(දයාරත්න ඇඹෝගම)
ජාතික අලුත් සහල් මංගල්‍ය 57 වැනි වරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී අද (06) දින පෙරවරුවේ පැවැත්විණි.
සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ මෙම අලුත් සහල් මංගල්‍ය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් 57 වන වරට සංවිධානය කර තිබුණි.
දිවයිනේ නන් දෙසින් පැමිණි ගොවි ජනතාව අනුරාධපුර සිංහ කණුව අසල සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා පැමිණි අලුත් සහල් රැගත් පෙරහර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැලි මලුවට ගෙවැදිණි.
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් විසින් අලුත් සහලින් රන් පත්‍රය පිරවීම ආරම්භ කළ අතර, ඉන් අනතුරුව සියලු පළාත් ආවරණය වන පරිදි රැගෙන ආ සහල්වලින් රන් පාත්‍රය පිරවීම සිදු කෙරිණි. මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මැද රන් පාත්‍රය සහලින් පිරවීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජාතික අලුත් සහල් මංගල්‍ය 57 වැනි වරටත්
බද්රානි Saturday, 06 April 2024 01:24 PM
මේ ගෝත්‍රිකයින්ගේ පුහු සම්ප්‍රදාය හා සංදර්ශන වලින් නම් කිසිම අඩුවක් නැහැ... නිකරුනේ කාලය හා මුදල් නාස්ති කරමින් කරන මෙවැනි විගඩම් කරාට, ගොවියාට හෝ වගාවට හෝ මේ රටේ ජනතාවට සෙතක් වෙලා තියනවාද...? අඩුතරමේ කලට වෙලාවට වැස්සක්වත් වහිනවාද..? වගාවක් සාර්ථක වුනොත් ඒක සත්තු විනාශ කරනවා. ඔය කරන පිස්සු වැඩ නවත්වලා අඩුතරමේ ගොවියන් දහ දෙනෙකුට වත් වසරක් පාසා, ගොවි උපකරණ හෝ වෙනත් සහනාධාරයක් ලබා දුන්නා නම්, ඒක මේ රටටම ආශිර්වාදයක්... මට නම් මේ විකාර වැඩ දකිද්දීත් අප්‍රසන්නයි. බුද්ධිමත්ව වෙනස් විදිහට හිතන්න පුරුදු වෙන්න මිනිසුනේ...
පාඨකයෙක්Saturday, 06 April 2024 04:10 PM
අලුත් සහල් මංගල්‍යයට පෙර දින රාත්‍රියේ පැවැත්වුණු සර්ව රාත්‍රික පිරිත් දේශනාවට පෙර කෙරුණු ධර්‍ම දේශනාවට ඔබ සවන් දුන්නා නම්, ඔබ නගා ඇති තර්ක බොහෝමයකට පිළිතුරු දැනගැනීමට අවස්ථාව තිබුණි...!
JayasekaraWednesday, 10 April 2024 04:21 PM
ඔයිට වඩා අප්‍රසන්න වැඩේ මේ ලංකාවේ ඕනෑතරම් වෙනවා. මේවාට ගරහන්නේ නැතිව ඒවා ගැන අවධානයෙන් ඉන්න... ඒ ඇති...