යතුරුපැදිකරුවන්ට සම්පුර්ණයෙන් මුහුණ ආවරණය වන හිස්වැසුම් පැළදීම සම්බන්ධයෙන් වන නව රෙගුලාසි හඳුන්වා දීමට රජය කටයුතු කරන බව නීතිපතිවරයා අද (01) අභියාචනාධිකරණයට දන්වා සිටියේය.
සම්පුර්ණයෙන් මුහුණ ආවරණය වන හිස්වැසුම් පැළඳීම තහනම් කිරීමට පොලීසිය ගත් තීරණයට එරෙහිව ගොනුකර තිබු නඩු තුනක් අද විභාගයට ගත් අවස්ථාවේදී නීතිපති මේ බව අධිකරණයට දන්වා සිටියේය.
අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා ෆුල්ෆේස් හෙල්මට් භාවිතය වැළැක්වීමට පොලීසිය ගත් තීරණයට එරෙහිව අධිකරණය පැනවු අතුරු නියෝගය ලබන පෙබරවාරි 11 වන දින දක්වා දීර්ඝ කැරිණි. අභියාචනාධිකරණය නියෝග කළේය .පෙත්සම ලබන පෙබරවාරි 10 වැනි දා කැඳවේ.
යතුරුපැදි ධාවකයින් සඳහා සම්පුර්ණයෙන් මුහුණු ආවරණය කළ හිස්වැසුම් භාවිතය( ෆුල් ෆේස් හෙල්මට්) තහනම් කිරීමේ නීතිය ක්‍රියාත්මක වීමට එරෙහිව නාලක ඉන්ද්‍රජිත්, චානක දිසානායක ඇතුළු තිදෙනෙක් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ඉදිරිපත් කළහ. තිබුණි.මහජන සාමය පිලිබඳ අමාත්‍ය ජෝන් අමරතංග, අමාත්‍ය රංජිත් මදදුමබණ්ඩාර, පොලිස්පති ,නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලක්-ඩුබායි, රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් හොරකම් කළේ යතුරුපැදි වල ගිය අය නම් නෙමෙයි ඔන්න... (නි)
මගේ 250 සීසී යතුරුපැදියේ 120 වේගයෙන් ගිහින් දෙපාරක් ඔලුව තාර පාරේ ඇනිලත් මම ඔලුව බේරාගත්තේ සම්පුර්ණයෙන් මුහුණ ආවරණය කළ හිස්වැසුමක් පාවිච්චි කළනිසයි.( ෆුල්ෆේස් හෙල්මට්) (නි)
තිලක්, ඔයා වගේ අය ගැළපෙන්නේ මැදපෙරදිගටම තමයි... (නි)
ලංකාවේ සිදුවුණා යැයි කියන රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් හොරකම් කළේ ෆුල්ෆේස් හෙල්මට් පැළදගෙන ඇවිල්ලාද? නිකම් ලෝකය හිනස්සන්න එපා. (නි)
යතුරුපැදියේ යද්දී විතරක් හෙල්මට් පාවිච්චි කරන්න කියලා නීතියක් ගෙනෙන්න බැරිද? (නි)