(යොහාන් භාසුර)
බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගෙන් ලිඛිත එකඟතාවයක් ලැබුණු පසු ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තිය සමිති ගෙනයන අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවන බව ලංවිම නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා අද (14) පැවසීය.
විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති කිහිපයක් කොළඹ දී අද(14) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක දී ප්‍රභාත් ප්‍රියන්ත මහතා එසේ පැවසීය.
ගැටලුසහගත තත්වය නිරාකරණය කර ගැනීම සඳහා ලංවිම වෘත්තිය සමිති ඉදිරිපත් කළ යෝජනා විසිහතරටම බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පෙරේදා පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළකළ බවත් එම එකඟතාවය ලිඛිතව ලබාදෙන ලෙස අමාත්‍යවරයාට වෘත්තීය සමති පැහැදිලිව ප්‍රකාශ කළ බවත් ප්‍රියන්ත මහතා කීය.
එම සාකච්ඡාවේ එකඟතාවයන් ලිඛිතව ලැබුණු වහාම දැනට ක්‍රියාත්මක කරන වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවන බවද ප්‍රියන්ත මහතා සඳහන් කළේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
’’බලශක්තිය ඇමැතිවරයාගෙන් ලිඛිත එකඟතාවයක් ඕනේ’’