ලොව ජනප්‍රියතම වෙබ් අඩවිය වන ෆේස්බුක් වෙබ් අඩවියේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පිය පදවිය ලබා ඇතැයි ඔහු සිය ෆේස්බුක් ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් කියයි.
සිය බිරිය ප්‍රිසිලා චෑන් කුළුඳුල් දරුවා බිහිකිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් සකර්බර්ග් බිරියගේ නමින් ‘චෑන් පදනම‘ පිහිටුවීය. ඒ වෙනුවෙන් සිය ෆේස්බුක් වත්කමින් 99% ක කොටසක් වෙන් කිරීමටද ඔහු කටයුතු කර ඇත. එය දළ වශයෙන් ඩොලර් බිලියන 45 ක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 6423 ක්) පමණ වෙතැයි කියති.
එම පදනමේ අරමුදල් රෝගී පුද්ගලයන්ට, අධ්‍යාපනය ලබන්නන්ට හා වෙනත් සමාජ සත්කාර සඳහා යෙදවීමට සකර්බර්ග් පවුල කටයුතු යොදා ඇත.
ලොව ලාබාලතම බිලියනපතියා වන සකර්බර්ග්ට හා ඔහුගේ බිරියට දාව ඉපිද ඇති කුළුඳුල් දරුවා දියණියකි.
තවමත් 30 හැවිරිදි වියේ පසුවන සකර්බර්ග් හාර්වර්ඩ් සරසවියේ පරිගණක විද්‍යාව හැදෑරූවෙකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම මිනිසෙක් (නි)
දීර්ඝායුෂ ලැබේවා! (නි)
සුබ පැතුම්! (නි)
වාසනාවන්! (නි)
ඔබේ දිවි මඟ වාසනා වේවා ..!!! (ම)
අද සල්ලි පස්සේ දුවන අපි හැමෝටම ආදර්ශයක් , ඇතතටම මට අඩුනා සතුටට , මහජන මුදල් කොල්ල කන අය වගේම මේ වගේ හොද අයත් ඉන්නවා , වාසනා වේවා ,ඔබ තුන් දෙනාම නිරෝගී සුවපත් ජීවිතයක් ලැබේවා.! (ර)
වාසනා වේවා ! සුබ පැතුම් ඔබ දෙපලට (ම)
ඔබට මගේ සුබ ඇතුම්! (නි)