ෆේස්බුක් මිතුරන්ගෙන් සැදුම් ලත් ‘සමාජ සත්කාර‘ සංවිධානය දියතලාව ඇල්ලේගම විහාරස්ථානයේ බුදු මැදුරක් ඉදි කර කඨින චීවර පූජාවක් ද පැවැත්වීය.
ධනේෂ් මදුරංග එදිරිසූරිය මහතාගේ මෙහෙයවීමෙන් එම පිංකම් පැවැත්විණි.
ෆේස්බුක් මිතුරන් 1500කගේ පමණ දායකත්වයෙන් මාසයක් ඇතුළත බුදු මැදුර ඉදි කැරිණි.
ඉන් පසු මිතුරන් 1000කගේ පමණ දායකත්වයෙන් කඨින චීවර පූජාව පැවැත්විණි.
කඨින චීවරය නිවසේ සිට නර්ථනාංග 10ක් සහිත පෙරහරකින් වැඩමවාගෙන අවුත් පූජා කර ස්වාමින්වහන්සේ සිය නමකට සාංඝික දානයක් පිරි නැමනු ලැබූහ.
පිංකම අවසානයේ ප්‍රදේශවාසීන් 1500ක් සඳහා බත් දන්සලක් ද පැවැත්වූහ.
රේණුකානේ චන්දවිමල නාහිමියන් විසින් රචින ‘බෞද්ධයාගේ අත්පොත‘ නම් කෘතියේ පිටපත් 500ක් ද ෆේස්බුක් මිතුරෝ ප්‍රදේශවාසීන්ට බෙදා දුන්හ.



















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම දෙයක හොඳ හා නරක කියා දෙපැත්තක් තියෙනවා. මුහුණු පොත මෑත කාලයේ ආණ්ඩු පවා පෙරළා දමන්න සමත් වුණා වගේම සමාජ විරොධී ක්‍රියාවන්ට පවා දිනපතා පෙළඹ වෙමින් සිටිනවා. මේ තරුණ පිරිස නූතන තාක්ෂණය අපේ සංස්කෘතික පසුබිම හා සම්බන්ධ කර ලොවටම දී ඇත්තේ මහඟු ආදර්ශයක්. ඒ වගේම අනාගත පරපුරට පූර්වාදර්ශයක්.(ම)
ඕනෑම දෙයක හොඳ හා නරක කියා දෙපැත්තක් තිබෙනවා. මුහුණුපොත මෑත කාලයේ ආණ්ඩු පවා පෙරළා දමන්න සමත්වුණා වගේම සමාජවිරෝධී ක්‍රියාවන්ට පවා දිනපතා පොළඹවමින් සිටිනවා. මේ තරුණ පිරිස නූතන තාක්ෂණය අපේ සංස්කෘතික පසුබිම හා සම්බන්ධකර ලොවටම දී ඇත්තේ මහඟු ආදර්ශයක්. ඒ වගේම අනාගත පරපුරට පූර්වාදර්ශයක්. (නි)
ගමේ ගොඩේ දුප්පත් පාසල් ගැනත් මේ විදිහටම සොයාබලන්න (නි)
සාදු සාදු!! මේවා තමයි වෙන්න ඕනෑ (නි)
ධනේෂ් මධුරංග එදිරිසූරිය මහතා පසුගිය වසර කිහිපය තුළ ලංකාවේ අහිංසක ජනතාවට විශාල වශයෙන් පිහිටවුණා (නි)
ආදර්ශමත් මහඟු පුන්‍යකර්මයක්. ඔබලා සැමට පින්. (ම)
ඉතාම ආදර්ශමත්. සාදු! සාදු !!සාදු !!! (නි)
ඉතාම විශිෂ්ටයී ..(ම)
මොහොතින් මොහොත පින් වැඩෙන ක්‍රියාවක්. බුදු සරණයි, සියලු දෙවි පිහිටයි දායකවූ සැමට. (ම)
මෙතන ඉන්න නොලැබුනත් මටත් මෙයට ආධාර කිරීමට හැකිවීම ලොකු භාග්‍යයක්!! (නි)
හරිම සතුටුයි (නි)
බොහොම හොඳයි (නි)
මොනතරම් හොඳ වැඩක්ද? මේ වගේ දේවල් තමයි වෙන්න ඕනෑ (නි)
හොඳ වැඩක් (නි)
බොහොම සතුටුයි (නි)
පින් ඇති මිනිස්සු පිනටම නැඹුරු වෙති (නි)
තව තවත් මෙවැනි කටයුතු වලට ශක්තිය ධෛර්ය ලැබේවා! (නි)
සැම දෙනාගේම හැම පැතුමක්ම ඉටුවේවා! (නි)
සාදු...සාදු....සාදු!! නමෝ බුද්ධාය.....! මේ උතුම් පින සතුටින් අනුමෝදන් වෙමි (නි)
බුදුසසුන බැබළේවා! සාධු! සාධු! සතුටු සිතින් අනුමෝදන් වෙමි. දායකවූ සියලු පින්වතුන්ට උතුම් ධර්මාවබෝධය ලැබේවා.......! (නි)
හොඳ වැඩක් (නි)
සාදු සාදු සාදු !!! (නි)
නියම වැඩක්. සුබ පතනවා !!!!! (නි)
ඉතාම අගේ ඇති ඉස්තරම් වැඩක්. (නි)
ඉතා උතුම් කාර්යයක්. දායක වූ සියලු දෙනාටම රත්නත්‍රයේ සරණ ලැබෙනවා! (නි)
සාධු! සාධු!! සාධු!!! ඉතා උතුම් වූ විසිතුරු ලෙස අතිශය සැළකිල්ලෙන් කරන ලද්දා වූ මේ පින ඉතා උනන්දුවෙන් අනුමෝදන් වෙමි. (නි)
හරිම හොඳ වැඩක්. වැඩක් නැති ඒවා කර කර ඉන්නවට වැඩිය කොච්චර හොඳද? ඔබ සැමට තෙරුවන් සරණයි! (නි)
ඉතාම අගය කළයුතු දෙයක්. ඔබට ජයෙන් ජයම වේවා! (නි)
ඉතාමත් වටිනා ක්‍රියාවක් .සමාජජාල වෙබ් අඩවියකින් මේ වගේ දෙයක් කරන්න ලැබීම ..හැමට ආදර්ශයක්(රේ) .
සාදු සාදු . ඉතාම හොඳ දෙයක් . (ස)
ඉතා විශිෂ්ට පින්වන්ත ක්‍රියාවක්. ඔබ තරුණ සියලුදෙනා රටටත්, සමාජයටත් ආදර්ශයක්. මේ පින් ඔබ සැමට ආශිර්වාදයක් වේවා! (නි)
ඔබට ජය වේවා! (නි)