ෆේස් බුක් වෙබ් අඩවියෙන් හදුනාගත් 24 හැවිරිදි තරුණියකගේ නිරුවත් ඡායාරූප මුදාහළ බව කියන 19 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලීසිය කියයි.
මාස දහයක් පමණ පැවැති ප්‍රේම සබඳතාව බිදී යාමෙන් පසු ඔහු ඇගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර ඇතැයි ද ඇය මරා දමන බවට තර්ජනය කැර ඇතැයි ද පැමිණිල්ලේ සඳහන්වේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆේස් බුක් එකටවත්,පිරිමියටවත් බැනල වැඩක් නෑ ගැණු වෙච්චි අපි දැන ගන්න ඕනේ තමන්ගේ පෙම්වතා සමග වුවත් හැසිරිය යුතු සිමාව.අර කියනවා වගේ මේතරම් මාධ්‍යතුළින් දැනුම්වත් කරද්දී ඒවා අහන්නේ බලන්නේ නැද්ද. (අ)
සමාජයේ ලිංගිකත්වය පිළිබඳව තරුණ ළමයින්ට ලබාදීලා තියෙන දැනුම තමයි මේ පෙනෙන්නේ. ලංකාවේ ආචාර ධර්ම ක්‍රමයෙන් වෙනස් වෙන හැටි පේනවා. රටේ සාමාන්‍ය ජනතාවගේ විඥානය දැන්වත් අවදි කළ යුතුයි. (නි)
කෙල්ලෙක් නෙමේ නම් (අ)
මේ අදහස් දැමූ සියල්ලෝම නැවත වරක් තමන්ගේ අදහස් කියවලා බලන්න. ඔයාලම හිතන්න ඔයාලා මේ කරලා තියෙන්නේ හරි දෙයක්ද කියලා. ඔයාලා මේ කරලා තියෙන්නේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්. ඔයාලා මිනිස්සුද? අනික කිසිම දෙයක් හරියට දන්නේ නැතුව කතා කරන්න එපා මෝඩයෝ වගේ. කෙනෙක්ට කරදරයක් වුණහම ඒ කෙනාට සහනයක් වෙන්න බලන්න. (නි)
මෙම මුහුණු පොත හෙවත් ෆේස් බුක් ලංකාවේ බොහෝ තරුණ තරුණයින් කරන්නේ එහි ඇති භයානක කම වටහා ගෙන නොවේ , මෙහි හොඳට වඩා නරක පැති බොහෝ තිබේ , වැටහීමකිින් කළ හොත් වරදක් නොමැත (දිල්)
නිරුවත් පින්තුර ..? තනි අතින් අත් පොලොසන් කරන්න බැහැ නේද?මේවා හොඳ පාඩම් කාට කාටත්.(නදී)
මමත් තරුණ ගැහැනියක්. බිරිදක් වගේම මවක්. මට නම් පෙනෙන්නේ ඇත්තටම වරද ෆේස් බුක් එකේ නෙමෙයි මේ වගේ මෝඩ කෙල්ලන්ගෙයි.(නදී)
හොඳ යාලුවෝ විදියට ඇසුරු කළා නම් මෙහෙම දෙයක් වෙන්නෙ නැහැ නේද? (නි)
දැන්වත් තේරුම් ගන්න මුණු පොතේ බරපතලකම. (නදී)
ආලය අන්ධයි කියන්නේ ඕකටද? එහෙනම් මට කියන්න තියෙන්නේ ඔය වගේ ආල අන්ධ විතරක් නෙවෙයි, ඔල මොට්ටල තකතීරුයි කියලයි. (නි)
"ප්‍රේම සම්බන්දයක්?" මෙහෙම ඒවාට ප්‍රේම සම්බන්ද කියනවද. (නදී)
මුහුණු පොතතෙන් ගොඩක් හොද දෙවල් කරන්න පුලවන්. නරක දේට ලැදි අය එයින් අයුතු සහා අනිසි දේ කරනවා තමන් කවුද කියා තමුන් දන්නැති අයට මුහුණු පොත හොද නැත.(නදී)
