IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


’’ඉන්දීය විජිතකරණයට එරෙහිව’’ පාගමනට ඉල්ලූ තහනම ඉවතට

(රෝෂන් තුෂාර)

"ඉන්දීය විජිතකරණයට එරෙහිව" යන මැයෙන්පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අයත් ජන අරගල ව්‍යාපාරය අද(20) සවස කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී  සංවිධානය කරන උද්ඝෝෂණ ව්‍යාපාරය සහ පාගමන වළක්වමින්  තහනම් නියෝගයක් නිකුත් කරන්නයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (20)ප්‍රතික්ෂේප කළේය.


මෙරට උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබා දී ඇති අයිතිවාසිකම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති මගින් වාරණයට ලක් කළ නොහැකි බව සිය තීන්දුව ලබාදෙමින් මහේස්ත්‍රත්වරයා පෙන්වා දුන්නේය.


භාෂනයේ නිදහස, රැස්වීමේ නිදහස ඇතුළුආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14වන ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයේ නියෝගයක් අධිකරණයට නිකුත් කළ නොහැකි බවත්,පා ගමන හෝ උද්ඝෝෂණය වැළැක්වීමට ප්‍රමාණවත් කරුණු අධිකරණය ඉදිරියේ නොමැති බවත් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.


මෙම උද්ඝෝෂණය තුළින් පීඩාකාරී තත්ත්වයක් ඇතිවන බවට හෝ එය වැළැක්වීමට හදිසි අවශ්‍යතාවයක් ඇති බවට කරුණු ඉදිරිපත්ව නොමැති බවද සඳහන් කෙරිණි.



අදහස් (6)

’’ඉන්දීය විජිතකරණයට එරෙහිව’’ පාගමනට ඉල්ලූ තහනම ඉවතට

Dr. Vajira Fernando Wednesday, 20 March 2024 11:58 AM

ඉන්දියානු රෝ රහස් ඔත්තු සේවයේ මෙහෙයුමකට අනුව ජවිපෙ බෙදා වෙන් කර අඩපණ කිරීමේ කුමණ්ත්‍රණයට හවුල් වුනු කුමාර් මහත්තයා ඇතුළු පිරිසකගේ පාවාදීමෙන් බිහි වූ පෙරටුගාමීන් ඉන්දියානු විජිතකරණයක් ගැන කතා කිරීම මොන විහිළුවක් ද​?

:       7       7

Menaka Wednesday, 20 March 2024 02:36 PM

ජවිපෙ බෙදා වෙන් කරේ කුමාර් නෙමෙයි අනුර කුමාර. එයා කලේ ජවිපෙ ඇතුලේ තමන්ට තර්ජනයක් විය හැකි දක්ෂ සහ ජනප්‍රිය සියලු දෙනාට පක්ෂෙන් යන තැනට වැඩ සිද්ධ කරපු එක . අනුර ප්‍රමුඛ කල්ලිය දැන් කරන්නේ දේශපාලනය නෙමෙයි බිස්නස් එකක්. රනිල් , මහින්ද ආදී හැමෝම එක්ක ඩීල් දාපු අනුර දැන් ඉන්දියාව එක්ක ඉන්දියන් විරෝධය නැති කරන්න ඩීල් එකක් දාලා තියෙන්නේ

:       5       9

Muthu Wednesday, 20 March 2024 12:42 PM

රටේ තියෙන ඇමීබා ක්ෂුද්‍ර ප්‍රශ්නයක් අල්ලාගෙන නිතරම මොවුන් කරන්නේ ලොකුම ප්‍රශ්න වහන එක. එක කාලෙක ඕක හැම වාමාංශික පක්ෂේකම මාතෘකාව. නමුත් හුඟක් අය, දැන් ඒ හණමිටි ප්‍රශ්නේ අමතක කරලා. කලාපීය වගේම ගෝලීය, දේශපාලනික ව්‍යුහය එක්ක පරිණාමය වෙනවා. ඒ පරිණාමය තේරුම් ගන්න මොවුන්ට බෑ. මොවුන් දණගාන්න පටන් ගත්තොත් මැරෙන්කල්ම දණගානවා. නැගිටුවන්න කාටවත් බෑ...

:       2       7

Athula Wednesday, 20 March 2024 01:38 PM

තක්කඩි රැලට එරෙහිව සටන ගෙනයා යුතුයි. රනිලා රටේ සේරම භුමිය ඇතුළු අනගි සම්පත් සියල්ලම ඉන්දියාවට ලිව්වොත් නුදුරේදීම සිකිම් ප්‍රාන්තයට වෙච්චි විනාශය හෙට අපිට වෙන්න පුළුවන්. අද සිකිම් රාජ්‍ය ඉන්දියාවේ ප්‍රාන්තයක් මේවා නොදන්න රනිල් වාදීන් කියන්නේ වෙළඳපොළ ආර්ථිකය.. වෙළෙඳ පොළ කියලා ඉන්දියාව එන්නේ ආක්‍රමාණයේ වෙනත් මුහුණු වරකින් බව ඔවුන්ට තේරෙන්නේ නැහැ. එහෙම තේරුම් ගන්න තරම් ඔවුන් කරුණු කාරණා දන්නෙත් නැහැ..

:       1       15

Amila Wednesday, 20 March 2024 02:19 PM

ජෙප්පොත් ඉන්දියාවේ ඔඩොක්කුවට වැටුණු එකේ ඉන්දියන් විරෝධය ඉදිරියට ගෙනියන්න කවුරුහරි ඉන්න එපායැ

:       4       11

ලුම්බිණි Thursday, 21 March 2024 07:02 AM

ඇයි ''චීන විජිතකරණයට'' විරුද්ධව කවුරුවත් පා ගමන් නොයන්නේ?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32322 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14831 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 88 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 370 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1296 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site