(විමුක්ති එස්. රුද්‍රිගු)
ලංකා විදුලිබල මණ්ඩලය පිරිවැය ආවරණය කර ගැනීම සඳහා ඉල්ලා ඇති විදුලිය ගාස්තු සංශෝධන සඳහා අවසර හිමිවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ප්‍රකාශ කළේය.
රාජ්‍ය ව්‍යවසායවල පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමෙන් එම ව්‍යවසායවල ඇතිවිය හැකි මූල්‍ය අවදානම් තත්වය මග හැරෙන බවද එම අරමුදල පැවැසුවේය.
ඉන්ධන සහ විදුලිය ඒකකයක් උත්පාදනය කිරීමට එම ව්‍යවසායවල වැය කරන මුදල නැවත පාරිභෝගිකයාගෙන් අයකර ගත හැකි ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ ප්‍රධාන කුලුනක් බවද එම අරමුදල ප්‍රකාශ කළේය.
විදුලිය ගාස්තුව සියයට 6.8 කින් ගාස්තු ඉහළ දැමීමේ සංශෝධනය මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෑතකදී ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මතය විමසමින් අප පුවත්පත එම අරමුදලේ මාධ්‍ය ප්‍රකාශකවරියගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම අදහස් පළ කළේය.
පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක නොකිරීමෙන් ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නැවත වරක් පාඩු ලැබුවහොත් එම ව්‍යවසායන් රාජ්‍ය මූල්‍යයට බරක් වනු ඇති බවත් එවිට එම බර බදු ගෙවන්නන් මත පැටවෙනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
විදුලිය ඒකකයක් උත්පාදනය කිරීමට වැයවන මුදල නැවත අයකර ගැනීමට හැකි වන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක වන බව සහතික වන අයුරින් මෙරට සෑම විදුලිය ගාස්තු සංශෝධනයක්ම සිදුවිය යුතු බවත් මෙරට විදුලිය ගාස්තුව සෑමවිටම තීරණයේ විය යුත්තේ එම ප්‍රතිපත්තියට අදාළව බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ප්‍රකාශ කළේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘‘විදුලි මිල වැඩි විය යුතුමයි‘‘