
(විමුක්ති එස් රුද්‍රිගු)
දිට්වා සුළි කුණාටුවෙන් පීඩා විඳි ශ්‍රී ලංකාවට නැවත නැගී සිටීමට පෙරටත් වඩා සහායක් ලබාදීමට ඉන්දියාව සූදානම් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා අද ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකාව සමග සිටි පරිද්දෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් පසුව නැවතත් නැගී සිටීමට මෙරට දරන උත්සාහයේදී ද ඉන්දියාව පෙරටත් වඩා ශ්‍රී ලංකාව සමග සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය.
ශ්‍රී ලංකාව යළි ගොඩ නැගීම සඳහා රුපියල් කෝටි 13,884 ක පමණ සහන පැකේජයක් රැගෙන තමන් මෙරටට පැමිණි බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ප්‍රකාශ කළේය.
යළි නැගිටීම සඳහා මෙරටට ලබාදෙන සහන පැකේජයෙන් ඩොලර් මිලියන 350 ක් ලබා දෙන්නේ සහනදායී නායක ලෙස බවත් ඉතිරි අමෙරිකානු ඩොලර් මිලියන 100 ක මුදල ලබාදෙන්නේ ප්‍රදානයක් ලෙස බවත් ආචාර්ය එස්.ජයිශංකර් මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට ලබාදෙන සහන පැකේජය මෙරට රජය සමග සාකච්ඡා කරමින් අවසන් කෙරෙමින් පවතින බව ඔහු පැවැසුවේය.
ඉන්දියාව අංශ පහක් ඔස්සේ මෙරටට සහාය ලබාදෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. හානිවූ පාලම්, මෙරට මහා මාර්ග හා දුම්රිය මාර්ග පද්ධතිය නැවත යථා තත්වයට පත් කිරීමට සහාය ලබාදීමට ඉන්දියාව ප්‍රමුඛතාව ලබාදෙනු ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය.
එසේම අර්ධ වශයෙන් සහ සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස නැවත ගොඩ නැගීමට, සෞඛ්‍ය හා අධ්‍යාපන පද්ධතිය නැවත නගා සිටුවීමට, කෘෂි කර්මාන්තයට සහ වඩාත් හොඳින් ආපදාවන්ට ප්‍රතිචාර දැක්වීමට මෙන්ම සූදානම් කරවීමට සහන පැකේජය යටතේ ඉන්දියාව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙනු ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
414
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘ශ්‍රී ලංකාවට ලොකු සහායක් දෙන්න ඉන්දියාව සූදානම්‘‘
Ratne Tuesday, 23 December 2025 03:30 PM
බාල බෙහෙත් අව්ල ඉන්දියාවට හානියක් නැතිව ගොඩ දාලා දුන්නොත්, ලංකාවට සහාය දෙන්නම් කියයි...
සුදු ඇඳගෙන කලු ඇවිදින් Tuesday, 23 December 2025 03:48 PM
" වල් ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මගුල් ". තේරුණා ද දන්නෑ.
Marsipala Tuesday, 23 December 2025 04:22 PM
සහාය ආදරේට දෙන්නෙත් නැහැ නේද? රිටර්න් මොනවා දෙන්න වෙයිද? කරන්න වෙයිද දන්නේ නෑ.
Sara Tuesday, 23 December 2025 04:25 PM
ඔබට සහ ඉන්දීය රජයට ස්තුතිය පිරිනමමි...
සුදා Tuesday, 23 December 2025 04:43 PM
ඉන්දියාවට ජයවේවා...!