PM

එතුමිය විහාර භූමියට වඩිනා හැටි ඡායාරූප ගත කරන්නේ අපේ භික්ෂූන් වහන්සේ නමක් නේද?

:       14       15

ජුනයිඩ් නානාWednesday, 13 December 2023 07:24 AM

වහාම ඔබේ ඇස් පරීක්ෂා කරවා ගන්න. කැමරාව අතැතිව සිටින්නා ගේ පසුපසින් සිටින භික්ෂූන් වහන්සේ දෙස වපරැසින් බැළුවේ ද්වේෂ සිතින් බව පැහැදිළිය.

:       0       2

Priyadarshani Thursday, 30 November 2023 09:43 AM

අපේ රටේ පාලකයන්ට මේ දහමෙන් අබ ඇටයක් තරම් බිඳක් වත් අවබෝධ නොවීම තමයි අපේ අවාසනාව.

:       4       20

palitha Rathnayaka Thursday, 30 November 2023 11:41 AM

ඔබ මෙහෙනින්වහන්සේ ජීවිජීවිදාවබෝධය තේරුම්ගෙ පැවිදි ඌවාට ඔය මිහින්තලේ තෙර සිවුරක් පැලද තන්හාව ,වයිරය පොදිබැඳන් දේශපාලුවන්ගේන් වාසිතකා කඩේයනවා. ඔබ වහන්සේ උමන්දාවට යන්න ගොස් සාකච්චාකරන්න සිරිදම්ම තෙර සමග.

:       18       12

Chandana Mohotty Thursday, 30 November 2023 03:43 PM

කාමයන්ගේ ආස්වාදයට වැඩිය ආදීනවය මහා විශාල බැවින් ඒ බව උන්වහන්සේ තේරුම් ගෙන මහණ වෙන්න ඇති. අවාසනවකට මෙන් මහණ දම් පුරන බහුතරයක් භික්ෂුන් වහන්සේලා කාමයන් පසු පස ගොස් ගිහි ජිවිතය නැමැති රත් වුනු ගිනි වලට පනින්න හදන්නේ මොන මෝඩ කමකටද කියා මට තේරෙන්නේ නැත.

:       1       15

D.G.k.Dewmini Thursday, 30 November 2023 10:21 PM

භාග්‍යවතුන් වහන්සේ විද්‍යාත්මකව හෙළිකළ ධර්මය අවබෝධයෙන් සසරින් එතෙරවන මග යන මේ උත්තමාවියට නමස්කාර වේවා !

:       3       9

චතුරි Friday, 01 December 2023 07:08 AM

මහින්දරාජපක්ශට. පන්සල් ගිහින් වදින්නෙ නැතිව ඉන්න බැහැනෙ. පිරිත් නුලක් නැතිව කිසිම දවසක් අතේ. අඩුවක් නැහැ. පුත්තු තුන්දෙනව ලොකු පුටුවල ඉන්දන්න ම කල්පනා කරන්නෙ ඔය වදිනක්වැදිල්ලට. නාමල් බේබිව මහන කරන්න. තිබුනා. එහෙම වුනත්. නුවර මාලිගාවේ ලොකු හාමුෆ්හුරුවන්ගෙ තැන දෙන්න වෙයි මේලෝ සසරක් දන්නෙ නැති එකාට. සසර කලකිරෙන්නත් දියුනු මනසක් තියෙන්න ඕන. එහෙම කිසිම දෙයක් මුලු ප්ව්ලටම නැහැ. හොරාකන්න. විතරයි ෆ්හන්නෙ

:       6       10

Kasun Saturday, 02 December 2023 01:29 PM

ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් නිවනින් සැනසෙත්වා...!

:       2       9

බද්රානි Thursday, 07 December 2023 09:49 PM

අම්මෝ! මට නම් මෙහෙණින් වහන්සේ ගැන විශාල බියක් දැනෙනවා... ලංකාවේ අය ගැන නොදන්නවාද මන්දා..? වැඩිය එහෙමෙහෙ වැඩම නොකොට, දළදා සමිදුන් වැඳ පුදාගෙන හැකි ඉක්මනින් ආපසු සියරටට වැඩම කරන්න..අපේ මෑණියනේ!!!

:       3       6

ranasin Friday, 08 December 2023 04:27 PM

බුදුදහම ඔසවා පෙන්වීම සඳහා බොරු ප්‍රචාරය කිරීම නවත්වන්නේ කවදාද.? මැය විශ්ව රූ රැජින ලෙස තබා වියට්නාම් රූ රැජින ලෙස වත් කෙදිනක හෝ තේරිලා නැහැ.

:       10       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 338 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 261 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site