
( ටී.කේ.ජී.කපිල )
ප්‍රංශයේ පැවති ලෝක ශූරතා පැරා ඔලිම්පික් මළළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගෙන අද(19 ) කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .
මෙම තරගාවලිය 07 සිට 17 දින දක්වා ප්‍රංශයේ පැරිස් නුවර රටවල් 106 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .
මෙම තරගාවලියේ දී ටී.46 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිනේෂ් ප්‍රියන්ත සහ ටී.44 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් තරග කළ සමිත දුලාන් එම ඉසව් වලින් ලෝකඩ පදක්කම් දිනා ගෙන තිබුණි .
මොවුන් අද 19 දින උදෑසන 09.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ව්‍යාපෘති නිලධාරී ගාමිණී කොස්තා , ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති දීපාල් හේරත් ඇතුළු එම කමිටුවේ සාමාජිකයන් , ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා කමිටුවේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
2025 නොවැම්බර් මස 21
318
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
347
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1281
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පැරා ඔලිම්පික් ශූරයින් කටුනායකට