බහරෙන්හි රැකියා කරන සුදේෂ් කරුණාතිලක මහතා සහ තවත් ෆේස්බුක් මිතුරු පිරිසක් එක්ව හරකුන්ට අභයදානයදීමේ පිංකමක් 26 වැනිදා සවස 03 ට කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී පැවැත්වීමට නියමිතය.
මරණයෙන් මුදා ගන්නා හරකුන් සිවිල් ආරක්ෂක බළකායේ ගොවිපල ට භාර දීමට යයි.
වැලිසර , මාලිගාවත්ත වැනි ප්‍රදේශවල ගව ඝාතකාගාර වලින් මේ හරකුන් මුදාගත් බව කරුණාතිලක මහතා පවසයි.
මේවන විට හරකුන් 30 දෙනකුට පමණ අභයදානය ලබා දී ඇති බවද ඔහු කියයි.
සුදේශ් කරුණාතිලක මහතා
2025 දෙසැම්බර් මස 18
675
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෆේස්බුක් මිතුරෝ අභය දානයේ
ලේක්කෝ ගලබඩ Friday, 20 December 2013 08:21 PM
ඔබටත් සම්බන්ධ සියලුම පවුල් වල සාමාජිකයින්ටත් නිරෝගී, සැපවත් දිවියක් සහ දීර්ඝායුෂ ලැබේවා මේ කර ගත මහා පින්කමෙන්! (අ)
තිලින බණ්ඩාර Friday, 20 December 2013 11:13 AM
ඔන්න මිනිස්සු (දිල්)
ජෙරාඩ් Friday, 20 December 2013 11:22 AM
මහත්මයා ඔබලාට ගොඩක් පින්. ඔබලාගේ ජීවිත වලට තව තවත් වාසනාව උදා වෙනවා නියතයි (දිල්)
ශාන් Friday, 20 December 2013 11:45 AM
හොඳ වැඩක්.(නදී)
චාමික Friday, 20 December 2013 11:56 AM
මුහුණු පොත හරියට පාවිච්චි කලොත් ගොඩක් වටිනවා. ඒක කොච්චර වටිනා/උතුම් පිනක්ද? පින්සිද්ද වේවා සුදේශ් අයියේ.(නදී)
දිනේෂ් එරංග Friday, 20 December 2013 12:05 PM
ගොඩක් පින්.(නදී)
රංජිත් සිල්වා Friday, 20 December 2013 12:24 PM
ඔබට අපේ ප්‍රණාමය. හොඳ වැඩ කරමින් තවත් කාලයක් සතුටින් සිටීමට හැකි වේවා කියා පතමු. මැණික් නම් කොහේ තිබුනත් දිදුලනවා. (දිල්)
"සංජු කුවෛට් " Friday, 20 December 2013 12:25 PM
හරක් ටික දැක්කම බඩ පපුව පිච්චිලා යනවා වගේ මේ සත්තුන්ව මරනකල් මොන ජාතියක උන්ද කියල මට තේරෙන්නේ නැහැ ....ඔබව සම්බන්ද කර ගන්න පුළුවන් විදියක් කියන්න අපිත් එකතු වෙන්න (දිල්)
මංගලිකා Sunday, 22 December 2013 02:12 AM
සුදේශ් ඔබ ඇතුළු දායක උන සියලුම් දෙනාට පින් (අ)
සුමංගල ඇල්පිටිය Friday, 20 December 2013 12:39 PM
තාක්ෂණය යහපත් දෙයට යොදා ගන්නා බෝධි සත්ව දරුවෝ!(දිල්)
මංජුල අබු ඩාබි සිට Friday, 20 December 2013 01:01 PM
එතුමා මගෙත් ෆේස්බුක් මිතුරෙක්. ඔහුගේ ෆේස්බුක් පිටු පිරි තිබෙන්නේ වැදගත් පුවත් සහ මෙවැනි සද් ක්‍රියා වලින්.(ස)
දසනායක Friday, 20 December 2013 01:02 PM
මෙතරම් පිනක් වෙන කොහෙවත් නෑ. (ස)
රමිල Friday, 20 December 2013 01:12 PM
ඕවා තමයි යනකොට අරන් යන්න ඉතුරු වෙන්නේ. සුබ පැතුම්. (ස)
ලලිත් Friday, 20 December 2013 01:21 PM
මේ ආත්මයේදී කරනා මේ පිං මතුවටත් පිනක් වේවි (දිල්)
විජේ Friday, 20 December 2013 01:29 PM
අගය කලයුතු සත්කාර්යයක්.(නදී)
සස්හිම් Friday, 20 December 2013 02:08 PM
මෙවන් වැසියෙකු ලද මුළු රට වාසනාවන්!! (අ)
සංජිව. බහරෙන් Friday, 20 December 2013 02:09 PM
සුදෙශ් මහතාන් අතුලු පිරිසට දීර්ඝායුස (අ)
සුදෙශ් කරුණාතිලක. Friday, 20 December 2013 02:41 PM
ගැබ්බර එළදෙනුන් දෙදෙනෙක් ඇතුළුව සතුන් 13 දෙනෙක් අපි නිදහස් කර ගෙන තියෙනවා. ලබන දෙසැම්බර් 26 වෙනිදා කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී පූජ්‍ය මාදොළුවාවේ සෝභිත නාහිමිපාණන්ගේ ආශීර්වාදයෙන් මේ සතුන් අපි ශ්‍රී ලංකා සිවිල් ආරක්ෂක බළකායේ ගොවිපොළ සඳහා භාර දෙනවා. පින් කැමති ඔබ සියළු දෙනාටම එදින සවස 3 ට නාග විහාරයට පැමිණෙන ලෙස කාරුණිකව ආරාධනය කරන්නට කැමතියි... (ස)
ලලිත් Friday, 20 December 2013 02:54 PM
මෙන්න නියම මිනිස්සු. (ස)
පතිරණ Friday, 20 December 2013 03:22 PM
ගොඩක් පින් ඔයාට (අ)
ආනන්ද යද්දෙහි Friday, 20 December 2013 03:43 PM
ඉතා හොඳ පුද්ගලයෙක්. (ස)
ලක්ෂාන් Friday, 20 December 2013 05:46 PM
ඔබ නාලන්දියෙක් වීම අපිට ආඩම්බරයි
ශාන්ති Friday, 20 December 2013 05:48 PM
ඉතාමත් හොද වැඩක් ඔබට තවතවත් මෙවැනි පින් කටයුතු කිරීමට ලැබේවා (අ)
සුරංග විජේරත්න Sunday, 22 December 2013 02:24 PM
ඉතාමත් හොද වැඩක්. ඔබට තවතවත් මෙවැනි පින් කටයුතු කිරීමට ලැබේවා. මටත් නොම්මරයක් එවන්න.මට ඕනෑ මේකට දායක වෙන්න. (ත)
සංඛ Friday, 20 December 2013 06:35 PM
වචනයෙන් කිව නොහැකි තරම් පිනක්. මෙවැනි කාර්යයන් තවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. (අ)
අශෝක Friday, 20 December 2013 07:07 PM
පුතේ නුඹට මුළුසිතින්ම සුභපතනවා! (අ)