
(සුජිත් හේවාජුලිගේ)
අවශ්‍ය මොහොතේදී රට වෙනුවෙන් ඕනෑම භාරදූර අභියෝගයක් භාරගැනීමට සූදානම් බව සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි
මන්ත්‍රීවරයාගේ සම්පූර්ණ සටහන පහත දැක්වේ.
මගේ පවුලේ කිසිවෙක් දේශපාලනයට සම්බන්ධ නෑ. තරුණ වයසේදී මගේ හිතේ රට ගැන කැක්කුමක් ඇතිවුණා. මගේ රටත් දවසක ලෝකයේ දියුණු රටක් විය යුතුයි. ඒ සඳහා මා කැපවිය යුතුයි යන හැඟීමයි මා දේශපාලනයට තල්ලු කළේ. අදටත් ඒ හැඟීම එලෙසමයි.
දවසක ඒ බලාපොරොත්තුව ඉටුකර ගන්නයි මා වැඩකරන්නේ. ඒ නිසා, මම පටු දේශපාලන වාසි බලාගෙන කිසිදු දේශපාලන තීරණයක් ගන්නෙ නෑ. මා මධ්‍ය දක්ෂිණාංශික කඳවුරෙන් යවන්න සමහරුන්ට වුවමනාවක් තියන බවක් පේනවා. ඒක කවදාවත් වෙන්නෙ නෑ.
එම කඳවුරට දිනෙක නායකත්වය ලබාදීම දක්වා මගේ දේශපාලනය අනිවාර්යෙන්ම ඉදිරියට ඇදෙනවා. මේ ආණ්ඩුව අසාර්ථකයි. දූරදර්ශී ආර්ථික දැක්මක් මේ ආණ්ඩුවට නැතිබව පැහැදිලියි. ලෝකයට විවෘත නොවුණු වකුටු වූ අදහස් වලින් මේ ආණ්ඩුවට මේ රට හදන්න බෑ. ඒක අනාගතයේදී තව තවත් පැහැදිලි වේවි.
මේ ආණ්ඩුවට මම යන්නෙ නෑ. කවදාවත් එවැනි සාකච්ඡාවක් කරලත් නෑ. සමගි ජන බලවේගය තුළ ප්‍රශ්නයක් නිර්මාණය කිරීමටත් යම් පිරිසකට වුවමනා වී තිබෙන බවත් මෙම ප්‍රචාරණ වලින් පේනවා.
ආර්ථික සමෘද්ධියෙන් යුතු දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් මේ ආණ්ඩුවට එරෙහි සටන මා ඉදිරියේදී වැඩි කරනවා. ඒ සෑම දෙයකටම විරුද්ධ වෙමින් නෙවෙයි. හොඳ දෙයට හොඳයි කියන දියුණු දේශපාලන සංස්කෘතිය ඉදිරියට ගෙන යමින්.
ඒ වගේම අවශ්‍ය මොහොතේදී රට වෙනුවෙන් ඕනෑම භාරදූර අභියෝගයක් භාරගැනීමට මා සූදානම් බවත් මා අවධාරණය කරනවා. රටට අලුත් යුගයක් අවශ්‍යයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දැන් තීරණයක් ගන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. තේරුමක් නැති පක්ෂ වටා ගොනු වෙන්නේ නැතුව රටට වැඩක් කිරීමේ කාලය ඇවිල්ලා. තවත් ප්‍රමාද නොවන්න..
ඔබ මොකක්ද මේ නටන නාඩගම, කවුද කිව්වෙ ඔබට රජයට එක්වෙන්න කියල, මේ ඔබ උපකල්පනය කරන මනන්කල්පිත හැගිමක්, ජ ජ බ වේගයට සැලුන් දොරවල් නැ, ඔබට මතකද සරත් ෆොන්සේක මහත්තය, රංජන් රාමනායක, කමල් අද්දර ආරච්චි වැනි ජනතා ආකර්ශනය ඇති අය කොතරමි උත්සහකලාද ජ ජ බ එකතුවන්න , නමුත් ඔවුන්ට ඇතුලට එන්න වරම් ලැබුනෙ නැ, ජ ජ බ වෙිගයෙ තියෙන විනය මෙරට බිහිවු කිසිම පක්ෂයක නැ, එයයි තිත්ත ඇත්ත
පාර්ලිමේන්තුවේ රටේ පාලනය කළ අය මේ රටට තවත් කෙළිය මූලික තත්ත්වයක් තබා දීලා, ගොඩනැගිලි සහ සම්පත් විනාශ වුණා කියලා කියනවා. ඒ කළ දේවල්වල ප්‍රතිඵල විතරයි මේ මතුවෙන්නේ. මේ රාජ්‍යයේ කෙටි කාලයක් තුළ මූණු දුන් අභියෝග බරපතළයි. නමුත් අපිට තවදුරටත් ඉවසගෙන මේ දුක් විඳින්න සිද්ධ වෙනවා.
ඔබගේ දැනුම,දේෂපාලන අත්දැකීම් රටවෙනුවෙන් සුවසැරිය වගේ ව්‍යාපෘති වලට දුන් නායකත්වය අගයකල යුතුයි. ඒ වුනාට දේෂපාලන අධිකාරියට යටවෙලා වැරදි දේට ෆුට්නෝට් දැමීම නම් වැරදියි.
ජගත් ලියනගේ මිනිහට තීරණයක් ගන්න කොහෙන් හරි අාරාධනාවක් තියෙන්න එපැයි, ඔය මිනිහගෙ උපකල්පන.