සිසුන්ගේ මරණවල වගකීම ෆේස්බුක් වෙත පැවරීම බුද්ධි ගෝචර ක්‍රියාවක් නොවේ යැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
එම සංසදයේ ජ්‍යෙෂ්ඨ තෙරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසන්නේ ෆේස්බුක් සම්බන්ධ සිද්දීන් මූළික කැර ගනිමින් සියදිවි නසාගත්තායැයි ප්‍රචලිත වූ සිසුවියන්ගේ මරණයට හේතුව ෆේස්බුක් පිළිබඳ නිසි අවබෝධයකින් තොරව කටයුතු කිරීම බවයි. ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘මේ ක්‍රම හේතුවෙන් ෆේස්බුක් කියන්නේ ඉතාමත්ම සුරක්ෂිත සමාජ ජාල වෙබ් අඩවියක්. නමුත් ශ්‍රී ලංකාවේ දෙමාපියන්, ගුරුවරුන් හා තීන්දු තීරණ ගන්නා ඇතැම් අය මෙය හරිහැටි තේරුම්ගත යුතුයි. එවිට මේ වගේ ගැටළු ඇතිවන්නේ නැහැ. දරුවන්ගේ ෆේස්බුක් ගිනුමේ නොදන්නා පුද්ගලයන් ඇතුළුවීම වැළැක්විය යුතුයි. අනවශ්‍ය ඡායාරූප ඉවත් කළ යුතුයි. මෙය තමන්විසින්ම පහසුවෙන් කළ හැකි දෙයක්. එය නිවැරදිව භාවිතා කරනවානම් සියදිවි නසා ගැනීම් සිදුවන්නේ නැහැ. සියදිවි නසා ගත්තේ ෆේස් බුක් භාවිතයෙන් මතුවූ ගැටළුවක් බව පවසමින් සමාජයේ ඉතා ප්‍රචලිත සමාජ ජාලයක් ඉවත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.
චන්ද්‍රගුප්ත මහතා පවසන්නේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පසුගිය වසර කිහිපයේ දී ෆේස්බුක් සම්බන්ධ පැමිණිලි ලැබී ඇති බවයි.
2011 වර්ෂයේ දී එවැනි පැමිණිලි 1, 040ක් ද , 2012 දී පැමිණිලි 1,150ක්, 2013 දී පැමිණිලි 1, 200 ක් හා 2013 ගතවූ මාස එකහමාරකදී පැමිණිලි 250 ක් ලැබී ඇත. චන්ද්‍රගුප්ත මහතා පවසන්නේ මේ පැමිණිලි වලින් සැළකිය යුතු ප්‍රමාණයක් කලාකරුවන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන්ගෙන් ලැබී ඇති බවයි. තම නමට වෙනත් ගිණුම් පවත්වාගෙන යාම පිළිබඳ මෙලෙස පැමිණිලි කැර ඇති බවත් ඒ මහතා පවසයි. පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ව්‍යාජ ගිනුම් පවත්වාගෙන යමින් අනවශ්‍ය ප්‍රකාශ නිකුත් කරන්නන් සම්බන්ධයෙනි.
ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වාරණය කළ යුතුයැයි දැන් කතා බහක් ඇතිවෙමින් පවතී. ඉන්ද්‍රගුප්ත මහතා පවසන්නේ එය වාරණය කිරීමට අවශ්‍ය නොවන බවයි. නිවැරදිව පාලනය පිළිබඳ උපදෙස් ලබා දිය යුතු බව ද එවැනි උපදෙස් මාලාවක් දැනටමත් ලබා දෙමින් පවතින බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
