(රෝෂන් තුෂාර)
"ඉන්දීය විජිතකරණයට එරෙහිව" යන මැයෙන්පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අයත් ජන අරගල ව්‍යාපාරය අද(20) සවස කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී සංවිධානය කරන උද්ඝෝෂණ ව්‍යාපාරය සහ පාගමන වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (20)ප්‍රතික්ෂේප කළේය.
මෙරට උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබා දී ඇති අයිතිවාසිකම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති මගින් වාරණයට ලක් කළ නොහැකි බව සිය තීන්දුව ලබාදෙමින් මහේස්ත්‍රත්වරයා පෙන්වා දුන්නේය.
භාෂනයේ නිදහස, රැස්වීමේ නිදහස ඇතුළුආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14වන ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයේ නියෝගයක් අධිකරණයට නිකුත් කළ නොහැකි බවත්,පා ගමන හෝ උද්ඝෝෂණය වැළැක්වීමට ප්‍රමාණවත් කරුණු අධිකරණය ඉදිරියේ නොමැති බවත් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
මෙම උද්ඝෝෂණය තුළින් පීඩාකාරී තත්ත්වයක් ඇතිවන බවට හෝ එය වැළැක්වීමට හදිසි අවශ්‍යතාවයක් ඇති බවට කරුණු ඉදිරිපත්ව නොමැති බවද සඳහන් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියානු රෝ රහස් ඔත්තු සේවයේ මෙහෙයුමකට අනුව ජවිපෙ බෙදා වෙන් කර අඩපණ කිරීමේ කුමණ්ත්‍රණයට හවුල් වුනු කුමාර් මහත්තයා ඇතුළු පිරිසකගේ පාවාදීමෙන් බිහි වූ පෙරටුගාමීන් ඉන්දියානු විජිතකරණයක් ගැන කතා කිරීම මොන විහිළුවක් ද?
රටේ තියෙන ඇමීබා ක්ෂුද්‍ර ප්‍රශ්නයක් අල්ලාගෙන නිතරම මොවුන් කරන්නේ ලොකුම ප්‍රශ්න වහන එක. එක කාලෙක ඕක හැම වාමාංශික පක්ෂේකම මාතෘකාව. නමුත් හුඟක් අය, දැන් ඒ හණමිටි ප්‍රශ්නේ අමතක කරලා. කලාපීය වගේම ගෝලීය, දේශපාලනික ව්‍යුහය එක්ක පරිණාමය වෙනවා. ඒ පරිණාමය තේරුම් ගන්න මොවුන්ට බෑ. මොවුන් දණගාන්න පටන් ගත්තොත් මැරෙන්කල්ම දණගානවා. නැගිටුවන්න කාටවත් බෑ...
තක්කඩි රැලට එරෙහිව සටන ගෙනයා යුතුයි. රනිලා රටේ සේරම භුමිය ඇතුළු අනගි සම්පත් සියල්ලම ඉන්දියාවට ලිව්වොත් නුදුරේදීම සිකිම් ප්‍රාන්තයට වෙච්චි විනාශය හෙට අපිට වෙන්න පුළුවන්. අද සිකිම් රාජ්‍ය ඉන්දියාවේ ප්‍රාන්තයක් මේවා නොදන්න රනිල් වාදීන් කියන්නේ වෙළඳපොළ ආර්ථිකය.. වෙළෙඳ පොළ කියලා ඉන්දියාව එන්නේ ආක්‍රමාණයේ වෙනත් මුහුණු වරකින් බව ඔවුන්ට තේරෙන්නේ නැහැ. එහෙම තේරුම් ගන්න තරම් ඔවුන් කරුණු කාරණා දන්නෙත් නැහැ..
ජෙප්පොත් ඉන්දියාවේ ඔඩොක්කුවට වැටුණු එකේ ඉන්දියන් විරෝධය ඉදිරියට ගෙනියන්න කවුරුහරි ඉන්න එපායැ
ඇයි ''චීන විජිතකරණයට'' විරුද්ධව කවුරුවත් පා ගමන් නොයන්නේ?