උසස් අධ්‍යාපනයේ නව දිසාව තේමාව යටතේ පැවැත්වු සමුළුවේ සමාරම්භක උත්සවය අද (13) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වාද්දුවේ බ්ලු වෝටර්හිදී පැවැත්විණි.
ජනාධිපති පැවසුවේ “මම දැක්කා සෝභීත හිමියන්ට ඇතැම් සමාජ වෙබ් අඩවිවල අගෞරවය කරන ආකාරයට පුවත් පළ කර තිබුණා. ෆෙස්බුක් වෙබ් අඩවි පාවිච්චි කිරිම තාක්ෂණයෙන් ලබාදුන් තාක්ෂණික ඥානය නිදහස වශයෙන් අපි හඳුන්වනවා. නිදහස භුක්ති විදිම සමාජයේ ඇතැම් පිරිස් කුමන ආකාරයකින් එම නිදහස භුක්ති විදිනවා ද යන්න කියන කාරණාව උගතුන් සහ බුද්ධිමතුන් සිය පරික්ෂණ සමඟ සමාලෝචනය කළ යුතු බව” ජනාධිපති පැවසුවේය.
ජායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙට පෙර කළෙත් මඩ සහ බොරු ප්‍රචාර නේද? (අ)
අපේ ලංකාවේ මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදය තේරුම් ගන්න තරම් බුද්ධියක් නැහැ. (නි)
ගහපු පදේකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ, අන්තිමට මෙන්න දැන් බෙරෙත් නෑ (අ)
නිදහස යනු ඔබට වුවමනා ලෙස පවතින දෙයක් නොව එහි අර්ථයෙන්ම නිදහස්ව පවතින්නකි. ඒ නිසා එය ව්‍යවස්ථාවෙන්ම ලබාදී ඇති දෙයකි. යමෙකු නිදහසට බය වෙන්නේ එහි ඇති වැරද්දක් නිසා නොව තමන්ගේ ඇති වැරැද්ද වසා ගැනීමටය. නිදහසේ යම් වැරද්දක් ඇත්නම් එය ජනතාව, හෝ නීතිය හෝ ඉතිහාසය මගින් නිවැරදි කරනු ඇත. පාලකයන් ඒ ගැන කලබල වීම මම දකින්නේ භයානක ප්‍රවනතාවයක් ලෙසයි. (අ)
ඔබතුමා කියන දේ ඇත්ත (නි)
වර්තමානයේ බොහෝ අයට අමතකවීගෙන යනවා මරණ භයින් ජීවත්වුණ කාලය. (නි)
ඔය කියන වල් බූරු නිදහස නැතිවෙන්න අද ගොඩක් දේවල් වෙනස්වෙන්න තිබුණා (නි)
ෆේස්බුක් වලට යම්කිසි සීමාවක් පැනවීම අවශ්‍යයි (නි)
කරුණාපාල මහත්තයට වැරදිලා. සෝභිත හාමුදුරුවන්ගේ මරණය ගැන අපිත් දුක්වෙනවා. උන් වහන්සේ පුච්චපු ඒ කරවෙච්ච රොටිය අපිට කන්න ඉතුරු කරලා උන්වහන්සේ අපිව දාලා ගියා (නි)
රෝහණ, පිවිතුරු කඩේයන්නේ මේ රට වෙනුවෙන්, රට බේරාගත් නායකයා වෙනුවෙන් (නි)
සමහරුන්ගේ අදහස් දැක්කහම දුකයි. (නි)
පහුගිය ඡන්ද වලදී මුහුණුපොතට ලියපු අය කර තිබුණු අපහාස අපි නම් දැක්කා (නි)
ෆේස්බුක් හොඳට වගේම නරකටත් යොදාගන්න පුළුවන් (නි)
අපි ඉතින් මොනවා කරන්නද මහත්තයෝ? (නි)
ඡන්දයට පෙර ඔය මුහුණු පොතේ තිබුණු දේවල් මතකයි නේද? වපුරපු තල වල ප්‍රතිඵල තමයි දැන් අපිට ලැබෙන්නේ. (නි)
