IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘පොදුජන යහපත වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයකට සූදානම්‘

(ඩයනා උදයංගනී)

පොදුජන යහපත වෙනුවෙන් තීරණයක් ගන්නවා නම් ඒ වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයකට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරයාට බාධාවකින් තොරව තීන්දුවකට එළඹිය හැකි බව කී රාජපක්‍ෂ මහතා 69 ලක්‍ෂයක ජනතාවගේ අභිලාශය පාවා දෙන්නට කාටවත් අයිතියක් නැතැයි ද සඳහන් කළේය.

දේශපාලන අභිලාශයන් වෙනුවෙන් රට අරාජික කිරීමට තමාට අවශ්‍යතාවයක් නැතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ තමාට සහය පළ කරමින් අරලියගහ මන්දිරයට අද (9) පැමිණි ජනතාව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

දෙකඩවීමට ගිය මාතෘභූමිය රැකදෙන්නට ලැබීම තම දේශපාලන ජීවිතයේ හොඳම සිහිවටනය බව ද අග්‍රාමාත්‍යවරයා කීවේය.

අභියෝග හමුවේ පලායාමේ සිරිතක් තමන්ට නැතැයි කී මහින්ද රාජපක්‍ෂ මහතා තමන් දේශපාලනයට ගෙනආවේ ජනතාව තැබූ විශ්වාසය බවත්, ජනතාවත් සමඟ එක් තීරණයකට පැමිණීමට තමන් සූදානම් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (16)

‘පොදුජන යහපත වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයකට සූදානම්‘

මැක්ස් Monday, 09 May 2022 12:24 PM

කුහකයන් තුළ කෙසේවෙතත් පොදුජන හද තුළ ඔබ සදා වැජඹෙනු ඇත්තේ ත්‍රස්තවාදයෙන් මවුබිම බේරාගත් විරුවකු ලෙසයි. එසේම සංවර්ධනයේ අරුණලු රටට කැන්දූ පුද්ගලයා ලෙසටයි. 1977 දී මෙන්ම 2015 දී ද මේ රටේ මිනිස්සු වරද්දා නොගත්තා නම් වර්තමාන වින්නැහිය ඇති නොවන බවත් කිව යුතුයි.

:       81       3

dumindaMonday, 09 May 2022 12:51 PM

මෙච්චර වෙලත් කෙළලත් තාම ලැජ්ජා නැහැ. අරුනළු ගෙනැල්ලා තියනවා පවුලේ අයට..

:       2       24

sharm warnMonday, 09 May 2022 01:59 PM

අන්න ඔහේගේ මහ එක්කෙනා මිනීමරුවන්ව මහපාරේ... පොලිසියත් ඔහේ ඉන්නවා. ඔහේ කිරිබත් උයලා කනවා. රටේ මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ දාපු සත්තුන්ට...

:       2       12

Hafeel Monday, 09 May 2022 12:46 PM

දෙකඩවීමට ගිය මාතෘභූමිය රැකදෙන්නට ලැබීම තම දේශපාලන ජීවිතයේ හොඳම සිහිවටනය වගේම, යුද හමුදා මුලස්ථානය චීනාට සින්නක්කර ලියලා දුන්නු සහ ඇමරිකානු ඩොලර් සමාගමට පැලවත්ත, සෝමාවතිය, උල්හිටිය ප්‍රදේශවල අක්කර දහස් ගණන් සින්නක්කර ලියලා දුන්නු සාපයත් ඔයාට හිමිවිය යුතුයි. තවද යුගදනව් බලාගාරයත් ඇමරිකාවට දෙන්න අනුමැතිය දුන් ඇමැති මණ්ඩලයේ ප්‍රධානියාත් ඔයා තමයි. ඕවාත් සිහිවටන තමයි.

:       0       46

sharm warn Monday, 09 May 2022 12:56 PM

මැක්ස් කියන හැටියට අපි කුහකයෝ.. මොකද අපේ සල්ලි හොරාකාපු එක සහ රටේ මහජන මුදල් මංකොල්ල කාලා රට විනාශ කරපු එකට අපි ඔක්කොම කුහක වෙලා ඉන්නේ. අනේ මහින්ද! වෙන මුකුත් පරිත්‍යාග එපා... හොරා කාපු සල්ලි දීලා යන මගුලක යන්න.

:       3       36

ලංකාමාතා Monday, 09 May 2022 01:01 PM

ආහාර නොමැතිව මියයන ඔබේ මිනිසුන් ගැන සිතන්න. ඔබ ඔබේ පක්ෂග්‍රාහී බව පෙන්වීමට පෙර ඔබේ රටේ වත්මන් කාලකණ්ණි තත්ත්වය දැක ගත යුතුය.

:       2       26

Gayan Monday, 09 May 2022 01:10 PM

දැන්වත් පවු නොදී යන්න. ඇත්තම විහිළුවක් වෙන්න එප තවත්...

:       2       16

Sisil Monday, 09 May 2022 01:13 PM

දැන් ලක්ෂ 69 විතරක් නෙවෙයි, මුළු රටේම ජනතාව කියන්නේ යන්න කියලයි. දැන්වත් යන්න කූඩැල්ලෙක් වගේ එල්ලීගෙන ඉන්නේ නැතුව...

:       2       17

Shan Monday, 09 May 2022 01:30 PM

රට ලේ විලක් නොකර යන්න...

:       1       19

K Pathmanathan Monday, 09 May 2022 01:41 PM

මැරෙන තුරු රජෙක් වගේ වැඳුම් පිඳුම් ගන්න තිබිච්ච අවස්ථාව හොරකම සහ බලය අවභාවිතාව නිසා නැතිකර ගත්තා. මගේ ඩොලර් මිලියන 300 ත් සාක්කුවේ දාගත්තා.

:       1       14

fairoos Monday, 09 May 2022 01:48 PM

රටට මෙච්චර වෙලත් කියන කතා... පුතයි, ලේලියි සිංගප්පූරු යැව්වේ ඒ නිසා වෙන්නැති...

:       2       10

Nihal Monday, 09 May 2022 02:05 PM

ඔයාගෙන් ඇති යහපතක් නෑ... යන තැනකට යන්න.

:       2       12

දාස Monday, 09 May 2022 02:21 PM

ජයරත්න මල්ශාලාවට එන්න කියන්න දැන් රට්ටු ශාප කරනවා කියලා...

:       2       7

ranjith Monday, 09 May 2022 02:50 PM

ඒක වෙන්න ඇති දාමරිකයෝ ගෙන්වාගෙන දරුවන්ගේ අරගලයට පහර දුන්නේ. සංවේදී හදවත් ඇති වැඩිහිටියෙකුට කරන්න පුළුවන් වැඩක්ද මේ...?

:       2       6

de silva Monday, 09 May 2022 04:20 PM

කරුණාකර ගෙදර යන්න. ගඩාෆි ක්‍රමයේ සමුගැනීමක්... ඔබට අවශ්‍ය නම් අපි දෙන්නා සූදානම්...!

:       0       2

Chanaka Wednesday, 11 May 2022 11:53 AM

හොරා කාපුවා දෙන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 3 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඪ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 349 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 213 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 343 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 796 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1476 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site