IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බණ්ඩාරනායක 125 වැනි ජන්ම දිනය සමරයි

(යොහාන් භාසුර)

දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 125 වැනි ජන්ම දින සැමරුම් උත්සවය හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසළදී අද (8) පෙරවරුවේ පැවැත්විණි.

එහිදී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ දියණියන් දෙදෙනා වන චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේද්‍රා බණ්ඩාරනායක මහත්මීහූ බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අතර ඉන් අනතුරු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් පුෂ්පෝපහාර දැක්වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)  

 



අදහස් (6)

බණ්ඩාරනායක 125 වැනි ජන්ම දිනය සමරයි

Saubhaagyaa Monday, 08 January 2024 01:32 PM

අතීතයේ මහමුදළි තනතුරු දරා ඒවා නැතුව ගියාම ඉවසීමක් නැති නිසා මිනිස්සු රවටා බඩගෝස්තර දේශපාලනය සදහා පැය විසිහතරෙන් සිංහල රාජ්‍ය භාෂාව කර ජාතීන් අතර අසමගිය ඇතිකර අවුරුදු 30ක යුද්ධය සදහා මගපෑදූ මේ මිනිසා නිසා සිංහල දරුවන්ට ඉංග්‍රීසි ඉගැනීම නැතුව ගියා මෙහෙම කිව්වම මෝඩයෝ කියාවි සිංහල දරුවන්ට ඉහළ තැන්වලට යන්න පුළුවන් වුනා කියලා (ඒක හරියට ගසක් නැති රටේ තුත්තිරි ගහත් ගහක් කියනවා වගේ තමයි ) සිංහල රාජ්‍ය භාෂාව කරපු නිසා සිංහල මිනිසුන්ට සිංහල භාෂාව වත් හරියට දැනුමක් නැහැ.

:       7       24

Aravinda Monarawila Monday, 08 January 2024 01:45 PM

බණ්ඩාරනායක ප්‍රතිපත්ති මොනවද කියලා නොදන්න අය... බණ්ඩාරනායකව සමරනවා...!

:       3       11

Siri Monday, 08 January 2024 04:57 PM

ඒ ගොල්ලන්ට ලැජ්ජත් නෑ... අපට ලැජ්ජත් නෑ. ඔය ආව කීදෙනෙක් අනුන්ගේ උපකාරයෙන් යාන්තමට ඇවිද ගන්න අයද කියලා පෙනුනේ නැද්ද? ඉතින් කොහොමද රටක් ගොඩදාන්නේ? බණ්ඩාරනායක ප්‍රතිපත්ති රකින්න ප්‍රතිපත්තියක් තියෙන උන්දැලා වෙන්න එපායෑ.

:       2       5

ajith Monday, 08 January 2024 06:14 PM

ඒගොල්ලෝ මැරුණම දිවංගත වෙනවා. අනික් මිනිස්සු නිකම්ම මැරෙනවා.

:       1       4

Nirangi Monday, 08 January 2024 06:39 PM

ඔය සොහොනට හෙන වදිනවා නිතරම. රටට කරපු අපරාධ වලට වෙන්න ඇති.

:       0       6

පිටරැටියා Monday, 08 January 2024 06:41 PM

කලිසම් ෂූට් ගහලා, ඉංග්‍රීසි කතාකරපු කෙනා ලංකාවට ගිහින් කරපු වෙනස ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. බලතණ්හාවට කියපු කරපු දේවල් නිසා අන්තිමට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ද වුණා...!

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site