IMG-LOGO

’’ඕන තරම් අඬන්න- තැබූ පියවර ආපසු හරවන්නේ නෑ’’

(අංජුල මහික වීරරත්න)

නීතිය සැමට සමාන අයුරින් ක්‍රියාත්මක කරන්නට තැබූ පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික භික්‍ෂු දින උත්සවය අමතමින් පැවසීය.

"ඕන තරම් කෑ ගහන්න, අඬන්න,වැලපෙන්න පුළුවන්. ඒත් තැබූ පියවර ආපසු හරවන්නේ නැතැයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

භාණ්ඩාගාරයට පැමිණිය යුතු ධනය ඇමතිවරුන්ගේ ගෙවල් වලට ගලා ගෙන යාමට  අතුරු පාරවල් හදාගෙන සිටි බව කී ජනාධිපතිවරයා එලෙස මහජන ධනය අයුතු ලෙස උපයාගෙන තිබෙනවා නම් යළි පවරා ගෙන වැරදිකරුවන්ට  දඩුවම් නියම කරන බව සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ දී  මෙම උත්සවය පැවැත්විණි.

 



අදහස් (9)

’’ඕන තරම් අඬන්න- තැබූ පියවර ආපසු හරවන්නේ නෑ’’

ඇත්ත Tuesday, 26 August 2025 06:37 PM

ඔබ නිවැරදියි ජනතාව ඔබ සමගයි...

:       16       67

ජිල්බු Tuesday, 26 August 2025 06:50 PM

ඒ උනාට තාමත් වහල්කම් කරන්න රටේ වංචා වෙනවට කැමති මම වගේ පිරිසකුත් ඉන්නවා. අපි ඔය සිස්ටම් චේන්ජ් එකට කැමති නෑ. අපිට තියෙන 'සිස්ටර්න්' එක හොඳයි.

:       12       37

යෝගා Tuesday, 26 August 2025 06:58 PM

රනිල්ට විරුද්ධව බරපතල චෝදනා තියෙනවා. ඒ වගේම මාලිමා ඇමතිලාට විරුද්ධවත් බරපතල චෝදනා තියෙනවා. නීතිය සැමට සමාන නම් ඒ සියල්ලට නඩු දාන්න. කවුරුවත් අඬන එකක් නෑ. ඒත් මේ වගේ ප්‍රායෝගික නැති මෝඩ චෝදනා දැක්කාම ආණ්ඩුව ගැන ඇත්තටම දුක හිතිලා ජනතාව අඬනවා.

:       10       13

සුදු ඇඳගෙන කලු ඇවිදින් Tuesday, 26 August 2025 07:01 PM

කාගෙවත් පදේට නටන්න එපා. දැනටමත් ඔබතුමා ඇතුළු ජේ.වී.පී එක විශාල අවධානමක. මොකද අවසානයේ ජාවාරම්කරුවන් එකතු වෙයි.රට පස්සට යයි.

:       12       44

පන්සිළු Tuesday, 26 August 2025 07:01 PM

නිවැරදි දේ සඳහා රටේ නීතියට අනුව වැඩ කිරීම ගැන කිසිවෙක් දොස් නගන්නේ නැත. ඒත් පැලවත්තෙන් එන දේවලට නීතිය නවා වැඩකට නැති දේවල් වලින් රටට වැඩක් කළ නායකයින්ගෙන් පළිගන්න හදන තැනදී ටිකක් කල්පනාකාරී විය යුතුයි. ඔය උද්ධච්චකම ඒ තරම් සුබ නැත.

:       12       8

FAIROOS Tuesday, 26 August 2025 07:22 PM

ජයවේවා ... ඔහොම යමු.

:       2       12

යෝගා Tuesday, 26 August 2025 07:23 PM

කන්ටේනර්, හොර ඔප්පු, ගල් අඟුරු මතක නෑ? ඩිමෙන්ෂියාවත්ද කියලා අඬන්න හිතෙනවා...

:       10       10

රනේ Tuesday, 26 August 2025 08:07 PM

මාර පරාජය සිදු කිරීම වගේ ඉවසීමෙන් කටයුතු කරමු. රටේ සාතිශය බහුතරයක් ඔබ සමගයි.

:       3       10

බද්රානි Tuesday, 26 August 2025 08:44 PM

සත්තු, සරපයි, හා බල්ලෝ සමග ලගින මැක්කෝ කෑමොර දුන්නයි කියලා ඔබතුමා අවංකව යන මේ ගමන නවත්වන්න එපා.. මේ රටේ ජනතාව ඔබ තුමාට ඡන්දය දුන්නේ, බඩු මිල අඩුකරවාගෙන අපේ බඩවල් පුරවා ගන්න නෙවෙයි... මේ කම්බා හොරුන්ගෙන් මේ රට ගලවා ගන්නට සහ මේ හොර දේශපාලන කල්ලි මත යැපෙන අධම අශිෂ්ඨ රැලෙන් මේ මාතෘභූමිය ගලවා ගන්නයි... නමුත්, ස්වාධීන යුක්ති ගරුක අපි, ඔබගේ වත් නිවට වහල්ලු නොවෙයි. ජයෙන් ජයම වේවා!!

:       3       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 13923 4
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 378 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 235 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site