‘ෆේස්බුක් කියන්නේ සමාජ ජාල වෙබ් අඩවියක් කෝටි ගණනක ජනතාව ඒ හා සම්බන්ධවී සිටිනවා. ශ්‍රී ලංකාවේත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ෆේස් බුක් හා සම්බන්ධයි. ගැටලූව තියෙන්නේ ෆේස් බුක් වෙබ් අඩවියේ නොවෙයි. එය භාවිතා කරන ක්‍රමයේයි. සාමාන්‍යයෙන් ෆේස්බුක් හා සම්බන්ධ වීමේදී එකි නෙකාට වෙන වෙන ම ගිණුමක් ලැඛෙනවා. එයට මුරපදයක් තිඛෙනවා. මේ මුරපදය රහස්‍ය එකක්. එය නොදන්නා කිසිවෙකුට ඒ ගිණුමට ඇතුළු වීමට හෝ පරිහරණය කරන්න බැහැ. මේ ගිනුමට දත්ත ඇතුලත් කිරීමේ දී ඒ දත්ත පොදුවේ ඕනෑම අයෙකුට බැලිය හැකි ආකාරයට හෝ සීමිත මිතුරන් පිරිසකට පමනක් බැලිය හැකි ආකාරයටත් යෙදිය හැකියි. ඒ වගේම නොදන්නා අය මේ ගිනුම හා සම්බන්ධ කැර නොගෙන තමන් දන්නා හඳුනන අය පමණක් ඇතුළු කැර ගැනීමේ හැකියාව තිඛෙනාව. තමන්ගේ ගිණුම සමීපත ම මිතුරන්ට, පවුලේ අයට, නෑයන්ට පමණක් වශයේන සීමා කිරීමේත් හැකියාව තිඛෙනා. මේ නිසා ෆේ්ස්බුක් ගිනුමක් කියන්නේ විවෘත වන දෙයක් නොවෙයි. ‘
ඕනෑම අයෙකුට පහසුවෙන් ෆේස්බුක් ගිනුමක් සාදාගැනීමට ඇති හැකියාව ද ෆේස්බුක් ජනප්‍රිය වීමට හේතුවකි. බොහෝ දෙනකු පහසුවෙන් මතක තබා ගත හැකි මුරපද මේ සඳහා යොදා ගැනීම ද හානි දායකය. ඇතැම් පුද්ගලයන් තම උපන්දිනය, ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය මුර පදයක් ලෙස යොදා ගනී. එය නෙත් කෙනෙකුට සොයා ගත හැකි මුරපදයක් වීම ගිනුමට අනවශ්‍ය පුද්ගලයන් ඇතුළු වීමට හේතුවකි. එහෙත් ෆේස්බුක් හි ඇති පහසුකමක් වන්නේ කිසිවකු හෝ තම ගිනුම විවෘත කරන්නේ නම් ඒ බව ජංගම දුරකථනයට එස්.එම්.එස්. පණිවිඩයක් ලැඛෙන පරිදි සකසා ගැනීමට හැකිවීමයි.
චන්ද්‍රගුප්ත මහතා පෙන්වාදෙන්නේ ෆේස්බුක් ගිනුමට අවනත් අය අනවශ්‍ය ඡායාරූප ඇතුළු කරනවායැයි චෝදනාවක් පැවතිය ද එවැනි අනවශ්‍ය ඡායාරූප හෝ අදහස් ඇතුළු කරන්නේ නම් ඒවා ඉවත්කිරමට හෝ සීමා කිරීමට ගිනුමක් පවත්වාගෙන යන ඕනෑම අයකුට හැකියාවක් පවතින බවයි.
ඇතැම් රටවල විවිධ හේතූන් මත ෆේස්බුක් තහනම් කළ අරාබි රටවල් රැසක එයට සමාන වූ තම රටේම නිපදවූ සමාජ ජාල වෙබ් අඩවි නිර්මාණය කැර ඇතැයි චන්ද්‍රගුප්ත මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදැන ගියොත් කනත්තේ (දී)
"ෆේස්බුක්" යන වචනය දෙස පවා බොහෝ දෙනා බලන්නේ වැරදි අදහසිනි. "ෆේස්බුක්" හි ඇති වැරැද්දක් නැත. එහිදී ඔබට අවශ්‍ය ආකාරයට සම්බන්ධතා පවත්වා ගැනීමට අව්‍ය කරන බොහෝ ක්‍රමවේදයන් ඇත. ඒවා ඔබට අවශ්‍ය ආකාරයට පාවිච්චි කළ හැකිය. සකසා ගත හැකිය. බොහෝ සීමා මායිම් සමඟ කටයුතු කළ හැකිය. එහෙත් වැරැද්ද ඇත්තේ ඒවා භාවිතාවෙහි ය. නැතහොත් භාවිතා කරන ආකාරයෙහි ය. ඇත්තෙන්ම වරද ඇත්තේ පුද්ගලයා අතය….(දිල්)
පිහියක් උනත් මිණිමරන්න ගන්නත් පුළුවන් පාන් කපන්න ගන්නත් පුළුවන්(දී).