මෝඩ කමේ සීමාවක් තියෙන්න ඕනේ. නිරුවත් පින්තුර! ඔය ගෑනු ළමයට හොරෙන්ද ඒවා අරන් තියෙන්නේ? ලක්ෂ්මන් ජයවර්දන කියනවා වගේ තනි අතින් අත්පොලසන් දෙන්න බැහැනේ.(නදී)
මේක තනි අතින් ගැසූ අත්පුඩියක් නොවේ. මෙවැනි තැනකට යාමට පෙර දෙපාරක් නොව සිය දහස් වාරයක් සිතන්න. මෙවැනි පුද්ගලයින් දහස් ගානක් මුහුණු පොතේ සිටිති (නි)
මුහුණු පොතට බැනලා වැඩක් නැහැ. තමන්ගේ මුහුණ ලෝකයාට පෙන්නන්න බැරි වැඩ කරන්නේ නැතිව ඉන්න ගැහැණු ළමයා දැන ගන්න ඕනා. මුහුණු පොතේ ඉන්න ඔක්කොම කාන්තාවන්ට මෙහෙම වෙන්නේ නැහැනේ. මොකද මේ පිරිමියා මේ තරුණියට බලහත් කාර කමක් කළා නෙවෙයි නේ. (නදී)
මෙහිදී ගැහැණු ළමයාගේ වරද ලොකු එකක්. ඒත් මේ පින්තුර ගත්ත මිනිහ කරලා තියෙන්නේ ලොකු වරදක් නොවෙයි කියල කියන්න තරම් තත්වයකට අද ඉන්න අය පත් වෙලා තියෙන්නේ. (නදී)
පුලුවන් නම් ඡායාරූප ටිකක් එවන්න (නි)
ලුම්බිණි , පින්තූර ගත්ත කෙනා කරලා තියෙන්නෙත් වරදක් තමා. නමුත් මෙතන වෙලා තියෙන්නේ , ගැහැණු ළමයා , තමන් සර්ව නිර්දෝෂී කෙනෙක් හැටියට පැමිණිලිකාරිය වීමයි.(නදී)
දැන් ලංකාවේ ගැහැණු ළමයෙකුට නියම කල වයසට කසාදයක් කරගැනීම ඉතාම අපහසු කාරනාවක් වෙලා තියෙනවා. විවිඩ සමාජ හේතු නිසා . මම දැකල තියනවා සමහර ගැහැණු දරුවන් ගේ ජීවිතේ එකම බලාපොරොත්තුව කව්රුන් හෝ කමක් නැහැ , මටත් දැන් පිරිමි කෙනෙක් ඉන්නවා කියල ලෝකෙට පෙන්වීම. අල්ල ගත්ත පිරිමියා බැඳ තබා ගන්න නොකරන දෙයක් නැහැ .මේ ඒවායේ ප්‍රතිපල තමා. (නදී)
අපේ රටේ තරුණියන් ගේ සිහි කල්පනාව සහ විචාර බුද්ධිය නැතිවීම ජාතියේම අවාසනාවක්. මේ වගේ ඔල මොට්ටල වැඩ කරන තරුණියන් ද අනාගතේ අපේ රටේ මව් වරු වෙන්න ඉන්නේ. කොහොමද මේ වගේ අය පවුලක් පාලනය කරන්නේ? (නදී)
මේ තරුණිය මෙච්චර හරියක් කර ගන්න කන් දෙමව්පියන් භාරකාරයන් මොකද කලේ? දැන් ඉතින් මේ පිරිමියා ට දඬුවම් දීලා වෙච්ච අපකීර්තිය මකන්න පුළුවන් ද ? (නදී)
පිහියෙන් කිරි කන්න පුළුවන් වගේම බෙල්ල කපා ගන්නත් පුළුවන්. නියම ප්‍රයෝජනය ගන්න නුවණින් කටයුතු කරන්න ඕනේ. (ස)