රෝහණ , පිවිතුරු කඩේ යන්නේ මේ රට වෙනුවෙන් , රට බේරා ගත්ත නායකයා වෙනුවෙන් , රට බේරා ගත රණ විරුවන් වෙනුවෙන් , අනෙක් උදවිය කඩේ යන්නේ රට පාවා දුන් , රණ විරුවන් පාවා දුන් , කොටි නිදහස් කරමින් චන්ද පොරොන්දු ඉටු කරමින් ඉන්න උදවිය වෙනුවෙන් නොවේද ? කඩේ යන්න ඕනේ ඇත්ත ඇති සැටියෙන් දකින්නකෝ , පිවිතෘ 100% ඇත්ත , සමහර අවස්ථා වලදී හැර පිවිතුරු කියන්නේ සත්‍ය ඔබගේ හිතත් දන්නවනේ . පිවිතුරු අර අරාබි රටේ සිංහල නමකින් පෙනී සිටින ලස්සන ට සිංහල ලියන කෙනා වගේ වෛරය වපුරන්නේ නැහැ (බ)
හැබැයි මෙහෙම කිව්වට ඔය නිදහස තිබ්බ නිසා තමයි අද ඔබතුමාට ඔය තානාන්තරය දරන්න භාග්‍ය ලැබුණෙ. (අ)
ඔබ තුමාට බලයට පත්වෙන්න උදවුන්නේ අනෙක් අයට එල්ල කරපු මඩප්‍රහාර තමා. තමන්ගේ පුළුවන්කම නොවේ. (අ)
ලලිත් සිල්වා කියන්නෙත් බන්දුල පෙරේරා, පිවිතුරු සහ සත්‍යා ම තමයි ඔය හැම එකාම කියන්නේ එකම දේ. මහින්දට පුදුම විදියට කඩේ යන ගමන් අනිත් හැමෝටම අපහාස කරනවා. (බ)
හරියට හරි ඔය කියපු නිදහස හින්ද තමයි යහපාලන ආණ්ඩුවක් අවේ
ඔන්න ඕකට තමයි කියන්නේ ජනපතිතුමෝ"කලකදී රහලු කලකදී වහ වෙනවාලු"කියල.බලයට ආවෙත් ෆේස්බුක් වලින් ."දේදුනු විප්ලවය" කියල මට මතකයි අපිට ලොකු ස්තුතියකුත් කළා.දැන් ඒකෙ අනිත් පැත්ත.හැබැයි අගමැති තුමානම් අපිට වචනයකින්වත් දොසක් කියන්නේ නැහැ.හිටපු ජනපතිත් එහෙමයි.එතුමාලාට විවේචන දරාගන්න ශක්තිය තියෙනවා. (අ)
ෆේස්බුක් එකේ ඉන්න කටු කන බල්ලෝ රැලක් උන්වහන්සේ අපවත් උනාට පස්සේ බිරුවට, උන්වහන්සේ ජිවත් වෙලා සිටිද්දීත් ගොඩක් බල්ලෝ බිරුවා. එත්, ඒ බුරන බල්ලන් ළඟ උන්වහන්සේ නැවතුනේ නැහැ. අපවත් වෙන තුරු උන්වහන්සේගේ ඒ බලාපොරොත්තු වූ අධිෂ්ඨාන ගමන සාර්ථකව ගියා. (අ)
ඔබතුම බලයට ආවෙත් ඔය වල් බුරු නිදහස හන්ද තමයි,ඒ කාලේ මහින්ද මහත්තයට ගහපු මඩ වල හැටියට ඕව මොනවද? (අ)
ලංකාවේ අපිට තියන මුලිකම ප්‍රශ්නය තමයි, යමෙක් මොනවහරි ප්‍රකාශ කලහම ඒ කියපු දේ පැත්තකට විසිකරලා කියපු පුද්ගලයා ගැන විවේචනය කරන එක 99% කම මම දැක්කේ ඒ ලක්ෂණය. දියුණු රටවල (එත් සමහර රටවල පමණයි ) පාඨකයෝ ඊට වඩා කියපු අදහස ගැන අවධානය යොමු කරලයි අදහස් දක්වන්නේ. (අ)
පිවිතුරු යහපාල කියන කෙනා මහින්දට කඩේ යන එක නවත් වන්නේත් නැහැ (අ)
ජනාධිපති තුමා වෙනුවෙන් එදා ෆේස් බුක් එකේ විප්ලව කල කෙල්ලෝ කොල්ලෝ ටික තමයි ඔතන අදත් ඉන්නේ...එදා ඔවුනුත් ඔබ තුමා වෙනුවෙන් ගොඩක් අපහාස වින්දා. විප්ලව කියන්නේ එහෙම තමයි. හැබැයි ඔය ෆේස්බුක් එකේ වල් බුරු නිදහස බුක්ති විඳින කොල්ලෝ කෙල්ලෝ අද ඔබ තුමා ළඟ හුරතල් වෙන මිත්‍රයෝ තරම් ඔබ තුමාට අපහාස නොකළ බව පමණක් මතක තියා ගන්න. සෝභිත හාමුදුරුවෝ කොයි ලෝකෙක හරි ඉඳලා දුක් වෙනවනම් දුක් වෙන්නේ මෝඩයෝ හු කියපු එකට නෙමෙයි, උන්වහන්සේ උත්සාහයෙන් බලයට පත්කළ පාලකයින්ගෙන්, උන්වහන්සේ බලාපොරොත්තු වු රට ගොඩනගා ගැනීමට නොහැකි වූ නිසා. (අ)
