IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


නැකතට හිටවන්න අමරවීරගෙන් ලංකාදීපයට පැළයක්

(අංජුල මහික වීරරත්න)

සමස්ත ලංකාවම ආවරණය වන පරිදි ගෙවතු වගා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අප්‍රේල් 18 පෙරවරු 10.16ට යෙදී ඇති ජාතික  පැළ රෝපණය කිරීමේ නැකතට ඵලදායී පැලයක් රෝපණය  කරන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා කීය.

නැකතට පැළයක්- ජාතියට හුස්ම දෙන නැකත යන තේමාවෙන් ක්‍රියාත්මක රුක් රෝපණ වැඩසටහන යටතේ විජය පුවත්පත් සමාගමේ කාර්යමණ්ඩලයට පළතුරු පැළ බෙදා දීමේ අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රුක් රෝපණ නැකත අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට එක් කළේ තමා පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේදී බව කී අමරවීර මහතා ඉන්පසු අඛණ්ඩව මෙම වැඩසටහන පවත්වාගෙන පැමිණි බව කීය.

මෙම  වැඩ සටහන යටතේ  පැළ ලක්ෂ ගණනක් රෝපණය කළ බවත් දැන් ඒවා උස් මහත් වී ඵල දරන තත්ත්වයට පත් වී තිබෙන බවත් අමාත්‍යවරයා කීය.

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ   අධ්‍යක්ෂිකා ජී.ජී.වී ශ්‍යාමලී මහත්මිය පැළ සිටුවීමේ හා නඩත්තු කිරීමේ තාක්ෂණික  කරුණු පිළිබඳව පැහැදිලි කළාය.

හදබිම අධිකාරියේ සභාපති සරත් විතාන මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)

 



අදහස් (1)

නැකතට හිටවන්න අමරවීරගෙන් ලංකාදීපයට පැළයක්

මධුසංඛ Friday, 05 April 2024 05:58 AM

තෝරාගත් දේශපාලන හිතවතුන් පිරිසක් සදහා ඔය පැල දෙනවා ඇති නිසා අපිට නොලැබේවි පසුගිය කාලයේ ඔහොම බෙදාහැරීම කර සිටවූ පොල්පැල හරියාකාරව හිටෙව්වනම් මේ වනවිට ලංකාව පොල් වලින් ඉතාමත් සශ්‍රීක වෙන්න තිබුනා අපිට නම් ලැබුනත් නැතත් මොනවා හෝ පැලයක් අවුරුදු ආහාර අනුභවය වෙලාවට වැඩ ඇල්ලීම වෙනුවෙන් කරනවා.එතකොට බලන්න පුළුවන් මධ්‍යම රාත්‍රියේ සිටුවන පැලයක් වැඩෙන්නේ කොහොමද කියලා

:       1       1

ඔබේ අදහස් එවන්න

LD Events

අපිට නැති උන්ට ඇති කම්කරු දිනය
2024 මැයි මස 01 693 4

ලෝක කම්කරු දිනය යෙදී ඇති අද (1) දිනයේ ද විවේකයක් නොමැතිව සේවය කරන පිරිසක් බවට මාර්ග පිරිසිදු කරන කම්කරුවන් පත්ව සිටිති.


ලංකාදීප ප්‍රවෘත්ති කර්තෘ රංජන්ට සම්මානයක්
2024 අප්‍රේල් මස 30 458 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙලේ උසස් අධ්‍යාපන ආයතනයක් වන APAX Campus හි 2024 උපාධි ප්‍රදානෝත්සවයේ දී ලංකාදීප පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ රංජන් කස්තුරි මහතාට සම්මානය


ශ්‍රී සුමංගල නාහිමි ගුණ සමරා
2024 අප්‍රේල් මස 29 245 0

විද්‍යෝදය පිරිවෙනේ නිර්මාතෘ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ 113 වන ගුණ සමරු උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අද (29) පෙරවරුවේ පැව


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 1828 1

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


ලොව ප්‍රථම අගමැතිනිය සමරයි
2024 අප්‍රේල් මස 17 1250 0

ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වු දිවංගත සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ 108 වන ජන්ම දින සැමරුම් උපහාර උත්සවය කොළඹ, බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්ම


අවුරුද්දට ගමට යන්න කොළඹට මහ සෙනඟක්
2024 අප්‍රේල් මස 10 1000 1

කොළඹ සහ අවට ප්‍රදේශවල පදිංචිව සිටින සහ රැකියාවල ජනතාව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සිය ගම්බිම් බලා පිටටත්ව යෑමට මේ දිනවල කොළඹ කොටුව දුම්රිය ස්ථා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 429 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1654 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site