IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ෆුල්ෆේස් හෙල්මට් තහනම තව මාස තුනකට අත්හිටුවයි

සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන (ෆුල්ෆේස්) හෙල්මට් භාවිතය යතුරුපැදිකරුවන්ට සම්පූර්ණයෙන් තහනම් කිරීමට පොලිසිය ගත් තීරණය ක‍්‍රියාත්මකවීම අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන මැයි මස 05 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි දීර්ඝ කිරීමට  අභියාචනාධිකරණය  තීන්දු කළේය.

මාලනී ගුණරත්න සහ දේවිකා ද ලිවේරා තෙන්නකොන් විනිසුරු මඩුල්ල හමුවේ නඩුවේ කැඳවිණි.

නීතිඥ ටිශ්‍ය වේරගොඩ මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.



අදහස් (0)

ෆුල්ෆේස් හෙල්මට් තහනම තව මාස තුනකට අත්හිටුවයි

අරුණ Thursday, 11 February 2016 03:53 AM

මේ වගේ‍ෙ නීති ගෙනෙන්නේ ලංකාවේ පොලිසිය වගේ පොලිසියකින්ම තමයි. මේක හරියට අතීසාරයට අමුඩ ගහනවා වගේ වැඩක්. හොරකම් නවත්වන එක පොලිසියේ රාජකාරිය. ඒක කරගන්න බැරි එකට ෆුල් ෆේස් තහනම් කරලා හරියනවද? කළයුත්තේ හැකිනම් ෆුල් ෆේස් අනිවාර්ය කර මහමඟ නැතිවෙන ජීවිත ආරක්ෂා කිරීමයි. (නි)

:       0       0

නාමලී Thursday, 11 February 2016 04:00 AM

පසුගියදා ජාතික සෞඛ්‍ය කාර්යාංශයේ පැවති ජනමාධ්‍ය සම්මන්ත්‍රණයේදී මේ පිළිබඳව අවධානය යොමු කර අැති අතර, හදිසි අනතුරක දී සිදුවන අනතුරු වළක්වාගැනීම සඳහා ෆුල් ෆේස් හෙල්මට් භාවිතය සුදුසු බව නිර්දේශ වී ඇත. (බ)

:       0       0

හේමපාල Wednesday, 10 February 2016 05:12 PM

ෆුල් ෆේස් නැතුව අපි කොහොමද අනතුරු වලින් බේරෙන්නේ? (නි)

:       0       0

ගයාන් Thursday, 11 February 2016 08:14 AM

දැන් ඔය කියන විදිහට ෆුල් පෙස් හෙල්මට් තහනම් කළා කියලා කියමුකෝ. ඊට පස්සේ හොරකම් කරන අය රෙදි වලින් මුණ වහගෙන අවොත් මොකද කරන්නේ? (ර)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 11 February 2016 05:48 AM

මගේ 250 සීසී යතුරුපැදියේ 120 ට ගිහින් ලිස්සලා වැටිලා තාර පාරේ දෙපාරක් ඔලුව වැදිලත් මැරෙන්නේ නැතුව බේරුනේ උසස් වර්ගයේ ෆුල්ෆේස් හෙල්මට් එකක් පැළදගෙන හිටිය නිසයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 11 February 2016 05:42 AM

රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මහා දවල් හොරකම් කරපු කම්බා හොරු ෆුල්ෆේස් හෙල්මට් පැළදගෙන ඇවිල්ලද හොරකම් කළේ? නිකන් ලෝකය හිනස්සන්න එපා. ලැජ්ජා කරන්න එපා. (නි)

:       0       0

ලක්ෂ්මන් Thursday, 11 February 2016 06:07 AM

මේවා ලෝකය හිනස්සන මෝඩ වැඩ. මේ රටේ ජනතාව වශයෙන් අපට ලජ්ජයි. දුප්පත් මිනිසුන්ට ජීවිතය බේරගන්න ෆුල් ෆෙය්ස් හෙල්මෙට් දාන්න අවසර දෙන්න.(ම)

:       0       0

දර්ශන රුවන් ජයපත්ම Tuesday, 16 February 2016 03:04 PM

මොන දේ කරන්නත් ඔළුව බේරගන ඉන්න ඕන මුහුණු ආවර්ණ හිස්වැසුම් තහනමට වඩා වෙනත් විකල්පයක් තෝරගන්න. (බ)

:       0       0

පීරිස් Thursday, 11 February 2016 02:56 AM

අපාරාධ සහ මිනීමැරුම් තවත් මාස තුනක් කරලා ඉවරවුණාට පස්සෙද තහනම් කරන්න පටන් ගන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site