ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය මගින් එකතුවූ පිරිසක් වාරියපොළ බමුණාකොටුව , පනාගමුව අසරණ පවුලක් වෙනුවෙන් නිවසක් ඉදිකරදීමට සම්බන්ධ වූහ.
ඔවුහු එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත් වන සමන්ත අනිල් රෝහිත (39) හා සාලිකා සුමුදු කුමාරි (30) දෙදෙනා හා දියණියන් සිව් දෙනා මෙතෙක් වාසය කළ ඉටිරෙදි හා පොල් අතුවලින් ආවරණය කරගත් අනාරක්ෂිත පැල වෙනුවට නිවසක් ඉදිකරදීම සඳහා මුල්ගල් තැබූහ.
ෆේස්බුක් සාමාජිකයකු වන කැලණිය බොල්ලෑගල සිරි පැරකුම් මාවතේ පී.එල්.සුමේධ රුවන් කුමාර මහතා මෙම පිංකමේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සියලු දෙනා දේශපාළුවන් පසුපස යද්දී මේ වගේ හොඳ මිනිසුන් කොටසක් මානුෂික මෙහෙවරක් කර ඇත (නි)
අපිත් මෙතන හැමදේටම මරාගන්න එකේ කට්ටියම එකතුවෙලා මේ වගේ පිනක් දහමක් කරමුද? (නි)
මෙන්න නියම මනුෂ්‍ය ලේ තියන මින්ස්සු, ඔබලාට පින් (හේ)
ඉතා හොඳ වැඩක්....අගය කල යුතුය. (හේ)
අසරණ පවුලක් වෙනුවෙන් ඔබ සියලු දෙනා කළ මේ පුණ්‍ය ක්‍රියාව ඉතා අගේ කොට සලකමි.තව තවත් මෙවැනි අසරණ අයට පිහිට වීමට ඔබ සැමට ශක්තිය ලැබේවායි පතමි.!(හේ)
හොඳ වැඩක්.(හේ)
මෙවැනි දේවල් අපි අගේ කරනවා. (ර)
ප්‍රදීප් හරි. මටත් දායක වෙන්න විදිහක් කියන්න. හොඳම වැඩක්. (ර)
නියමයි . කියන්න වචන නැහැ. (ර)
වල්මත් වෙලා පේස් බුක් එකේ ආදරය හොයමින්, අනුන්ට මඩ ගහමින් ඉන්න පේස් බුක් යාලුවන්ට හොද ආදර්ශයක්. (ර)
අගය කරනවා හදවතින්ම. (ර)
ඔබ සියලුදෙනාට දළඳා සමිදු පිහිටයි තවත් මෙවැනි පිංකම් කරන්න යෝද බල යෝද ශක්තිය ලැබේවා (බ)