විවිධ හේතු නිසා සිදුවන සිය දිවි හානි කර ගැනීම්වලට ෆේස් බුක් වග කිව යුතු යැයි කියමින් ෆේස්බුක් වාරණය කිරීමට ආණ්ඩුව නීති ගෙන ඒමට සැරසෙන බව ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා කියයි.
මෑත කාලයේ ජනමාධ්‍යයේත් රටේත් කතා බහට ලක්වූ සිද්ධි කිහිපයක් ගැන හා ෆේස් බුක් ගැන ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවර පැහැදිලි කිරීමට සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක දී රත්නාහක මහතා එලෙස පැවසීය.
‘ පසුගිය මාස දෙකකට ආසන්න කාලයේ දී තරුණියන් හතර දෙනෙකු සිය දිවි නසා ගැනීම් ෆේස්බුක් මගින් සිදුවූ මරණ විදියට අර්ථකථන දී තිබුණා. ආණ්ඩුවට සම්බන්ධ පිරිස් ෆේස්බුක් තහනම් කරනවා යැයි කෙළින්ම නොකිව්වත් ඒ හා සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කර තිබුණා. ෆේස්බුක් සඳහා නීති ගෙන එන බව තවත් ඇමැතිවරයකු කියා තිබුණා.
ලෝකයේ අනියම් සම්බන්ධතා නිසා සියදිවි හානි කර ගැනීම් කලින් කලට වාර්තා වුණා. ෆේස්බුක් නිසා අනියම් සම්බන්ධා හදා ගන්නවා හෝ දිවි නසා ගන්නවා කියන්න කාටවත් කියන්න බැහැ.
ෆේස්බුක් එන්නට පෙර ගැහැණු ළමයින් හා පිරිමි ළමයින් විවිධ ක්‍රම මගින් ආදර සම්බන්ධතා පැවැත්වුවා. මීට පෙර ජංගම දුරකතන, ඊට පෙර පෙම් හසුන්. පෙම්හසුන් නිසා දිවි හානිකර ගැනීම් කොතරම් නම් කර ඇත්ද?
මීට පෙර එක්තරා පළාත් සභාවක තීරණයක් ගෙනාවා දිය සිවි නසා ගැනීම් වැලැක්වීමට එම පළාතේ කනේරු ගස් විනාශ කළ යුතු කියා. මේ කරන්න යන්නෙත් ඒ වගේ දෙයක්.
නගරයේ බාලිකා පාසල්වල බිත්තිවල එක එක ඒවා ලියනවා. කොච්චර තීන්න ගෑවත් ඒ දේ කරනවා. එහෙම කියලා ඒ ස්ප්‍රේ වර්ග සහ තීන්ත වර්ග තහනම් කිරීම හරියනවද? ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිහියෙන් බෙල්ල කපන්නත් පුළුවන්, එළවලු කපන්නත් පුළුවන්. ඒ වගේ ෆේස් බුක් කියන එක දුර රටක ඉන්න තමන්ගේ යාලුවෝ, නෑදෑයෝ, හිතවතුන් සම්බන්ධ කර ගන්නට හොඳම තෝතැන්නක්. පිහිය කැපෙන බව දන්නා නිසා දෙමවුපියෝ ඒක පොඩි දරුවන්ගේ අතට අහුවෙන්න තියන්නේ නැහැ, ඒ වගේ දෙමවුපියෝ ෆේස් බුක් කියන එකත් තමන්ගේ දරුවට හිතුමතේ පරිහරණය කරන්නට දුන්නොත් අනතුරු වෙනවා නිසැකයි. 