IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


'අමු' ප්‍රසංගයෙන් යොවුන් රඟහල විචිත්‍රවත් වෙයි

මේ දිනවල නිතර කණට ඇහෙන කාගේත් තොල් අඟ මිමිණෙන ‘අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවේ‘ ‘පිට කවරේ’ අමු ගීතයෙන් තාරුණ්‍ය වසඟයට ගෙන සිටින සංජීව් ලොන්ලියන්ස්ගේ ‘අමු’ ගී ප්‍රසංගයක් පසුගියදා මහරගම තරුණ සේවාසභා ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.

සිලෝන් ලාගෝස් එන්ටටේයින්මන්ට් (Ceylon Lagos Entertainment)  ආයතනය සහ මහරගම තරුණ සේවා සභාවේ සහයෝගිතා අනුග්‍රහයෙන්  මෙය පැවැත්විණි.

සංගීත භාණ්ඩ පිරිවරාගත් ප්‍රසංග කලාවෙන් ඔබ්බට ගොස් තබ්ලාව හා ගිටාරය පමණක් භාවිතා කරමින්  අලංකාර භාවාත්මක නර්ථන විලාශයක් (Dancing Choreography )  භාවිතා කිරීම මෙම ප්‍රසංගය පුරා දක්නට ලැබුණු සුවිශේෂි  අංගයක් විය.

එමෙන්ම ගීයට පෙම් බඳින තාරුණයේ සිත් නවමු මානයකට ගෙන යාමට මෙම ‘අමු’ ප්‍රසංග කලාවට හැකිව ඇතැයි ප්‍රසංගය පුරාවට තිබූ ප්‍රේක්ෂක ප්‍රතිචාරයෙන් මනාව පසක් විය.

මෙහිදී  ප්‍රේක්ෂක රසික පිරිස මිළ දී ගත් ප්‍රවේශ පත්‍ර වල ආදායමෙන් මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීම ද නිල වශයෙන් එදින ප්‍රසංගය අතරතුර සිදු කිරීම සුවිශේෂි කරුණක් විය.

විශාල ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගීත්වයෙන්  පැවැත් වූ මෙම ප්‍රසංගයට කලා ලෝකයේ තරු රැසක් ද එක්ව සිටියහ.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ පසිඳු ගුණරත්න, හිටපු අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රවීන්ද්‍ර සමරවික්‍රම ,  අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර , ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ පාලන මනුල  චමල් පෙරේරා , ලේක් හවුස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දැන්වීම් චින්තක ප්‍රසන්න යාපා මහතා සහ සිලෝන් ලාගෝස් එන්ටටේයින්මන්ට් ආයතනයේ  සභාපති රන්ජන් නාරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 අපේක්ෂා රෝහලට අවශ්‍ය ඖෂධ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතාට  පරිත්‍යාග කරමින්

 



අදහස් (0)

'අමු' ප්‍රසංගයෙන් යොවුන් රඟහල විචිත්‍රවත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29786 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11972 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10886 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 740 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 222 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 873 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site