(මල්මි පබසරා)

ආඝාතය රෝගී තත්වය හේතුවෙන් වාර්ෂිකව රෝගීන් හැට දහසක් පමණ රජයේ රෝහල්වලට ඇතුලත්වන බවත් ඉන් රෝගීන් හාරදහසක් පමණ මිය යන බව ශ්‍රි ලංකා ආඝාත සංගමයේ සභාපති  ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා පවසයි.

එය සමජයේ පුරවැසියන්ගෙන් සියයට විසි පහකට ආසන්න ප්‍රමාණයක් බවද හෙතෙම පැවසීය.

මොළයට සපයන රුධිර සැපයුම අඩපන වු විට මෙම රෝගය සැදෙන බව ඔහු පැවසිය.

දැනට පවතින දත්ත අනුව වැඩිහිටි ජනගනයෙන් දහසක් අතුරින් දහ දෙනෙකු මෙම රෝගයට ගොදුරුවන බවත් එය කොළඹ දිස්ත්‍රක්කයේ වැඩිහිටියන් දහසක් අතුරින් දාසය දෙනෙකුට ඇති බවට නිගමනය කළ හැකි බව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේ ය.‍

කට පැත්තට යාම,එක අතක් එසවීමට නොහැකි වීම,කතාවේ වෙනසක් ඇති බව,සමතුලිකතාවය ගිලිහීම,හා පෙනීමේ වෙනසක් ඇති වීම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ බව ගාමිණී පතිරණ මහතා පැවසීය

රෝගීන් මිය යෑම අතින් ගත්විට බොහෝ රටවල මෙම රෝගය දෙවෙනි තුන්වෙනි හෝ හතවෙනි ස්ථාන ගන්නා බව ඔහු පැවසීය.

පාලනයෙන් තොර අධි රුධිර පීඩනය,පාලනයෙන් තොර දිය වැඩියාව, පාලනයෙන් තොර කොලොස්ට්‍රෝල් වැඩි වීම, දුම් පානය ,ස්ථුලතාවය,ආතතිය හා ආඝාතය ගැන නොදැනුවත් කම යන කාරණා  මෙම රෝගය වළක්වා ගැනීමට සියයට අනූවක්ම හේතු වන බව ඔහු පෙන්වා දුන්නේ ය.

මෙම රෝගය පිළිබදව  දැනුවත් වීම මගින් වළකාගත හැකි බවත් රෝග ලක්ෂණ ඇති උවහොත් වහාම ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට මහජනයාට විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේ ය.