15,16,17 කියන්නේ කුතුහලයෙන් පිරුණු වයසක්. මෙහෙම හිතන්නකෝ එහෙනම්. ෆේස්බුක් නිසා මාස 2ට මරණ 4ක් උනා කියන්න. මැද පෙරදිග මෙහෙකාර සේවයට කාන්තාවන් යවලා, ඔවුන් මරණ, ආභාධිත කරන, දස වධ දෙන නිවුස් මාසෙකට කීයක් අහන්න ලැබෙනවද? මම ඊයෙත් දැක්කා අම්මා කෙනෙක් පූර්ණ ආභාධිත කරලා පොලු වලින් ගහලා. ඒ අම්මගේ දරුවන්ට දැන් කාගේ පිහිටක්ද? ඔය ෆේස්බුක් එක ගැන තියෙන උනන්දුවෙන්ම මේ ගැනත් හොයලා බලලා කාන්තාවන් මැද පෙරදිග වහල් මෙහෙයට යවන එක නතර කරන්න උත්සාහ කලානම් ඒකට හැමෝම ප්‍රශංසා කරාවි. (දී)
මේ වගේ කී දෙනෙක් නම් මැරුනද මේවට මුකුත් කරන්නේ නැද්ද ?(දිල්)
අන්න බුධිමත් තීරණයක්. එක මකුණයි කන්නේ ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ....!!(දිල්)
පසුගාමීත්වය අතින් අපි ඉන්නේ ලෝකයේ පළමු තැනට වගේ (දිල්)
තමන්ගේ ජීවිතයට මුල් තැන නොදි හොද දේ පමණක් ගන්නවා නම් කිසිම මරණයක් වෙන්නේ නෑ
ෆේස්බුක් අපේ ජීවිතය වගේ. (දී)
මේක තහනම් කරන එක නෙමෙයි වැඩේ මේක හරියට භාවිතා කරන හැටි කියලා දෙන එක (දී)
මෙය ෆේස් බුක් . වරදක් නවෙයි භාවිතයේ වරදක් (දී)
1. අරක්කු නිසා ගෙවල් වල පවුල් ආරව්ල් ඇති වෙනවා...අරක්කුත් තහනම් කරමු කෝ..... 2. දුම්රිය නිසා කීයක් මැරෙනවද වසරකට. ඒ නිසා දුම්රියද තහනම් කරමු කෝ.........(දී)
මේ මරන සිදු උනේ ෆේස්බුක් නිසා නොවේ මේවාට ප්‍රධාන වැරදිකරුවන් දෙමව්පියන් ඔව්න් දරුවන් කුඩා කල සිටම ආගම දහමට යොමු කර සාරධර්ම සංස්කෘතිය ගුණධර්ම ගැන දරුවන්ට කියාදෙමින් හැදුවනම් මේ මරණ එකක්වත් වෙන්නෙ නෑ අද කාලෙ ලමයෙක්ට පන්සලකට පල්ලියකට යන්ඩ වෙලාවක් නෑ පැය 24ම අද්යාපනයට යොමු කරලා ඇයි මේ මෙතනයි වෙනස් විය යුත්තේ අද්‍යාපනය අවශ්‍ය දෙයක් තමයි ඊට සමගාමීව ගුණධර්ම හා බුද්ධියත් දියුණු වියයුතුයි ඒ වගේම තව වරදක් තමයි දැන් අව්රුදු 4 ක් 5ක් වයස ලමයින්ට අන්දවන්නෙත් සරාගී ගතිය මතුවෙන ඇඳුම් පොඩි කාලෙ ඉඳලම දකින්නෙ රූපවාහිනියෙන් බොලඳ පෙම් කතා ඉතින් ඒ අයට ලමා මානසිකත්වයක් නෑ ඒකයි අපචාර වැඩි ඔය ෆේස්බුක් තහනම් කරන්න හදන එක්කෙනෙක් හරි කවදාවත් කිව්වද ලමයින්ට වෙනම ටීවී චැනල් එකක් හදමු කියලා එහෙම නැත්තම් ලමා මානසිකත්වයට ගැලපෙන අයුරින් ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කරමු කියලා දැන් යන ලමා වැඩසටහන් ඉදිරිපත් කරන ලමයි අඳින ඇඳුම් දැක්කම අප්පිරිය හිතෙනවා ජනාදිපතිතුමනි ෆේස්බුක් තහනම් කලාට රට හැදෙන්නෑ මෙන්න මේ වැරදි හදන්න ඒකයි හරි ක්‍රමය (දී)
