සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන (ෆුල්ෆේස්) හෙල්මට් භාවිතය යතුරුපැදිකරුවන්ට සම්පූර්ණයෙන් තහනම් කිරීමට පොලිසිය ගත් තීරණය ක‍්‍රියාත්මකවීම අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන මැයි මස 05 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
මාලනී ගුණරත්න සහ දේවිකා ද ලිවේරා තෙන්නකොන් විනිසුරු මඩුල්ල හමුවේ නඩුවේ කැඳවිණි.
නීතිඥ ටිශ්‍ය වේරගොඩ මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේෙ නීති ගෙනෙන්නේ ලංකාවේ පොලිසිය වගේ පොලිසියකින්ම තමයි. මේක හරියට අතීසාරයට අමුඩ ගහනවා වගේ වැඩක්. හොරකම් නවත්වන එක පොලිසියේ රාජකාරිය. ඒක කරගන්න බැරි එකට ෆුල් ෆේස් තහනම් කරලා හරියනවද? කළයුත්තේ හැකිනම් ෆුල් ෆේස් අනිවාර්ය කර මහමඟ නැතිවෙන ජීවිත ආරක්ෂා කිරීමයි. (නි)
පසුගියදා ජාතික සෞඛ්‍ය කාර්යාංශයේ පැවති ජනමාධ්‍ය සම්මන්ත්‍රණයේදී මේ පිළිබඳව අවධානය යොමු කර අැති අතර, හදිසි අනතුරක දී සිදුවන අනතුරු වළක්වාගැනීම සඳහා ෆුල් ෆේස් හෙල්මට් භාවිතය සුදුසු බව නිර්දේශ වී ඇත. (බ)
ෆුල් ෆේස් නැතුව අපි කොහොමද අනතුරු වලින් බේරෙන්නේ? (නි)
දැන් ඔය කියන විදිහට ෆුල් පෙස් හෙල්මට් තහනම් කළා කියලා කියමුකෝ. ඊට පස්සේ හොරකම් කරන අය රෙදි වලින් මුණ වහගෙන අවොත් මොකද කරන්නේ? (ර)
මගේ 250 සීසී යතුරුපැදියේ 120 ට ගිහින් ලිස්සලා වැටිලා තාර පාරේ දෙපාරක් ඔලුව වැදිලත් මැරෙන්නේ නැතුව බේරුනේ උසස් වර්ගයේ ෆුල්ෆේස් හෙල්මට් එකක් පැළදගෙන හිටිය නිසයි. (නි)
රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මහා දවල් හොරකම් කරපු කම්බා හොරු ෆුල්ෆේස් හෙල්මට් පැළදගෙන ඇවිල්ලද හොරකම් කළේ? නිකන් ලෝකය හිනස්සන්න එපා. ලැජ්ජා කරන්න එපා. (නි)
මේවා ලෝකය හිනස්සන මෝඩ වැඩ. මේ රටේ ජනතාව වශයෙන් අපට ලජ්ජයි. දුප්පත් මිනිසුන්ට ජීවිතය බේරගන්න ෆුල් ෆෙය්ස් හෙල්මෙට් දාන්න අවසර දෙන්න.(ම)
මොන දේ කරන්නත් ඔළුව බේරගන ඉන්න ඕන මුහුණු ආවර්ණ හිස්වැසුම් තහනමට වඩා වෙනත් විකල්පයක් තෝරගන්න. (බ)
අපාරාධ සහ මිනීමැරුම් තවත් මාස තුනක් කරලා ඉවරවුණාට පස්සෙද තහනම් කරන්න පටන් ගන්නේ? (නි)