ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේපල කළමනාකාරණ හා තක්සේරු විද්‍යා (EMV) ආදි විද්‍යාර්තින්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද INVICTUS EMV Alumni Dinner and Fellowship මාර්තු 11 වැනි දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ Grand Ballroom හි දී පැවැත්විණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ දේපල කළමනාකරණ හා තක්සේරුකරණ අධයනාංශය සහ EMV ආදි විද්‍යාර්තින්ගේ සංගමය එක්ව විද්‍යාවේදී (ගෞරව) දේපල කළමනාකරණය සහ තක්සේරුකරණය උපාධි වැඩසටහනෙහි 50 වැනි සංවත්සරය සැමරීම සඳහා මෙම සුවිශේෂ උත්සවය සංවිධානය කරන ලදී.
විද්‍යාවේදි (ගෞරව) දේපල කළමනාකරණය සහ තක්සේරුකරණය උපාධි වැඩසටහන ශ්‍රී ලංකාවේ දේපල කළමනාකරණය සහ තක්සේරුකරණ අධ්‍යාපනය සඳහා ඇති ප්‍රමුඛතම සහ එකම උපාධිය ලෙස සැලකේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති මහාචාර්ය උපුල් සුබසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය පී.ඩී. නිමල්, දේපල කළමනාකරණ සහ තක්සේරු විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී සහ එහි ආදි විද්‍යාර්තීන්ගේ සංගමයේ වර්තමාන සභාපතිනී උපුලි පෙරේරා, රජයේ ප්‍රධාන තක්සේරුකරු පුෂ්පා මුතුකුමාරණ, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, ආචාර්ය මණ්ඩලය ඇතුළු ආදි විද්‍යාර්තීන් 300 ක් පමණ සහභාගී වූහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජ'පුර දේපල කළමනාකරණ හා තක්සේරුකරණ උපාධියේ 50 වසරක විශිෂ්ටත්වය සැමරෙයි