ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීමට පොලිසිය ගත් තීරණය ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන දෙසැම්බර් මස 02 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (13) තීන්දු කළේය.
ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම් තුනක් කැඳවු අවස්ථාවේදී මෙම අතුරු තහනම දීර්ඝ කැරිණි.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා හමුවේ පෙත්සම කැඳවූ අතර ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරිමට පොලීසිය ගෙන ඇති තීන්දුවට එරෙහිව කොළඹ හිටපු නාගරික හදිසි මරණ පරීක්ෂක එඩ්වඩ් අහංගම, වරලත් ගණකාධිකාරී චානක දසනායක, විශ‍්‍රාමික මේජර් මනෝජ් නාලක යන පිරිස මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
වගඋත්තරකරුවන් ලෙස මහජන සාමය පිළිබඳ අමාත්‍ය, ප‍්‍රවාහන අමාත්‍ය , පොලිස්පති, නීතිපති නම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා (බ)
පොලිසියට තියෙන්නේ ෆුල් ෆේස් නිෂ්පාදනය තහනම් කරලා රතුනිවෙදනයක් අරගෙන මෙයාලට හොඳ පාඩමක් උගන්නන්න. (ස)