
(අංජුල මහික වීරරත්න)
ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීව ඉන්දියා සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසයක් බදාදා (5) ස්ථාන පහකදී පැවැත්වීමට නියමිතව ඇති හෙයින් එදින සුනාමි ගැන අනියත බියක් ඇති කර නොගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
යුනෙස්කෝ නිල මාර්ගෝපදේශ යටතේ පවත්වනු ලබන මෙම පෙරහුරුව විශේෂ අභ්‍යාසයක් පමණක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
අභ්‍යාස කාලයේ සැබෑ සුනාමි තත්ත්වයක් ඇති වුවහොත් ප්‍රායෝගික පුහුණු වැඩසටහන වහාම නතර කරන බවත් එවැනි තත්ත්වයක් යටතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ස්ථාපිත ජාතික ප්‍රොටකෝල සහ ක්‍රියා පරිපාටි වලට අනුකූලව නිල ජාතික සුනාමි අනතුරු ඇඟවිමේ ප්‍රතිචාර යන්ත්‍රයන් වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර ජනතාව ක්ෂණිකව ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීමට කටයුතු කරන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ප්‍රායෝගික පෙරහුරු වැඩසටහන සඳහා මඩකලපුව, යාපනය, ගාල්ල සහ කළුතර වෙරළ බඩ දිස්ත්‍රික්ක වල තෝරාගත් ග්‍රාම නිලධාරී කොට්ඨාශ පහක් ඇතුළත් වේ. ප්‍රධාන ජාතික පෙරහුරු අභ්‍යාසය කළුතර දිස්ත්‍රික්කයේ පෙරවරු 8:30 ට ආරම්භ වේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, පළාත් පාලන ආයතන, පාසල්, හෝටල් ඇතුළු පාර්ශවකාර ආයතන පෙරහුරු අභ්‍යාසය සඳහා සහභාගී වේ.
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
’’බදාදා සුනාමි පෙරහුරුවක්’’