විසි හතර හැවිරිදි පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රචාරය කිරීම , ඇයට සාපරාධිව තර්ජනය කිරීම හා කෙළෙසීම යන චෝදනා වලට වරද පිළිගත් 19 හැවිරිදි තරුණයකුට දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍ය කුමාර මහතා මාස තුනක හා මාස හයක සිර දඩුවම් නියම කර වසර පහකට අත් හිටුවීය.
පැමිණිලිකාරිය පෞද්ගලික අංශ සේවිකාවකි.මාස දහයකට පෙර දෙදෙනා ෆේස් බුක් වෙබ් අඩවියෙන් හමු වී ‘චැට්’ කර ඇතැයි ද ඇගේ ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමත් සමඟ ගිය වසරේ නොවැම්බර් 22 දා පොලිසියට පැමිණිළි කැර ඇතැයිද නඩුවේදී කියැවිණි.
පසුගිය 18 වැනිදා කුරුණෑගල නගරයේදී මොහු අත්අඩංගුවට ගනු ලැබීය.
ඇහැලියගොඩ පරකඩුවේ තරුණයකුට මේ දඬුවම නියම විය.මහේස්ත්‍රාත් ඔහුට තරයේ අවවාද කළේය.
යළි මෙවැනි දෙයකට හසු වුවහොත් එදින සිට සිර දඬුවම ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'කෙලෙසීම' වැනි සාපරාධි ක්‍රියාවකට ලැබිල තියෙන්නේත් මාස 6 යි. ඒකත් අත් හිටවලා.(නදී)
නියම කොල්ලෙක්. ගෑනු ළමයා දැන් නිකම් හොඳ වෙන්න යනවා. (නි)
හොද දඬුවම. අර ළමයට වන්දියක් රැගෙන දියයුතුයි (නි)
කවුරු කොහොම කිවුවත් තරුණ තරුණියන් අතර මෙවැනි ක්‍රියා (පින්තූර ගෙන අන්තර්ජාලයට මුදා හැරීම නොව) සමාජයේ සාමාන්‍යකරණය වී අවසන්. ඔබට සිතන්න තවත් පැතිකඩක් පෙන්වන්නම්. ගැහැණු ළමයි පිරිමි ළමයින්ගේ මෙවැනි පින්තූර ගත්තොත් කොහොම වෙයිද? ලංකාවේ ගැහැණු ළමයින් මෙවැනි පහත් වැඩ නොකරන නිසාම හොඳයි. (නි)
ෆේස්බුක් වෙබ් අඩවියට ගිය ඡායාරූපයක් ආපසු ගන්න බැහැ. තරුණිය කළ වරදට ඒ දඬුවම ඇති. (නි)
අනේ මෙහෙම වැඩක්. අපෙ රටේ ගෑණුන්ට නීතියෙන් තියෙන රැකවරණය වැඩියි. මොන දේ කළත් අන්තිමේ බඩ සුද්දයි. මේ රටේ ගෑණු එච්චර සිල්වත් සදාචාර සම්පන්න අය නෙමේ මේ තරම් නීතියෙන් රකින්න. (ස)
ලංකාවේ ගෑණුන්ට මොකද වෙලා තියෙන්නේ? ලජ්ජා බය නැති අයට මෙහෙම වෙලා මදි. (ස)
මේ වගේ වැරදිකරුවන්ට උපරිම දඩුවම් දියයුතුයි (නි)
අද කාලෙ මේ වගේ මෝඩ කෙල්ලො ඉන්නවා කියල ඇහුවම හිනාත් යනවා. මෝඩකමට බෙහෙත් නැහැ කියලා කතාවකුත් තියෙනවනෙ. (ස)
මගේ නම් අදහස අර ගැහැනු ළමයටත් දඬුවම් කල යුතු බවය . මොකද එය අනික් ගැහැනු ළමයින්ටත් පාඩමක් වනවා නියතය . පිරිමියෙක් සමග යහළුවූ විගස විවාහ නොවී ගැමැනු ළමයෙකු තම නිරුවත ප්‍රදර්ශනය කිරීම ඉතාමත් නොහොබිනා ක්‍රියාවක්.(නදී)
එතකොට ගෑනු ළමයා (අ)
හැම ඒක්කෙනාම පිරිමි ළමයට දොස් කියල විතරක් මදි ගැහැණු ළමයත් මේකට වැරදියි.(නදී)
සැකකරු නිවරදිද කියලා අපි පින්තූර දැක්ක නම් කියනවා.(නදී)
පුෂ්පා, මෙතන කෙළසීමක් වෙලා නැහැ. එම ගැහැණු ළමයා විසින් එයාවම කෙළසා ගැනිමක් මිස. ගැහැණු ළමයෙක් වුණාම වැදගත්, සංවර හැසිරීමක් තිබෙන්න ඕනේ. එයාගේ නිරුවත් පින්තුර බලෙන් ගැනිමක් සිදුවී නැහැ. එසේ වුණා නම් මෙහෙම කෙලවර වන්නේ නැහැ. (ස)
දැන් මේ ගෑනු ළමයා කර තිබෙන්නේ හොඳ වැඩක් ද ? තමන්ගේ නිරුවත ප්‍රදර්ශනය කරන්න ගොසින් අමාරුවේ වැටිලා. තනි අතින් අප්පුඩි ගහන්න බැහැනේ. අන්තර්ජාලය නිසා නෙමේ කපුවෙක් මගින් ගෙදර දෙමව්පියන් හඳුන්වා දුන්න කෙනෙක් එක්ක වුනත් සීමාව ඉක්මවා ගිහින් වැඩ කලොත් අමාරුවේ වැටෙනවා. මට පෙන්නේ මේ තරුණියත් වැඩ වරද්දා ගන්නම ඉපදුන කෙනෙක් වගේ. (නදී)
කොල්ලට විතරක් නෙවෙයි, දෙන්නටම දඩුවම් දෙන්න ඕනි. මුහුණු පොත තහනම් කරා නම් ගොඩක් අපරාධ අඩු වෙයි. (ස)
අනේ මෙහෙම මෝඩ ගෑනු.(නදී)