අපේ තරුණියන්ට මෝඩකම් කිරීමේ සීමාවක් නැහැ නේ ? මීට කලින් මුහුණු පොතේ පෙම්වතුන් නිසා පාඩම් ඉගෙන ගත් ගෑණු ළමයි ගැන මේ තරුණිය අහලා නැතුව ඇති. දැන් අර ළමයි දෙන්න සහ බිරිඳ මරපු ෆේස් බුක් පෙම්වතා ගැන රටේ හැමතැනම පළ වුනා නේද. දෙවියනේ මේ තරුණිය පත්තරයක් වත් කියවන්නේ නැතිව ඇති. නැත්නම් මෙහෙම අමාරු වල වැටෙන්නේ නැහැ. (ස)
මේ කියන තරුණයා වගේම තරුණියවත් අත්අඩංගුවට ගන්ට ඕන. මොකද අසභ්‍ය පින්තුරවලට පෙනී සිටීමෙන් අනුබල දීම සම්බන්ධව. මේ දෙන්නගේ ගනුදෙනුවක පලහිලවුවක් නිසා තරුණිය පැමිණිල්ලක් කළා වෙන්ට බැරිද ? (ස)
මේ වගේ හරී මෝඩ වැඩ කරන ගැහැණු ළමයි නිසා අනෙත් තරුණියන් ටත් වැරදි ආදර්ශයක් ලැබෙනවා. නිශාර්ඩ් කිව්වත් වගේ දෙන්නම අල්ලලා කුඩුවට දාන්නයි තියෙන්නේ. අනෙක මේ පුද්ගලයා ගේ නම් ගම සහිතව පළ කරනවා නම් තවත් හොඳයි . කවුද දන්නේ තව කීදෙනෙක් අමාරුවේ දාලා ද කියල. (අ)
මේවා සමාජයට හැදෙනවා නම් හොඳ පාඩම්. (ස)
මේතේ සම්පුර්ණ වැරැද්ද ගැහැණු ලමයගේ. පින්තූර ගන්නකම් උඩ බලාගෙනද හිටියේ. (නදී)
ලහිරු එරන්ද ඔයා කිරි කන්නේ පිහියෙන්ද ? (නදී)
අනේ මෙහෙම වංචාවක් (දී)
කෙල්ලට 24 කොල්ලට 19...... (ස)
මේක හරියට කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ නේ? (ස)
මුහුණ පොතේ ඈති වරදක් නෙමේ. මේක පාවිචි කරන අයගේ වරදක්. මේ දේ තේරෙන අය නොදන්නා අයට කියල දෙන්න. මේ කෙල්ලෝ කොල්ලන්ට වඩා මෝඩයි. ඒක කොල්ලෝ වාසියක් කර ගන්නවා. අනික කෙල්ලෝ දුර හිතන් නෑනේ. මේවා කෙල්ලොන්ට හොඳ පාඩම්. හිතන්න පොඩ්ඩක් මේ ගැනත්. ජංගම දුරකථන තියෙන්නේ දුර ඉන්න කෙනෙක්ට කතා කරන්න. ඒත් ඒකෙන් ඕනෑ තරම් අසභ්‍ය දේවල් කරන්න පුළුවන්. ඒකට දුරකථන තහනම් කරලා හරි යනවද ??? පිහියක් තියෙන්නේ අවශ්‍ය දෙයක් කාපා ගන්න. ඒකත් නරක දේට පාවිචි කරන්න පුළුවන්. ඒකට පිහිය ලංකාවේ තහනම් කරලා හරියනවද ??? ඒත්.. ඔක්කොම කෙල්ලෝ මේ වගේ හරක් නොවන බවත්, ඔක්කොම කොල්ලෝ මේ වගේ යටින් ගේම් නොදෙන බවත් දැන ගන්න. (ස)
අනේ දුවේ, දැන් නම් පමා වූවා වැඩියි. (නදී)
මුහුණ පොතට ( ෆේස් බුක් ) දොස් කීමට වඩා අපගේ තරුණ කෙල්ලන්ට දොස් කීම වටිනවා. වැදගත් කෙල්ලෙක් නම් මොකටද තම නිරුවත් ෆොටෝ මිතුරන්ට දෙන්නේ ? මෙහිදී දඬුවම් කළ යුතු මෙම නිරුවත් ෆොටෝ ලබාදුන් කෙල්ලටය. (ස)
මෝඩකමට බෙහෙත් නැහැනෙ. (ස)
සමහර ගෑණු ඉන්නවා වයසින් අඩු කොල්ලොන්ට කැමති. මේත් ඒ වගේ කෙනෙක් වෙන්න ඇති. (ස)
