ෆේස්බුක් සමාජ බෙව් අඩවියෙන් දැන හැඳින ගත් මිතුරෝ පිරිසක් ෆේස් බුක් සමාජ වෙබ් අඩවියේ සිටින මිතුරන් 40කගේ ද උදව් ඇතිව මොණරාගල කරාණගම කනිටු විදුහලට තෑගි බෝග රැගෙන නෑගම් ගියහ.
මොරටුවේ ධන්ෂ් මධුරංගගේ අදහසක් අනුව සිදුකළ මෙම සත්කාරයට සියලු පහසුකම් ලැබී ඇත්තේ ෆේස්බුක් සමාජ වෙබ් අඩවියෙන් දැන හැදින ගත් මිතුරන්ගෙනි.
ශ්‍රී ලංකාවේ විවිධ පැතිවල සිටින ෆේස්බුක් මිතුරන්ට අමතරව ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය, කුවේට්, ඩුබායි, ඊශ්‍රායෙලය, කොරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල රිකියා කරන ශ්‍රී ලාංකික ෆේස්බුක් මිතුරෝද රැසක් ද මේ සත්කාරයට දායක වූහ.
දුෂ්කර පාසලකට උදව් උපකාර කිරීමට ඇත්නම් හොඳ යැයි ධනේෂ් මධුරංග විසින් ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කළ අදහසකට අනුව එය දුටු ෆේස්බුක් මිතුරන් රැසක් උදව් උපකාර කිරීමට ඉදිරිපත් වී ඇති අතර දුෂ්කර පාසලක් සොයද්දී මොණරාගල කරාණගම කණිටු විදුහල සොයා දී ඇත්තේ ද මොණරාගල ෆේස්බුක් මිතුරකු විසිනි.
කොළඹ සිට මොණරාගලට නෑගම් යෑමට සඳහා වෑන් රිය, ඉන්ධන හා නවාතැන් පහසුකම් ද නොමිලයේ ලැබී ඇත්තේ ෆේස්බුක් මිතුරන්ගේ මාර්ගයෙනි.
උදව් උපකාර කළ සියලු ෆේස්බුක් මිතුරන් නියෝජනය කරමින් 10 දෙනකු සඳුදා (07) උදෑසන 7.30ට මොණරාගල දොඹගහවෙල කරාණගම කණිටු විදුහලට ගිය අතර එම විදුහලේ විදුහල්පති ඒ එම් විජේරත්න මහතාගේ උපදෙස් පරිදි සිසුන් විසින් ඔවුහු පිළිගනු ලැබූහ.
පාසල් ළමයි , දෙමාපිය , ගුරුවරු සහ ෆේස්බුක් මිතුරෝ පිරිස එක්ව කිරි උතුරවා ගනුදෙනු කිරීමෙන් පසු කැවුම් කිරිබත් කෑහ.
අනතුරුව අවුරුදු උත්සවය ආරම්භ විය. පාසල් ළමයින් වෙනුවෙන් බනිස් කෑම, බැලුම් පිපිරවීම, අන්ධයාට කිරි කැවීම, ගෝනි දිවීම, ඉඳිකටුවට නූල දැමීම, පිටිගොඩේ කාසිය සෙවීම, ටොෆි ඇහිඳීම, ලිස්සන ගස නැගීම, බෝතලයට වතුර පිරවීම, කනාමුට්ටි බිඳීම, සමබර දිවීම, විවිධ ඇඳුම් තරඟය, අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරඟ පැවැත්විණි.
දෙමාපියන් වෙනුවෙන් ජන ගායනා, පොල් අතු විවීම සහ කෙටි දුර දිවීමේ අතඟ පැවැත්වූ අතර ගුරුවරුන් වෙනුවෙන් සංවිධානය කර තිබූ තරඟ වර්ෂාව නිසා නතර කරන්නට සිදු විය.
සියලු තරග පවත්වා අවසානයේ ජයග්‍රාහකයනට තෑගි දුන්හ.
ඊට අමතරව පාසලේ සිසුන් 81 දෙනා වෙනුවෙන්ම ත්‍යාග පාර්සල 81 පිරිනැමූහ. පොත්, පෑන්, පැන්සල්, අඩිරූල්, කවකටුපෙට්ටි, පාට පැන්සල්, වතුර බෝතල්, කතුරු ආදී අධ්‍යාපන උපකරණ රැසක් ඊට එම ත්‍යාග පාර්සලවල ඇතුළත් විය.
විදුහල වෙනුවෙන් හුණු පෙට්ටි, ෆයිල්කවර, ඔරලෝසුවක් සහ තවත් උපකරණ කිහිපයක් පිරිනැමූහ.
මේ සියලු ත්‍යාග ෆේස්බුක් වෙබ් අඩවිය හරහා ලැබුණු ඒවා වීම විශේෂත්වයක් විය.
ධනේෂ් ඇතුළු ෆේස්බුක් මිතුරන් කිහිප දෙනෙක් එක්ම මීට සති කිහිපයකට පෙර ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කළ අතර ඒ සඳහා 132 කු පැමිණ ලේ පරිත්‍යාග කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. සියලු දෙනාටම ආදර්ශවත් වැඩක්.තවත් මෙවැනි දේ කරන්න ශක්තිය ලැබේවා!!! (ස)
බලන්න කොච්චර ආදර්ශවත් වැඩක්ද කියලා. අද අන්තර්ජාලය පාවිච්චි කරල වෙන අනිටු විපාක වලට මේවා හොඳ පාඩම්.මේ වගේ හොඳ වැඩ කරනවනම් කොච්චර හොඳද? (ස)
කෝ මේ අපේ කට්ටිය. මේවගේ හොඳ දෙයක්වත් අගය කරන්නෙ නැද්ද? ඉතා හොඳ වැඩක්. සුබ පැතුම් (ස)
අපේ පැරණි සංස්කෘතිය මේ පුංචි පැටවුන්ට දැනගන්න පුළුවන් වුණ හොඳ අවස්ථාවක්.සුබ පැතුම් නංගිලා මල්ලිලට. තවත් මෙවැනි දේ සංවිධානය කිරිමට ශක්තිය ලැබේවා. (ස)
හොඳ වැඩක්. අපේ දේ රැකගන්න ඕන අපිම තමයි. අන්තර්ජාලයෙන් මෙවැනි හොඳ දේවලුත් කරන්න පුළුවන් කියලා හැමෝටම කියල දුන්න ඔයාලට ස්තූතියි. (ස)
ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා. වරෙල්ලා වරෙල්ලා වැල්ලෙ පදිමු රන්ඔංචිල්ලා. (ස)
අගය කළ යුතු හොඳ වැඩක්. (ස)
අවුරුද්දත් කිට්ටු කිට්ටු. එරබදු මල් පොට්ටු පොට්ටු. අපේකම මේ දරුවන්ට කියල දෙන්න ගත්ත හොඳ උත්සාහයක්. මේකට අනුග්‍රහය දක්වපු මල්ලිලා නංගිලටත් ස්තූතියි. අගේ කළ යුතු යහපත් වැඩක්. (ස)