ඔය වල් බූරු නිදහස අපි නම් ඒ කාලේ ඉඳලම දැක්කා (නි)
මෙතන සමහර අදහස් ගැන මට දුකයි. මිනිස්සු හිතන පතන විදිය මොනතරම් වෙනස්ද? (නි)
මේ වෙබ් අඩවි හොඳට යොදාගත්තොත් හොඳයි. නරකටත් ඒ වගේම තමයි (නි)
එහෙම වුණා කියලා අපි ඉතින් මොනවා කරන්නද? (නි)
ෆේස්බුක් එදා සහ අද වෙනස කෙතරම්ද? (නි)
ඔබතුමා බලයට එන්න කලිනුත් ඔය නිදහස තිබුන.ෆේස්බුක් එකෙන් අපවාද අසන්න නැතිවෙන්න ඔබතුමන්ලා හරියට කටයුතු කරන්න ඕනේ.නැත්තනම් පාරේ වාහන තදබදය අඩුකරන්න පාරවල් ලොකු කරන්නනේ නැතුව වාහනවල මිල ගණන් වැඩි කරා වගේ වැඩනම් කරන්න එපා. (බ)
අනේ ඔයත් මේ පම්පෝරි ගැහුවට මේ රටට වෙන වැඩේ පෙන්නේ නැද්ද.ඔක්කොම කම්පැනි හෝ ගාලා වැහිගෙන යනවා.මිනිස්සුන්ට ජොබ්ස් නෙටි වෙනවා .බදු ඔක්කොම එහලට (ම)
ඔය බොරු හින්දම තමයි යහපාලනය බලයට ආවෙත්. ඇවිල්ල කරපු දෙයකුත් නෑ. (ස)
ඔය අජිතුත් ස්වාමීන්වහන්සේට අපහාස කරපු හාදයෙක් වෙන්න ඇති! එකනේ අමාරුව! (ස)
ඇවිල්ල කරපු දේවල් පෙන්නේ නැති අයට මොනවා කරත් පෙන්නේ නැහැ තමයි. (ස)
සමාජ ජාලා වෙබ් අඩවි වල හැටි ඔහොම තමයි (නි)
ඔබතුමා බලයට ආවෙත් වල් බූරු නිදහසේ ප්‍රතිපලයක් විදියට තමයි... (ස)
ගුණවතෙකුට, ප්‍රඥාවන්තයෙකුට, ශ්‍රේෂ්ඨයෙකුට, අයාලේ ගියවුන් සහ යන වුන් හරි මගට ගන්නා යතිවරයෙකුට කුමන අයුරින් අපහාස කලත් එම අපහාස හිරු දුටු පිනි මෙන් මැකී යයි. ශ්‍රද්ධා:44. (ස)
අපි නම් ඕවා ගැන කියන්න දන්නෙ නැහැ (නි)
කනිෂ්ක ඔය හරියටම කිව්වා. (ස)
අතුරා..අනේ අපිට නොපෙනේ. ඔයාට පේන දේ පොඩ්ඩක් කියනවද? (ස)
ඕකට තමා කියන්නේ නැගපු ඉනිමග පෙරලනවා කියල. (ස)
ලලීන්, මමත් ඔය කියන දියුණු රටක ඉන්නේ. හැබැයි මෙහෙ නම් තමන්ගේ කුණු වහගෙන අනෙක් අයගේ කුණු පෙන්වන්න හදන අයට ඉඩක් නැහැ. ඒක තමා ලංකාවෙයි මෙහෙයි දකින්න තිබෙන වෙනස (නි)
ඔය නිදහස ඒ කලේ තිබුනද? (ස)
උගත් බුද්ධිමතුන්ගේ සමාෙලා්චන බලාගත් හැකි ඊළඟ මැතිවරණයෙන් වෙබි' අඩවි හැමදේම පෙන්නනයි එ්ත් රෙට' මිනිස්සු දැන් දන්නව එ්ක තෝරගන්න එහෙම කරල තමයි ගිය පාර පත් කළේ (ම)
සමහර අදහස් දැක්කහම පුදුමත් හිතෙනවා (නි)
චන්ද්‍රිකා නෝනා නම් පහුගිය දවස්වල උදම් ඇනුවේ ඉන්දියාවත් එක්ක එකතුවෙලා වයිබර් තාක්ෂණයෙන් ඔය කට්ටිය මහින්දව ගෙදර ඇරියා කියලයි. ඒකත් වල් බූරු නිදහසක් නෙවෙයිද. (බ)
මේ ගැන බලලා මොකක්හරි පිළියමක් කරන්න බැරිද? (නි)
ඒ කාලේ මහින්ද මහත්තයාටත් මඩගහන තරමක් ගැහුවේ ඔය ෆේස්බුක් හරහා නේද? අපි නම් ඒවා ඇස් දෙකින්ම දැක්කා (නි)
කොයිතරම් නම් දේවල් ඒ කාලේ මේ ඔස්සේ ප්‍රචාරය වුණාද? (නි)