IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


’’ විනිසුරු පත් කිරීමෙිදී පැටිකිරිය හොයන්න’’

(අංජුල මහික වීරරත්න)

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අභියාචනාධිකරණයේ සභාපති ඇතුළු විනිසුරුවරුන් පත් කිරීමේ දී එම විනිසුරුවරුන්ගේ ක්‍රියා කලාපය පරීක්ෂා කළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට ලිපියකින් දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කරන යෝජනා අනුව සිදු වන පත් කිරීම්වලට අදාලව මෙම ලිපිය යොමු කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අගවිනිසුරුවරයාට යොමු කරන ලද ලිපියෙන් තවදුරටත් දක්වන්නේ නව පත් කිරීම් ලබන විනිසුරුවරුන් පසුගිය වසර කිහිපය ඇතුලත ලබා දුන් විනිශ්චයන් සංඛ්‍යාව සහ අදාල විනිසුරුවරයාගේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බවයි.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරන ලද අදාල විනිසුරුවරුන්ගේ විනිශ්චයන් සංඛ්‍යාව සහ ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නිරීක්ෂණ පිළිබඳවත් අදාල විනිසුරුවරයාගේ හැසිරීම සහ ඔහු නීතිමය අධිකරණ විද්‍යාවේ දියුණුව සඳහා කිසියම් කැපී පෙනෙන දායකත්වයක් ලබා දීම යනාදී කරුණු සම්බන්ධයෙන් විමසා බැලිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අගවිනිසුරුවරයාට යැවූ ලිපියේ දක්වා තිබේ.

 



අදහස් (5)

’’ විනිසුරු පත් කිරීමෙිදී පැටිකිරිය හොයන්න’’

Nimal Sunday, 19 November 2023 04:03 PM

කළින් එහෙම නෙවෙයිද ගත්තේ?

:       0       15

ravin Sunday, 19 November 2023 05:41 PM

ඔය විදිහට ස්වයං විගණනයක් කරලා අනිකුත් උසස් නිලතල වලටත් පත්වීම් ලබාදුන්නොත් ටිකක් හරි රට හොඳ අතට හැරේවි. කිසියම්ම දූෂිත ක්‍රියාවකට සම්බන්ධ අයෙකුව මොන බලපෑම් තිබුණත් උසස් නිලතලවලට පත්කරන්න එපා...

:       1       18

Bamunuarachchi Sunday, 19 November 2023 07:29 PM

ඉස්සර පොලිස් රාජකාරියට ගන්නත් පැටිගිරිය හෙව්වා.

:       0       2

Bamunuarachchi Sunday, 19 November 2023 07:33 PM

විනිසුරු රාජකාරියට ගැනීමේදී පැටිගිරිය සෙවීම විනිසුරු කාර්යට කරන ගෞරවයක්‌.

:       0       4

C.K.Lankaputhra Monday, 20 November 2023 11:58 AM

හැබැයි මැති ඇමැතිවරු පත් කරන්නේ පැටිකිරිය හොයලා නෙවෙයි. කොහොමද ඒක...?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1223 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 445 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site