(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායලය ගසා තීරයේදී පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදුකර ඇතැයි එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටුව පසුගියදා ප්‍රකාශ කළේය.
හමාස් සංවිධානයට එරෙහිව 2023 වසරේ ඊශ්‍රායලය යුද්ධය ආරම්භ කළ දින සිට මේ දක්වා ජාත්‍යන්තර නීතිය යටතේ අර්ථ දක්වා ඇති ජන සංහාරක ක්‍රියාවන් පහෙන් හතරක් ගාසා තිරයේදී ඊශ්‍රායල හමුදා සිදුකර ඇති බවට නිගමනය කිරීමට සාධාරණ හේතු ලැබී තිබෙන බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටුව පසුගියදා නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
ඊශ්‍රායල නායකයින්ගේ ප්‍රකාශ සහ ඊශ්‍රායල හමුදා වල හැසිරීම් රටාව, එම වාර්තාව මගින් ජන සංහාරක අභිප්‍රාය පිළිබඳ සාක්ෂි ලෙස උපුටා දක්වයි. කෙසේ නමුත් ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ ජන සංහාර වාර්තාව ප්‍රතික්ෂේප කර ඇත.
එය අසත්‍ය තොරතුරු මවා පෑමක් බව ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබිණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘‘ඊශ්‍රායලය ජන සංහාරයක් කරලා‘‘
Pradeep Kumara Tuesday, 16 September 2025 10:33 PM
කුමන රටක කුමන ජාතියකට හෝ එරෙහිව කරනා ජන සංහාර පිළිකුලෙන් යුතුව හෙලා දකිමි. ආගම්, ජාති හෝ කුල කිසිවක් මනුෂ්‍යත්වයට වඩා ඉහලින් නැත.
Nihal Dharmatileke Tuesday, 16 September 2025 10:48 PM
විමර්ශනේ කමිටු මොකටද? ඕනේම කෙනෙක්ට පේනවා යුදෙව්වන් කර මිනිස් ඝාතන , උන්ට වහල් වැඩේට යන සහ ගිහින් ඉන්න ලංකිකයන්ට ඇරෙන්න
Ahmed (Gulf) Wednesday, 17 September 2025 01:52 AM
හමාස් යනු ත්‍රස්තවාදීන් වන අතර සිවිල් වැසියන් මරා දැමීම හා දූෂණය කරති. හමාස් ගාසා තීරයේ ජනතාව වහලුන් ලෙස තබා ගනී.
Rihaard Wednesday, 17 September 2025 02:53 AM
ඇයි අපි වගාවන්ට හානිකරන සත්තු, ඩෙංගු මදුරුවො විනාශ කරන්නෙ? පලිබෝද නාශක අනතුරු සහිතයි...
ගුණරත්න Wednesday, 17 September 2025 08:09 AM
පලස්තීන හමාස් ත්‍රස්තවාදීන් කරන ඝාතන සංහාර නෙවේ. පුංචි මාස ගණන් වල දරුවෝ පහරගේනවිත් බංකර්වල අව්ව වදින්න නොදී අවුරුදු දෙකක් තිස්සේ හිරකරගෙන ඉන්නේ ඒවා අපරාධ නොවේ.
Senarath Wednesday, 17 September 2025 08:52 AM
මේ තරම් ඇස් පනාපිට මිනිස්සු , පොඩි දරුවෝ දහස් ගණනක් මරාදමන ගමන් ඒ චෝදනාව ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරනවා. එක්සත් ජාතීනුත් කිසිම ඇක්ෂන් එකක් නොගෙන සද්ද නැතිව ඉන්නවා. ඒ උනත් අපේ රටේ හමුදාව නොකළ වරද වලට පටලවලා, බොරු සාක්ෂි හදාලා දඩුවම් දෙන්න හදනවා. මොකක්ද මේ ආයතනවල තියෙන අපක්ෂපාතිත්වය? මේවා කිසිම වැඩකට නැති ආයතන.
charith Wednesday, 17 September 2025 09:11 AM
හමාස් හරිම අහිංසක බබාල කියල නෑද්ද ඒ රිපෝට් එකේ?