මුහුණ මුළුමනින්ම වැසෙන හෙල්මට් පැළඳ යතුරු පැදියකින් ආ මිනිහකු හා ගැහැනියක බොඹුවල පාලයංගොඩ පාරේ ගිය පෙරපාසල් ගුරුවරියකගේ පවුම් දෙක හමාරක මාලයක් කඩාගෙන ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.
බාස් කෙනකු සිටින තැනක් අසන මුවාවෙන් සයිකලයෙන් බැස ආ ගැහැණිය ගුරුවරියට වැලමිටෙන් පහරක් දෙද්දී අනෙක් පිරිමියා මාලයට කඩා ගත් බව පැමිණිල්ලේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ෆුල්ෆේස් හෙල්මට්‘ ගෑනි ගුරුවරියට ගහයි
සරත් Sunday, 06 April 2014 07:01 PM
බුද්ධික නමනම් ගැලපෙන්නේ නැහැ වගේ. ඔයා කියන්නේ හැම ෆුල් ෆේස් සයිකල් කාරයෙක් එක්කම පොලිස් කාරයෙක් දාන්න කියලද .? ආරක්ෂක අංශ වලටත් සීමාවක් තියෙනවා ,එතනින් එහාට නීති රීති වලින් තමයි මිනිසුන් පාලනය කරන්න ඕනේ (ස)
මාලි Sunday, 06 April 2014 07:33 PM
මේ ෆුල්ෆේස් හෙල්මට් දැන් හරිම කරදරයක් (නි)
කුමාරි Sunday, 06 April 2014 07:33 PM
කොහොමත් මේ හෙල්මට් ප්‍රශ්නය දැන් බරපතලයි. විධිමත් සැලසුමක් ඇතුව මෙය පාලනය කර අහිංසක ජනයා ආරක්ෂා කළ යුතුමයි. (නි)
තිලක් Monday, 07 April 2014 06:12 AM
“මුහුණ මුළුමනින්ම වැසෙන හෙල්මට් පැළඳ යතුරු පැදියකින්.....“. දැන් ඉතින් මුහුණ මුළුමනින්ම වැසෙන හෙල්මට් තහනම් කරාවි.රටකට ගිය කලක්. (නි)
තිලක් Monday, 07 April 2014 06:14 AM
ලංකාවේ පිහි ඇනුම් තියෙනවා කියලා ගෙදර තිබෙන මන්න පිහි තහනම් කරලා හරියනවද? (නි)
තිලක් Monday, 07 April 2014 06:15 AM
නීතිය අන්තිමටම පිරිහුණ රටේ මොනවද කරන්න බැරි? (නි)
බුද්ධික Monday, 07 April 2014 07:37 AM
සරත් මහත්මයා, ෆුල්ෆේස් තහනම් කලා කියමුකෝ, ඊලඟට ඔය හොරු, මංකොල්ලකාරයෝ ලේන්සුවක් මූනේ බැඳගෙන ඔය වගේ දේවල් කලොත් ලේන්සුත් තහනම් කරනවද? ඊට පස්සේ හොරු එන්නෙ යතුරු පැදි වලින් නිසා ඒවත් තහනම් කරනවද? ඔය මංකොල්ල කාපු එක බැංකුවකවත් හරි හමන් ආරක්ෂක සේවයක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. ශොට් ගන් එකක් අතේ තියාගෙන එක පොලිස් කර කර ඉන්නවා විතරයි.(නදී)
රොහාන් ලලිත් අෙපාන්සු Monday, 07 April 2014 08:22 AM
නෑ බුදුහාමුදුරුෙවා් කියලා තියෙනවා මෙහෙම වෙනවාය කියා. ඒ නිසා අපිට පූශ්ණයක් නෑ.(නදී)
ප්‍රියා Monday, 07 April 2014 08:37 AM
ලංකාවේ අාස්චර්‍ය. පාරේ යන්න බයයි. නීතීය හරි හැටි ක්‍රියාත්මක නොකලොත් වෙන්නේ ලස්සනට පේන්න තියෙන රටක ජීවත් වෙන්න බැරි බවයි. මැද පෙරදිග නීති ගෙන එන්න. මිනි මරුවන්ට ඇප දෙන්න එපා.(නදී)
භානු Monday, 07 April 2014 12:21 AM
මීට කලිනුත් අඹු සැමියන් යුවලක් යතුරුපැදියේ ගිහින් මාල කඩලා අහු වුණා කියලා වාර්තා වුණා. අල්ලා ගත්තම රජ කාලේ දඬුවම් දෙන්න ඕනෑ. පිරිමියා කෙසේ වෙතත් අර ගැහැණු කෙනාට පුලුවන්ද තවත් ගැහැණු කෙනෙකුට මෙහෙම කරන්න. මම නම් කියන්නේ මේ වගේ හොරුන්ගේ නම් ගම් එක්ක ප්‍රසිද්ධ කරන්න ඕනෑ. නැත්නම් මාසයක් විතර හිරේ ඉඳලා, දඩයක් ගෙවලා නැවතත් ගිහින් මේ වැඩේම තමා කරන්නේ. (නි)
දීපාල් Sunday, 06 April 2014 04:56 PM
තව ගොඩක් බැංකු කඩලා ඉවර උනාට පසුව හෙල්මට් නිතිය ගැන හිතලා බලමු .(ස)
කපිල බණ්ඩාර Sunday, 06 April 2014 05:25 PM
රටකට ගිය කලක් අනේ අනිච්චන් සංසාරේ. ස)
බුද්ධික Sunday, 06 April 2014 06:03 PM
හෙල්මට් තහනම් කලා කියලා ඔක්කොම ප්‍රශ්න විසඳෙන්නෙ නැහැනෙ.බැංකු කඩපු, මාල කඩපු හැම එකාම ආවේ හෙල්මට් දාගෙනද? බොරුවට කෑ ගහලා, ෆුල්ෆේස් තහනම් කරවලා දුප්පත් යතුරුපැදි කරුවන් අනතුරේ දාන්නේ නැතුව ආරක්ශක අංශ වල තියෙන අඩු පාඩු හදා ගත්තොත් නරකද? (ස)