(බී.ජී. චතුරංග)
විජය පුවත්පත් සමාගම සංවිධානය කරන ලංකාදීප පොසොන් ආලෝක පූජාව 21 වැනි වරටත් මෙවර , ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේදී පොසොන් පොහොය යෙදුන අද (21) ආරම්භ කෙරිණි.
උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක , මහවිලච්චිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති , තන්තිරිමලේ රාජමහා විහාරාධිපති ,තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ , විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහත්වරු ආලෝක පූජාව විවෘත කලහ.
මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක , රුවන් විජයවර්ධන , ජනාධිපති උපදේශක සාගල රත්නායක , හිටපු අමාත්‍යවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන , පී හැරිසන් , පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් එක් වූහ.
ඉන් අනතුරුව දහම් පාසල් සිසුන් ඉදිරිපත් කරන බැති ගී සංදර්ශනය සහ එය අවසානයේදී එම සිසුන්ට වටිනා ත්‍යාග සහ සහතික පත් ලබා දීම මෙහිදී සිදු කෙරිණි.
තන්තිරිමලේ ආලෝක පූජාව හෙට (22) සහ ලබන (23) යන දිනවලදී ද පැවැත්වේ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලේ ඒකාලෝක වේ