ලෝකේ ගොඩක් රටවල ෆේස් බුක් පාවිච්චි කරනවා එකෙන් කවුරුත් සියදිවි නසා ගන්නේ නැහැ ලංකාව ඉන්දියාව වගේ රටවල් වල වැරදි විදිහට පරිහරණය කිරීමයි නොදැනුවත් කම නිසයි සිද්ධි කීපයක් සිදුවුණා(දිල්)
මේ දේවල් වලටත් වඩා ලංකාවේ බොහොමයක් දෙමව්පියන් පරිගණකය හරියට පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඉතින් ළමයි එකෙන් ප්‍රෙයෝජන ගන්නවා. ළමා වයස කියන්නේ විනොදෙට බර වයස.ඒක අපි කවුරුත් තේරුම් ගතයුතුයි. ඒ නිසා මම හිතනවා ටීවී එකේ ඔය අනන් මනං පෙන්වනවාට වඩා හරියට පරිගණකය පාවිච්චි කරන හැටි වැඩිහිටියන්ට හොදින් තේරුම් කරදී දරුවන් එහි අතුල්වුපසු කරන දේවල් පිරික්ස බලන විදිය ද කියා දුන්න නම් අද සමාජයට ගොඩක් වටිනවා.(අ)
අද දවසේ අපි කරන්නන් වාලේ කරන ජාතියක් බවට පත්වී සිටිමු. නිෂ්පාදනයේ හා භාණ්ඩ අපනයනයේ පහළ අදියරයක් නියෝජනය කරමින් අපි උදාර පාරිභෝජනයක සක්‍රීය දායකයන් වී සිටිමු. තාක්ෂණයෙන් ප්‍රයෝජනය ගන්න නම් තාක්ෂණයේ සමාජ හා ආර්ථික ප්‍රතිලාභ මොනවාදැයි කිසිම හැඟීමක් නැතුව දෙමව්පියෝද දරුවන්ට ඉතා මිළ අධික ලැප්ටොප් පරිගණක හා ස්මාර්ට් ජංගම දුරකථන අරන්දෙති. ශ්‍රී ලංකාවේ මිලියන 21ක් වූ ජංගම දුරකතන වලින් 40% ක් පමණ පාවිච්චි කරන්නේ පාසල් ළමුන් හා තරුණ උදවියයි. ඒවා වැඩි වශයෙන් භාවිතා වන්නේ සිහින ආදරයක් වෙනුවෙන් හුවමාරු වෙන බොළඳ එස්.එම් පණිවිඩ වලටය. දියුණුව ප්‍රාර්ථනා කරන රටක් හැටියට තරුණ පරපුරට මේ උපකරණ මිළදී ගන්න කලින් ඒ පිළිබඳව සරළ පුහුණුවක් හෝ දෙන්නේ නම් බොහෝ ව්‍යාසනවලින් තරුණ පරපුර රැක ගත හැක. (අ)
පාසල් ළමයින් ෆේස් බුක් ආදී අන්තර්ජාල භාවිත කරනවා නම් දෙමව්පියන් තමි ඒ ගැන ප්‍රධාන වගකීම ගන්න ඕන. මම කියන්නේ අම්ම ල ට පරිගණක දැනුම සහ දරුවන් ගේ අන්තරජාල භාවිතය ගැන සොයන්න වෙලාවක් නැතිනම් කොතරම් ඇවිටිලි කලත් ලැප්ටොප්, ජංගම දුරකතන අරන් දෙන්න එපා. ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ මිතුරියන් දෙන්නෙක් පාසල යන දියණියන් ට ෆේස් බුක් ගිණුම් හද ගැනීමට ඉඩ දී නැහැ. තමන් ගේ දුවල ගේ ඉරණම තියෙන්නේ තමන් අතේ ,
ගෑනු මිනිස්සු කෝච්චියට පනින නිසා කෝච්චියත් නවත්තමු ..(අ)
ඇත්තම තමා. කවුරු හරි කෘමිනාශක බීල මැරුනොත් අපි ඒවා හදපු නිෂ්පාදකය අයට වත් විකුණපු කඩේ මුදලාලිට වත් දොස් කියල හරි යන්නේ නැහැනේ. අන්තර්ජාලය සහ ෆේස් බුක් ගැනත් එච්චර තම කියන්න තියෙන්නේ. තරම සහ සීමාව ගැන කියල දීල පාසල් ළමයින් ට මේවා භාවිතයට ඉඩ දෙන්න ඕන. (අ)
මම නම් කියන්නේ, පහුගිය කාලයේ වුණ සිද්ධි වලට අම්මල තමා වග කියන්න ඕන. අනිත් හැමෝටම ලැප්ටොප් ෆෝන් තියනවා මට විතරක් නැත්තේ කියපු ගමන් අරන් දෙනවා. ඊට පස්සේ ළමය ඒවා තියාගෙන මොනවා කරනවා ද හොයා බලන්න වෙලාවකුත් නැහැ , දැනුමකුත් නැහැ. (අ)
ෆේස් බුක් නැති ලොවකට අපව කැදවාගෙන යන්න උතුමාණනි ! (අ)
නියම තත්ත්වය ප්‍රකාස කිරීම ගැන චන්ද්‍රගුප්ත මහත්මාට ස්තුතිය. (අ)
100% එකග වෙනවා
මේ කියන ඒවා පාලකයින්ට ගැබුරු වැඩිද මන්ද ... තව ටිකක් සරල කරලා කිව්වොත් එයාලට තේරේවි ... මොකද මේක ලංකාවනේ... (දී)
කොහොම උනත් සමාජයට අහිතකර දේවල් අයින් කරන්න ඕනේ (දී)
වැදගත් පණිවිඩයක්, (අ)