(යොහාන් භාසුර)

පුනර්ජනනීය බලශක්ති දායකත්වය වැඩිකිරීමෙන් සහ ජල විදුලිය නිෂ්පාදනය කාර්යක්ෂම කිරීම තුළින් විදුලි ජනන වියදම අඩුකිරීමෙන් ඉදිරියේදී විදුලිබිල අඩුකිරීමේ සැලැස්මක් ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (15) පැවසීය.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලට සමගාමීව ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යාම තෝරාගත් සේවකයන්ට මූල්‍ය වන්දි ලබාදීම වෙනුවෙන් දෙහිවලදී අද (15) පැවැති උත්සවයේදී අමාත්‍යවරයා එසේ පැවසීය.

විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අනුව ස්වේච්ඡාවෙන් විශ්‍රාම ලැබූ ලංවිම සේවකයන් 1,898 දෙනෙකු මෙහිදී වන්දි පිරිනැමීය.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බලාපොරොත්තු වු ප්‍රධාන කරුණු කීපයකින් එකක් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම බවත් ඒ අනුව පාරිභෝගිකයාට උසස් සේවයක් දෙන ආයතන බවට අළුතින් පිහිටුවන ආයතන පත් කරමින් ප්‍රතිව්‍යුහගතකරණයෙදී රටේ ජනතාවට දුන් පොරොන්දුව ඉෂ්ඨ කරන බවත් අමාත්‍යවරයා කීය.  

මෙම අවසථාවට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.