(ටී.කේ.ජී.කපිල)

පළමු වරට තායිලන්තයේ පැවැත්වෙන " මිස් ග්‍රෑන්ඩ් ඕල් ස්ටාර්ස් " ( Miss Grand All Stars ) ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සදහා ටිෂානි පෙරේරා මෙනෙවිය අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තය බලා පිටත්ව ගියාය .

ලෝකයේ මෙතෙක් පැවති මිස් ග්‍රෑන්ඩ් ( Miss Grand ) , මිස් යුනිවර්ස් ( Miss Universe ) , මිස් වර්ඩ් ( Miss World ) වැනි ප්‍රධානතම රූ රැජින තරගාවලියන් වල ජයග්‍රාහිකාවන් පමණක් මෙම තරගාවලියට සහභාගී වන අතර , ශ්‍රී ලංකාවේ ටිෂානි පෙරේරා ඉකුත් 2025 වසරේ මිස් ග්‍රෑන්ඩ් රූ රැජින තරගාවලියේ ජයග්‍රාහිකාව විය .

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 80 ක ජයග්‍රාහී රූ රැජිනියන් පමණක් සහභාගී වන අතර , මෙම තරගාවලිය එළඹෙන 16 දින සිට 30 දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වීමට නියමිතය .

ටිෂානි පෙරේරා මෙනෙවිය ව්‍යාපාර කළමකරණ උපාධිධාරිනියක වන අතර මේ වනවිට පශ්චාත් උපාධිය ද හදාරමින් සිටින්නියකි .