කෙල්ලට 24 කොල්ලට 19යි. ඒ මදිවට කෙල්ල කොල්ලට නිරුවත් පින්තුරත් ගන්න ඉඩ දීලා.දෙන්නටම දඬුවම් දෙන්න ඕනේ. (ස)
ස්ක්යිප් එකෙන් කොල්ලෝ ඉස්සරහා නිරුවත් වෙන කෙල්ලන්ට හොද පාඩම් ඕවා. මෙහෙම උන පලවෙනි වතාව නෙමේ මේ. ඒ දේවල් දැනගනත් මෙහෙම දේවල් සිද්ද වෙන එක පුදුමයි.(නදී)
හරි කාන්තාවක් නම් තමන්ගේ නීත්‍යනුකුල ස්වාමිපුරුෂයාටවත් තම නිරුවත නොපෙන්වන එකේ දස මාසෙක ආලය නිසා මෙහෙම නිරුවත පෙන්වනවා නම් මේ වගේ පාදඩ කෙල්ලන් කසාද බඳින කොල්ලන්ට දෙයියන්ගේම පිහිටයි.කෙල්ල ගැන දුක් වෙන්න එපා අර ගමේ ගොඩේ කියන්න වගේ මෙය කම්බි පොටවල් හතෙන්ම පැනපු කෙනෙක් වෙන්න ඇති. (අ)
මමත් කියන්නේ මුහුනුපොතේ කිසිම වැරැද්දක් නැහැ. එවැනි අසභ්‍ය දේ එක්කල අයට දැඩි දඩුවම් දීම මෙවැනි දේ කරන අයට හොද පාඩමක්.(නදී)
කෙල්ල මොකටද දැන දැනත් අඩු වයසේ එකෙකුට අාදරය කරන්න ගියේ. මෙතන දෙන්නම වැරදියි. තමන් හොඳ නම් මොකටද නිරුවත් පින්තුර හුවමාරු කරගත්තේ. අනික රාජ්‍ය ආයතනයක කෙල්ලක්. මෙව්වා අනෙක් අයටත් හොඳ පාඩම්. දැන්වත් තේරුම් ගන්න බලන්න තමන් කරන දේ හරිද කියලා.(නදී)
මේකේ ඉන්න ගෑනු ළමයි පන දෙන්න හදනවා ඒකෙන් ප්‍රයෝජන ගන්න මනස විකෘති වෙලා ඉන්න පිරිමි රවටගෙන මුදලුත්අරගෙන ගෑණු දරුවන්ව අමාරුවේ දානවා (අ)
මෝඩ කෙල්ලන්ට ඔහොම වෙලා මදි.(නදී)
අනේ ඇත්තට දැන් ඉන්න ළමයින්ට මොළයක් නැති හැටි. තාක්ෂණය දියුණු වෙන කොට මිනිස්සුන්ගේ මොළෙත් අඩු වෙනවද කොහෙද? (නදී)
මේවා හොඳ පාඩම් කෙල්ලන්ට . සමහර කෙල්ලන් අද කාලයේ නිරුවත් වන්නේ කියන්නත් කලින් හදිසියේ හමුවූ පෙම්වතුන් ඉදිරියේ . දඬුවම් කල යුතු මෙම කෙල්ලට මිසක් කොල්ලට නොවේ.(නදී)
ගැහැණු ළමයෙක් ආදරය කරන්නනේ බලාපොරොත්තු තියාගෙන. ඒවා විනාශ කරන්නේ තිරිසන් මිනිස්සු. (නි)
ෆේස්බුක් අනවශ්‍ය අවධානම් අඩවියකි.(නදී)
ෆේස් බුක් හොඳට පාවිච්චි කළොත් නරකක් වෙන්නෙ නැහැ (නි)
අත්තටම ජාලය හරහා හොඳ දේ වගේම නරක දේත් සිදුවෙනවා.මෙහිදී නොදන්නා යහලුවන් එකතු කරගැනීම තුළින් මේ වගේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදීමටත් සිදුවෙනවා.සමහර පුද්ගලයන් විවිධ නම් යොදා ගනිමින් කාන්තාවන් ලෙස පෙනී සිටිනවා. මිනිසුන් මුලාවට පත් කරන්න තැත් කරනවා.මෙවැනි පුද්ගලයන් මුලින්ම හඳුනාගෙන මෙවැනි තත්ත්වයන්ගෙන් මිදෙන ලෙස මා ඉල්ලා සිටිනවා. (නි)