IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘ජනපති ධුරයෙන් ඉවත් වෙන්නැයි කිරිඇල්ලත් ඉල්ලයි‘

(නිමල කොඩිතුවක්කු)

රටට  අලුත් පරිච්ඡේදයක් අලුත් ආරම්භයක් ලබාගැනීමට  අවශ්‍ය සහයෝගය ලබා දී වහාම ධුරයෙන් ඉවත් වන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී අද(11) පැවසීය.

ජනාධිපතිවරයාට දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් නොමැති බැවින් තවදුරටත් ජනාධිපති ධුරයේ රැඳී සිටීමෙන් පලක් නොවන බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා ඉල්ලා අස් වෙනවා නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරය භාරගැනීමට සුදානම් බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු  මාවතේ පක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.



අදහස් (11)

‘ජනපති ධුරයෙන් ඉවත් වෙන්නැයි කිරිඇල්ලත් ඉල්ලයි‘

naleen Wednesday, 11 May 2022 04:49 PM

අම්මෝ ජනාධිපති තුමනි ඉල්ලාඅස්නොවන්න . මොකද හිටිය වගේ කෙනෙක් නැවත පත්වීම සුදුසු නැත

:       0       0

ගොඩගමු රට Wednesday, 11 May 2022 05:06 PM

වර්තමාන ලෝකයේ ආර්ථිකය පිළිබඳව පාර්ලිමේන්තුවේ මනා දැනුමක් ඇත්තා රනිල් පමණයි..! හේතුව අවුරුදු 27ක් දේශපාලන පලපුරුද්ද, පක්‍ෂ මාරු නොකර එකම පක්‍ෂයේ [අලියා] ඉඳලා... පස් වතාවක් අගමැති ධුරය දරපු රටේ දැනට ඉන්න එකම දේශපාලන උගතා.. දක්‍ෂ ඉංග්‍රිසි කථිකත්වයක් ඇති රටවල් සමඟ බියක් නැතිව සාකච්ඡාවලට තර්කානුකූලව අදහස් ඉදිරිපත් කළහැකියි.. ! කෙටියෙන්ම සඳහන් කළොත් ළඟඳී ඩ්‍රයිවින් ටෙස්ට් පාස්වුණු රියැදුරෙකුට අධිවේගයේ බයක් නැතිව වාහනයක් පදින්න හසුරුවන්න ඉඩදෙන්න පුළුවනිද..? අනික රනිල් කියන්නේ කවුරු හරි කියන දෙයක් මනා බුද්ධියෙන් නිහඬව අහගෙන ඉන්න කෙනෙක්... [මෛත්‍රි, රනිල්ට බනිනකොට මුහුණ දිහා බලාගෙන හිටියා මතකද..?] අවංකවම මේ රට වැටුණු අවස්ථාවේ කෙලින් අපි හැමෝම එකතුවෙලා රට ගොඩගමු කීවේ රනිල් පමණමයි. ඔහු අගමැති ලෙස බියසුරු මුහුදක නැව පස් වතාවක්ම ගිලෙන්නට ඉඩනොදී යාත්‍රා කළ කපිතාන් වරයෙකි..! අද රටට ගැලපෙන්නේ එවැනි පළපුරුදු උගතෙකි..! ඒ රනිල් " වික්‍රමසිංහයි "

:       12       8

chandimaWednesday, 11 May 2022 05:56 PM

නරියට කුකුල්ලු බාරදුන්නා වගේ හිටියි. තමන්ගේ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නැතිකරලා යාවජීව නායකයා වුණු කෙනෙකුට රටේ අනාගතය බාරදෙන්න අපි හරක්ද? 

:       1       11

ගොඩගමු රටWednesday, 11 May 2022 08:02 PM

අපෝ නෑ චන්ඳිම.... අනික් ඉන්න ඔක්කොම කොටහළු වෙච්ච කුකුල්ලෝ.... රටේ යථාර්තය අවබෝද කර ගත්තේ නැත්නම් පක්‍ෂ පාටවලින් තොරව වාහන වලට තෙල් ගෙන්වන්න ණයක් ලැබෙන්නේ නැහැ... එතකොට තිරක්කලෙන් තමයි යන්න වෙන්නේ අර ඔයා කියපු 'අපි හරක්ද' අයගෙ නාස්වලට ලනුව දාගෙන..! හැබැයි හැමෝටම බදු ගහන්න යනවා 25% ක්... රට ගොඩගන්න... ශවේන්ඳ්‍ර දෙවෙනි පුටුවට යන්න වගේ වැඩ..!

:       0       0

විපරමා Wednesday, 11 May 2022 06:21 PM

ඔහු හැරුණුවිට වෙන උගත් බුද්දිමත් හරිහමන් අය ඇත්තෙම නැද්ද .

:       0       0

ජනිත් Wednesday, 11 May 2022 05:19 PM

පරණ හාදයින්ද අලුත් ආරම්භයක් ඉල්ලන්නේ.. ඔය පාර්ලිමේන්තු කාලේම කී සැරයක් ආරම්භ කරපු අවස්ථා තියෙනවාද..? කණුවේ බැන්ද ගොන්නු වගේ හැමදාම ඉන්න තැනින් ඉස්සරහට ගියාද? උලා කකා වටේ කැරකුණා මිසක්..!

:       0       9

sam Wednesday, 11 May 2022 05:53 PM

ඉස්සෙල්ලාම කිරිඇල්ලව එළවමු..!

:       3       11

chandima Wednesday, 11 May 2022 05:55 PM

රට හදන්න ඔටුන්න දාගන්න ඕනෑද? මහජන ඡන්දයකින් මිසක් වෙනත් කිසිම ක්‍රමයකට රටේ විධායක බලතල වෙනත් කෙනෙකුට පවරාදීමට අපි විරුද්ධයි. රටේ විධායක තේරීමට මහජනතාවට ඇති බලය හොරකම් කරන්නට සූදානම් වෙන්න එපා. ගෝඨාභයට අපිත් කැමැති නැහැ. නමුත් විධායක බලය පසුපස දොරින් පවරනවාටත් විරුද්ධයි.

:       3       16

Kumara Wednesday, 11 May 2022 06:13 PM

අම්මෝ.... දැන්නම් ගෝටට යන්නම වෙනවා. සජිත් අගමැති වෙනකම් කෙල හලනව ඇමති කමක් ගන්න. හන්තාන විනාශ කරපු එකා...මෙයත් ගෙදර යවන්න වෙනවා.

:       0       0

silva Wednesday, 11 May 2022 08:37 PM

හයිවේ එකෙන් මිලියන 800 ට වඩා ගැහුවා.. ඉඩම් කොල්ලකෑවා. ආයේ ආවොත් ඉවරෙටම ඉවරයි.

:       0       0

Sisil Wednesday, 11 May 2022 08:42 PM

අධිවේගී මාර්ග හදද්දී උපරිමෙන්ම කොමිස් ගත්තා... හොඳයි බලමු ඊළඟ මැතිවරණයේදී..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 2 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 129 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 536 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 142 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 207 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 577 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site