මේ මරන සිදු උනේ ෆේස්බුක් නිසා නොවේ මේවාට ප්‍රධාන වැරදිකරුවන් දෙමව්පියන් ඔව්න් දරුවන් කුඩා කල සිටම ආගම දහමට යොමු කර සාරධර්ම සංස්කෘතිය ගුණධර්ම ගැන දරුවන්ට කියාදෙමින් හැදුවනම් මේ මරණ එකක්වත් වෙන්නෙ නෑ අද කාලෙ ලමයෙක්ට පන්සලකට පල්ලියකට යන්ඩ වෙලාවක් නෑ පැය 24ම අධ්‍යාපනයට යොමු කරලා ඇයි මේ මෙතනයි වෙනස් විය යුත්තේ අධ්‍යාපනය අවශ්‍ය දෙයක් තමයි ඊට සමගාමීව ගුණධර්ම හා බුද්ධියත් දියුණු වියයුතුය
ෆේස් බුක් තහනම් කලොත් තව එකක් සොයා ගනීවි (දී)
කෝච්චිත් තහනම්කල යුතුයි(දී)
සේන, පසුගාමීත්වය කොහොම වෙතත් තමන්ගේ රැවටිලිකාර දේශපාලනයයි , කුපාඩි වැඩයි ෆේස් බුක් හරහා චන්ද කාලයේ එළිවෙනවට බයේ තමය් ඕක ගෙනාවොත් ගේන්නේ (දී)
මව්පියන් දරුවන් ගැන මීට වඩා සොයා බැලුව නම් මේ වගේ දේවල් වෙන්නෙ නෑ (දිල්)
දරුවන්ගේ අකල්ප සැදිය යුතුයි .වෙන විකල්ප නෑ (දිල්)
හරි තහනම් නොකරමුකෝ?ඔබ තුමන්ලාගේ විකල්ප කියන්නකෝ?(දිල්)
කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ නඩු තින්දුව මිට වඩ හොදයි.. (දී)
ෆෙස් බුක් එක නිසා මරණ කීපයක් ඇති උනා නොවෙයි. මළගිය ලමයින්ගේත් දෙමව්පිය ගුරුවරුන්ගේත් වරද නිසා සිද්ද වූ මරණයි ඒවා. අනික ෆේස්බුක් වාරණය කරන්නට තරම් ආණ්ඩුව මෝඩ නැහැ කියලයි මම හිතන්නේ. මේ වාරණ කතාව අගුපිලක උපන්නක් ලෙසින් බැහැර කිරීම හොඳයි කියල මම හිතනවා. (දී)
ජේවීපී එකට බැරිද මේකට තුන්ඩු කෑල්ලක් දීල වාරණය නතර කරවන්න . මේ ගොල්ල ඒ වැඩේට කප් ගහපු කට්ටියනේ.(දී)
ෆේස් බුක් තහනම් කර ළමයි හදාගන්නවා කියන්නේ විහිළුවක්, දැනුවත් කිරීම නේද කළ යුත්තේ (දිල්)
නුතන තාක්ෂණය හරහා හෝ ප්‍රකට වන්නේ මිනිස් දුර්වල කම්. පාලකයාගේ පටන්, පැවිද්දාත්, පාසැල් ගුරුවරයාත්, දෙමව්පියනුත් දරුවන් යහමග යවන්න කල යුතු වැඩ කොටස ඉටු නොකිරීම නිසා, දරුවන් ඉබාගාතේ යනවා. මිනිස් දුර්වලකම් තාක්ෂණයෙන් ජය ගන්න බැහැ. පාන් කපන පිහියෙන් අත කපා ගත්තට පිහිය පළි නැහැ. (දිල්)
ලංකාවේ විතරක් නෙමෙයි දියුණු රටවලත් මේවා සිද්ද වෙනවා. පළමු දේ තමයි මේ ගැන හරි වැටහීමක් නැති එක . අනික දෙමව්පියන් අඩු වයස ළමයින්ට ඔවුන් කම්ප්යුටරයෙන් කරන දේවල් ගැන සොයා නොබැලීම. බොහොමයක් ලංකාවේ මව්වරුන් සහ පියවරුන් ඒ ගැන දන්නේ නැහැ. ඔය ටෙලිවිෂන් එකේ මෝඩ වැඩ අයින් කරලා මේවා ගැන දෙමපියන් හොදට දැනුවත් කලානම් එය රටටම වටිනා දෙයක් වෙයි.(දී)
