
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයකු වන එගොඩහේවගේ ඉන්දික ප්‍රසාද් නොහොත් ‘ලාරා‘ නැමැත්තාට අයත් තංගල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 4 ක් වටිනා දේපොළ දින 14 කට තහනම් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම නියෝගය නිකුත් කර ඇත.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමු කර තිබූ පැමිණිල්ලක් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබිණ.
ඒ අනුව ‘ලාරා‘ නැමැත්තා එම දේපොළ මිලදී ගෙන ඇත්තේ ඔහුගේ ප්‍රකට ආදායම් මාර්ගවලින් නොවන බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අනුව ‘ලාරා‘ නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් උපයා ගත්බවට අනාවරණය කරගත් තොරතුරු මත සැකකරුට අයත් හම්බන්තොට ගිරුවාපත්තුවේ පිහිටි පර්චස් 18 ක ඉඩමක ඉදිකර ඇත.
තෙමහල් නිවෙසක්, තංගල්ල, දංකැටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 9.57 ක පිහිටි ගොඩනැගිල්ලක්, තංගල්ල පොලොන්මාරුව ප්‍ර දේශයේ පිහිටි පර්චස් 19.20 ක ගොඩනැගිලි දෙකක් සහ තංගල්ල වල්ගම්පිටිය ප්‍රදේශයේ පර්චස් 37.25 ක ඉඩමක් මෙසේ තහනම් කර ඇත.
අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.ඩබ්. වික්‍රමසේකර මහතාගේ මෙහෙයවීම මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd