කුරුණෑගල, නිකදළුපොත නංගමුව වත්තේ එල්. ආර්. ගුණරත්න මැණිකාගේ පැල්පතට ගිය ෆේස් බුක් මිතුරෝ කිහිප දෙනෙක් අවුරුද්දට තෑගිබෝග දුන්හ.
මැණිකා සිය ආබාධිත දියණිය සමග ජීවත් වන්නීය. ඇගේ මාසික ආදායම රුපියල් දෙතුන් සියයකි.
ගුණරත්නමැණිකා ගැන තොරතුරු ෆේස්බුක් පිටුවෙන් දැනගත් ධනේෂ් මධුරංග ඇතුළු පිරිස ෆේස්බුක් මඟින්ම තෑගි බෝග රැගෙන ඇය බැලීමට ගියහ. විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ද උදව් උපකාර කළහ.
අලුත් ඇදුම්, කෑම බීම, වියළි ආහාර ආදිය එහි විය.
ෆේස් බුක් පිරිස එම නිවසින් පිටව ගියේ පැල්පතක දිවි ගෙවන ගුණරත්න මැණිකාට හා ඇගේ දියණියට හොද නිවහනක් සදා දෙන බවට පොරොන්දු වෙමිනි.
ගුණරත්න මැණිකාගේ ලිපිනය
එල්. ආර්. ගුණරත් මැණිකා,
නංගමුව වත්ත,
නිකදළුපොත.
මේ අම්මාගේ බැංකු ගිණුම් විස්තරය
Account Name : L.R.G. Menika
Account No : 72102664
Bank : BOC
Branch : Hiripitiya
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මේ අයගේ අංකයක් දෙන්න. මමත් කැමති මෙයට සහභාගිවීමට. මට කියලා දෙන්න කොහොමද ඒ වැඩේ කරන්නේ කියලා. (ස)
හොඳ වැඩක්. ඒ වගේම ගෙයකුත් හදා දෙනවා නම්...... (නි)
ජාත්‍යාලය පෙන්නන්න සමහරු ෆේස් බූක් එකේ අසභ්‍ය වචනත් කියනවා. මේ වගේ දෙයක් කළොත් පින් සිද්ධ වෙනවා නේද? (නි)
දුරකථන අංකයක් එවන්නකෝ, ඔය උදවු කළ අයගේ (නි)
ෆේස්බුක් එකේ වටිනාකම අපේ රටේ නුගත් අයට තේරුම් ගන්න හැකි වේවා., (ත)
නියමයි මේවා තමයි කරනවානම් වැඩ අනුන්ගේ දේවල් හොයා හොයා ඉන්නවාට වඩා (දී)
මෙම ෆේස්බුක් පිටුව ෂෙයාර් කරන්න හැම කෙනෙක්ම. ඔවුන් සමග අත්වැල් අරගන්න. රට තුල ලොකු යහපත් වෙනසකට පළමු පියවර මෙය වේවි.(නදී)
මමත් කැමති මෙයට සහභාගිවීමට. මට කියලා දෙන්න කොහොමද ඒ වැඩේ කරන්නේ කියලා (නි)
හොඳම හොඳ වැඩක්. කුසල් පිරේවි. අපි එකතු වෙමු. (ස)
බොහොම අගෙයි.(නදී)
මෙන්න මේ වගේ පේස් බුක් අපි යොදා ගන්න ඕනා හොද දේවල් වලට. සුබපැතුම් ඔයාලට.(නදී)
බොහොම හොඳ වැඩක්.(නදී)
කියන්න වචන නැහැ. ඔබ සැමටම දීර්ඝායුෂ!වැඩි වැඩියෙන් ලැබේවා! මෙවන් අහිංසක මිනිසුන්ට උදවු කිරීමට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා! (නි)
ගෙයකුත් හදලා දෙමුද? (නි)
මේවා තමයි නියම වැඩ (නි)
හොඳ වැඩක්. (ත)
සමාජය තුල මෙන්ම ෆේස්බුක් භාවිතා කරන්නන් අතර ද යහපත් ආකල්ප වලින් පිරි මිනිසුන් අතලොස්සක් හෝ ඇති බව පෙන්වන තවත් එක උදාහරණයක්. ෆේස්බුක් හරහා තම ෆොටෝ ටික සැමට පෙන්වා "ලයික්" දමා ගැනීමට හා අන් අය අතර කැපී පෙනීමට දිවා රෑ පෙරුම්පුරමින් සිටින අයටත්, අන් අයට අපහාස වන ලෙස හා ඔවුන් අපසසුවට පත් වෙන ලෙස නරක දේ බෙදා හැරීමට උත්සහකරන අයටත්, තම සිතෙහි පවතින අසැබි සිතුවිලි ක්‍රියාවට නැංවීමට උනන්දු වෙන අයටත්, මේ උතුම් ක්‍රියාව හොඳ ආදර්ශයක්. මෙම සත් ක්‍රියාවට දායක වූ සැමට පින්!! (ත)
ඉතා උතුම් කටයුත්තක් (නි)
මෙයලම මීට පෙරත් පාසලකට උදව් කළා. අගයනවා මෙම ක්‍රියාව (නි)
නෙතු කදුලැල් පිරුණි දුක සතුටට වාගේ!! කදිමයි පුතුනුවනෙ නුබ දුන් ආදර්ශේ!! හැදු වැඩු මව්පිය සහ නුබ සැමගේ !! මතු ජීවිතය සුව සැපසේ ගෙවුනාවේ!(දී)
මට මේ අයගේ දුරකතන අංකයක් දෙන්න. (නදී)
මේ වැඩේ ගැන කියන්න මට වචන නැහැ (දී)
හරිම සතුටුයි. මෙන්න නවීන තාක්ෂණය තමන්ගේත් ලෝකයේත් යහපතට යොදා ගන්නා ඇත්තෝ... (නි)
මගේ නම ධනේෂ් මධුරංග එදිරිසූරිය. අපි තමයි මෙ සත් ක්‍රියාව කළේ. මාව ෆේස්බුක් එකේ ඇඩ් කරගන්න. ඕනම කෙනෙක්ට අපේ සමාජ සේවා වැඩවලට සහභාගී වෙන්න පුළුවන්. මගේ දුරකතන අංකය 0773366488 (ත)
මනුසත්කම තවමත් අප හදවත් තුළ ඉතුරුව ඇත. ඔබ සැමට බුදු සරණයි! ජේසු පිහිටයි! (නි)
ධනේෂ් සොයුර,ඔබ ඇතුළු මිතුරු පිරිසට ස්තුතියි මෙකල සත් ක්‍රියාවට.මේ අයට නිවසක් සදා දීමට හැකි අයුරින් මමත් උදව් කරනවා.මෙයට සහබාගි ඌ සියලුම දෙනාට දළදා සමිදු පිහිට ලැබේවා.!!!(දී)
මදුරංග ඔයාට ගොඩක් පින් .මමත් ඔයාගේ උදව්වට එනවා පුළුවන් හැම වෙලාවේම (දී)
හැමෝම දොස් කියන දේ හොඳ පැත්ත පෙන්වා දුන් ඔබට පින් (දී)
කුසුම්ගේ සුවද හමන අදහසට මගෙන් මල් මිටක්.හැකි අයුරින් මදුරංග මහත්මයට අත දුන්නොත් ලොකු පිනක්.ඒ වගේම මෙම ක්‍රමය අනුගමනය කරමින් හොර තක්කඩි ගිණුම් අරඹයි අනේ ඒ පාපතරයින්ගේනුත් ප්‍රවේසම් වන්න. (දී)
යහපත් ක්‍රියාවක් . හැදු වැඩු මව්පියන්ටත් ආඩම්බරයක්. කෝ අපේ අනෙක් ඔන්ලයින් අදහස් ප්‍රකාශ කරන හිතවතුන් ? මම හිතන්නේ තවම අවුරුද්දට නෑගම් ගිහින් වෙන්නැති. නැතිනම් මේ වගේ සත් ක්‍රියාවක් ඇසුවාම ගොඩක් කොමෙන්ට් වැටෙනවා නේ. (දී)