මේක කරන්ට පුළුවන් නම් මාරු .(දිල්)
කට්ටිය දුම්රියට පැනල දිවි නසා ගන්න නිසා දුම්රියත් තහනම් කරමුද? ඒ වගේම සාරි, භුමි තෙල්, පිහි, කඹ, නිදි පෙති වගේ ඒවත් තහනම් කරලා ලෝකෙට අපේ තරම පෙන්නමු. (දිල්)
හරි ලක්ෂ්මන් එතකොට ඔය කියන්නකෝ ඔයාට පිහියෙන් ඇන්නොත් අනපු කෙනාද වැරදි පිහියද වැරදි..(දිල්)
මව්පියන් දරුවන් ගැන සැලකිලිමත් විය යුතුයි කීවට හරියනවද? අම්මල මොනවද ෆේස්බුක් ගැන දන්නේ? ළමයින්ගෙන් ඉගෙනගන්න කාලෙ දැන් ඇවිල්ල තියෙන්නේ (දී)
ෆේස්බුක් තහනම් කිරීම හෝ වාරණ ගෙන ඒමක් සිදුවෙන්නේ නැහැ. එහෙම කරන්ට තම පාලනය දුර්වලත් නැහැ. මෝඩත් නැහැ.(දී)
පිස්සු නැත්නම් ෂෝක්.(නදී)
තවමත් ලංකාවේ දෙමවුපියන් වැඩි පිරිසක් පරිගණකය පිලිබදව දැනුමක් නැති නිසා දරුවන් අන්තර්ජාලයේ කරන දේවල් සොයා බලන්නට දැනුමක් නෑ.එබැවින් දරුවන් පරිගණකයේ මොනම හෝ වැරදි වැඩක් කළද දෙමවුපියන් සිතන්නේ තම දරුවා යහපත් අධ්‍යාපන කටයුත්තක යෙදෙන බවයි.(දිල්)
නවත්වලා බලමු මොකද වෙන්නේ කියලා (දී)
එහෙනම් මේවා වලක් වන්න මොබිල් පොන් එකේ ඉදන් හැම දෙයක්ම තහනම් කරන්න වෙනවා.හැම දෙකම දෙපැත්තක් තිබිනට අපේ අය ගන්නේ එකේ වැරදි පැත්තනේ හැම විටම.නුතන තාක්ෂනේ ප්‍රයෝජනයක් නොගෙන එකෙන් විනාසයක් බලාපොරොත්තු වෙනවනම් එක තක්සනේ වරද නෙමේ.(අ)
මිනිස්සුන්ගෙ ආකල්ප හදනව මිසක් මේවගෙ ගොන්පාට් වැඩ කරල වැඩක් නෑ (අ)
මේක අන්ධානුකරණයේ අතුරු ඵලයක් විධියට තමා මම නම් දකින්නේ. (අ)
හූ..... අපි බය වෙයි ඕවට. තහනම් කලාම අපිට යන්න බෑ කියලා හිතන් ඇති. පව් අපේ මෝඩ ලොකු මාමිලා ටික. (අ)
මේකෙ මූලිකම ප්‍රශ්නය බොහොමයක් මව්පියන් තුළ තාක්ෂණික දැනුම නැතිකම , ළමයෙක් සමාජය තුල වැරැද්දක් කරනවානම් ඔන්න දෙමව්පියන්ට පුලුවන් ක්‍රියාත්මක වෙන්න. නමුත් පොඩි එකෙක් පරිගණය ලග ඉදගෙන ඕනම දේකට ඇබ්බැහි වෙන්න පුලුවන් මොකද කවුරුත් දන්නැති හින්දා , අපේ මේ පරම්පරාවට ළමයි ඉන්න කාලෙක් ඔන්න අපිට පුලුවන් අහැගහගෙන ඉන්න, ෆේස්බුක් අපි ගෙදර ඉන්න වෙලාවට භාවිතා කරන්න දෙන්න , ෆැමිලි සේෆ්ටි ෆිල්ටර් එකකින් ට්‍රැක් කරන්න. මේ තීරණය හොදයි . මේවට වැරදියි කියන්න කාටවත් බෑ ,(අ)
ලොකු දෙයක් (අ)