IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘‘අඹබෝ‘‘ පුළුස්සා මැරුවාට තුනක් සැකපිට

(දයාරත්න ඇඹෝගම)

මිහින්තලේ,සීප්පුකුලම, අඹගහවෙල හන්දිය ප්‍රදේශයේදී දැඩි ලෙස රෝගී තත්වයේ පසු වූ 'අඹබෝ' නැමති වනඅලියා පන්දම් වලින් පුළුස්සා මරා දමන බව කියන සිද්ධියට අදාළව පුද්ගලයන් තිදෙනකු  අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

මේසේ අත්අ ඩංගුවට ගෙන ඇත්තේ මිහින්තලේ අඹගහවෙල පදිංචි වයස අවුරැදු 43ත් 50ත් අතර වියේ පසුවන් පුද්ගලයන් තිදෙනෙකි.

වෙඩි වැදීමට ලක්ව ඉදිරි පාදයේ තුවාල සහිතව ආහාර ගැනීමට අපහසුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටි මෙම වනඅලියාට ගිනි පන්දම් දල්වා පුළුස්සන බව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධයේ සංසරණය වී තිබුණි.

පසුව වනජීවී නිලධාරින් විසින් දින කිහිපයක සිට ප්‍රතිකාර කළද අවාසනාවන්ත අයුරින් වනඅලියා ජීවිතක්ෂයට පත් වූ අතර වනජීවි නිලධාරින් විසින්  අවසන් කටයුතු සිදුකරනු ලැබීය.

මෙම වන අලියාගේ මියයාම සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණයේදි අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් විසින් පුද්ගලයන් තිදෙනා සැකපිට අත්අඩංගුට ගෙන ඇති අතර වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා ඔවුන් මිහින්තලය පොලිසියට බාරදි තිබේ.

 



අදහස් (4)

‘‘අඹබෝ‘‘ පුළුස්සා මැරුවාට තුනක් සැකපිට

Lalla Thursday, 18 December 2025 08:49 AM

නීතිය කොහොම ක්‍රියාත්මක වූවත් මේ තිරිසනුන්ට දිය හැකි හොඳම දඬුවම සමාජය මොවුන් ප්‍රතික්ෂේප කිරීම. තනිකර දැමීම.

:       0       10

කව්ද බෝයි Thursday, 18 December 2025 08:51 AM

කරුණාකරලා, අලියාගේ පුච්චපු තැන්ම, පන්දමකින් මේ අයගෙත් පුච්චන්න. ඊට පස්සේ අලියාගේ මළකුණට යටින් මේ තුන්කට්ටුව වලදාන්න.

:       0       8

Bunny Preena Thursday, 18 December 2025 09:13 AM

අලියා මිය ගියේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. අලියාව පිළිස්සුවාට දඬුවමක් ලබා දීමට පුළුවන් වෙයි

:       0       6

de silva Thursday, 18 December 2025 01:45 PM

චුදිතයෝ අවම වශයෙන් වසර 10 ක්වත් හිරේ අරින්න ඕනේ , නීති නැතිනම් 2/3 බලයක් තිබෙන ආණ්ඩුවට පුළුවන් නීති හදන්න ,මේ කටයුත්ත භාරව සිටි වනජීවී නිලධාරින්ගේත් වැඩ තහනම් කරන්න ඕනේ , ප්‍රතිකාර ලබමින් සිටි සතාට නිසි ආරක්ෂාවක් නොදීම සම්බන්ධයෙන් ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 914 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 625 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site