IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


’’මාධ්‍ය ඉදිරියේ කටඋත්තර ගත් නිලධාරීන්ට දඬුවම් නෑ’’

(ගයාන් සූරිය ආරච්චි)

ටැටූ හිමිකරුගෙන්  මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කල නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව කිසිදු විනය හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව  මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

අතුරුගිරියේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව දෙදෙනෙකු හැර මේ වන විට සියලු දෙනාම අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය. 

 බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ඔහුට අවවාද කර ඇති බවත් මින් මතුවට එවැනි වරදක් සිදු නොවීමට වගබලා ගන්නා බවට දැනුම් දී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

එම සිද්ධිය වූ අවස්ථාවේ ඇති වූ පීඩනය හේතුවෙන් එම වරද  සිදුවී තිබූ බව අමාත්‍යවරයා කීය.



අදහස් (11)

’’මාධ්‍ය ඉදිරියේ කටඋත්තර ගත් නිලධාරීන්ට දඬුවම් නෑ’’

Indhika Thursday, 18 July 2024 02:25 PM

මුගේ ප්ලෑන් එකක් පොලිසිය රන් කරලා තියෙන්නේ. ඉතින් කොහොමද දඩුවම් දෙන්නේ.

:       3       126

අරවින්ද මොනරවිල Thursday, 18 July 2024 02:26 PM

දඩුවම් කරන්නේ කොහොමද ? අපේ උපදෙස් අනූව නේ මිනිහා වැඩ කෙරුවේ. අපි හිතුවේ පොලිස් ටික් ටොක් එක නැගලා යයි කියලා නමුත් සිද්ධ උනේ අම්බානෙකට බැනුම් අහන්නයි.

:       3       118

Achi Thursday, 18 July 2024 02:43 PM

ඔවුන්ට තවමත් වෙඩික්කරුවන් සොයා ගැනීමට නොහැකි විය දේශපාලන බලපෑම් නිසා නොහැකියාව

:       0       22

don Thursday, 18 July 2024 03:45 PM

මෙයාලා ළඟ එන චන්දෙට කුඩු රජවරුන් ,පාතාලෙන් සල්ලි ඉල්ලනවා .දෙන්නේ නැති උන්ව අල්ලනවා මරනවා.එච්චරයි කතාව .මේක තමයි මගේ මතය

:       2       42

sachith Thursday, 18 July 2024 04:20 PM

ඉස්සර පොලිස් කොලම කියලා නාට්‍ය චරිතයක් තිබ්බට ,මේ වගේ රටේම පොලිස් කොලමක් කියලානම් හිතුවේ නෑ

:       2       41

Prabha Thursday, 18 July 2024 04:43 PM

එයාලා මෙයාලා ඔක්කොම කරන්නේ බොරු රඟපෑම්

:       1       37

Rata Perata Thursday, 18 July 2024 04:57 PM

මේ වගේ කිසිම මොළයක් නැති, මිනිස්සු ගොන්නු කියලා හිතාගෙන කට අරින අය තව දුරටත් තියාගන්න ඕනෑ නම් රනිල්ට හරි මහින්දට හරි ඡන්දෙ දෙන්න. එච්චරයි. මේ පාර හරියට තීන්දු ගත්තේ නැතිනම් රට ගැන, රටේ අනාගත පරම්පරාව ගැන තියෙන ආදරය අත්හැර ගන්න.

:       3       29

නලින් Thursday, 18 July 2024 05:11 PM

පොලිස් නාට්‍ය හා රංග කලා කොට්ඨාශය පිහිටෙව්වා නම් අගෙයි.

:       2       24

Swene Haputhantirige Thursday, 18 July 2024 06:57 PM

අඩු ගානේ නිදහසට කරුණු විමසා ලිපියක් යැව්වාද? එයට ලිඛිත පිළිතුරු ලැබුණාද? ඉන් අනතුරුව නොවේද අවවාද හෝ කළ යුත්තේ... එය තදින් අවවාද කිරීමක්ද? සිල්ලර ක්‍රමයට මෙවැනි වැරැදි විසඳන්න පුළුවන්ද?

:       1       19

Manjula Thursday, 18 July 2024 09:05 PM

පත්කරමු.. පත් කරමු, අයේම අපේ අප්පලා ටිකම....!

:       0       0

de silva Friday, 19 July 2024 09:56 AM

ඇමතිැතුමා කියන ආකාරයට අදාල සිධියට සම්න්ධ නියෝජ්‍ය පොලිස්පතිට කොහොමද පීඩනයක් ඇතිවෙන්නේ ? මිනීමරුවෝ හොයන්න කියල ජනතාව පොලිසිය වටකොට උද්ගෝෂණ කලෙත් නැහැ , පෙළපාලි ගියෙත් නැහැ , පීඩනය ඇතිවුනේ වීඩියෝ පටිය මධ්‍යගත වුනාට පස්සේ .

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site