ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ප්‍රධාන සෙබළෙක් අහිමි විය. ඔහුගේ මහ ලේකම් ආනන්ද මානවඩු පක්ෂයෙන් ඉල්ලා අස්විය. නව ලේකම් ලෙස තිසර පෙරේරා නම් කරනු ලැබ සිටී.
ඔහු විශ්‍රාමික පොලිස් නිලධරයෙකි. ඔහුගේ පක්ෂයේ හිටි මන්ත්‍රීවරු, පළාත් මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ගිය මැතිවරණ සමයේ ඉල්ලා අස්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ සාර්ථකම පාබල හමුදා නායකයා. ලෝකයේ අසාර්ථකම දේශපාලකයා. (අ)
සෙවලකම නිසා ඉන්න ඉන්න අය යනවා , කිසිදාක අසුනක් දිනාගන්න ලැබෙන්නේ නැත .,....(රේ)
ඕවා ඔහොම තමයි මහත්තයෝ (නි)
හමුදාවේ අය දේශපාලනය කරන්න ගියාම ඔහොම තමයි (නි)
අපි පතන දේ ඒ විදිහටම වෙනවා නම් කොච්චර හොඳද? (නි)
කෝ තිලක්-ඩුබායි මහත්තයා මොකුත් කියන්නේ නැද්ද? (නි)
ෆොන්සේකා මහත්තයෝ, මම නම් කියන්නේ ඔබ ජේවීපිය සමඟ එකතුවෙන්න. තනිවම පක්ෂ හදන්න එපා. ජයවේවා! (නි)
ඔබතුමාට අපල තිබුනේ රාජපක්ෂ ග්‍රහය උච්චවෙලා තිබුණු දවස්වල. දැන් හොඳ වෙන්න ඕන. (බ)
ඕවා ගණන් ගන්න එපා මහත්තයෝ (නි)
මෙතුමා ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ටතම හමුදා නිලධාරියායි. ඒ ගෞරවය නොමදව එතුමාට පුද කළ යුතුය. මේ උතුම් මිනිසාගේ ඔළුවට දේශපාලන විෂ බීජ ඇතුල් කළේ මේ වනවිටත් නන්නත්තාර වෙලා ඉන්න ජෙප්පෝ ටික තමයි. එතුමා තමන්ගේ දේශපාලන සමීකරණය තමන්ගේ වාසියට ගලප ගන්නේ කොහොමද කියල ටිකක් යන්න ඇරලා කල් යල් බලා තීරණය කළා නම් වඩාත්ම බුද්ධිගෝචර වෙන්නට තිබුණා.(අ)
සේරටම මුල කට (අ)
ඕවා ඉතින් ඔහොම තමයි (නි)
අපි ඉතින් තවත් මොනවා කියන්නද අතුල මහත්තයෝ. (නි)
අවංක දේශපාලනයට අද මේ රටේ තැනක් නැහැ. එයයි සත්‍යය. (නි)
ගුවන් හමුදාව සහ නාවික හමුදාව කොතරම් මෙහෙයක් කලාද, ඊට අමතරව සිවිල් ආරක්ෂක බලකාය පොලිසිය යන මේ සියල්ලන්ගේ මෙහෙය නිසයි අප යුද්ධය දිනුවේ. රට වැසියන් වශයෙන් අපි සියලු දෙනාම අගය කරනවා. (ර)
ලැබුන දෙයින් සතුටුවෙලා , නොලැබෙන දේවල් ගැන දුක් නොවී , ජීවිතයේ සැඳෑ කාලය සතුටින් ඉන්න. ඔබට ඔය ලැබුන දේවල් හොඳටම ප්‍රමාණවත් (නි)
අනේ මහත්තයෝ, දැන්වත් ඔය දේශපාලනයෙන් ඉවත්වෙන්න. (නි)
එහෙනං ලබන චන්දෙදි 24000 හා 24 ට අඩුවෙනවා. (ම)
මොකද මේ ඔක්කොමලා අස්වෙන්නේ. (ර)
මෙතුමා වෛරයෙන් පැහෙන ඒ වෛරයෙන් මැරි මැරී දිනපතා උපදින කෙනෙක්..ඒක එතුමා හමුදා ජීවිතයේදී වගේම දේශපාලන ජීවිතයේදීත් මනාව ඔප්පු කරලා තියෙනවා..හමුදාවට වෛරය යම්තාක් දුරකට යහපත් වුනත් දේශපාලනයට ඒක වලංගු නැහැ ...මෙතුමාත් මහින්ද මහත්තයත් අහසට පොලොව වගේ..මහින්ද මහත්තය සන්ධානයට ආසන 95ක් දිනවල දෙනකොට මෙතුමාට මන්ත්‍රී ආසනයවත් නැති වුනේ මොකද,තමන් හදපු පක්ෂේ කිසි කෙනෙක් වැඩි කාලයක් රැදෙන්නේ නැත්තේ මොකද කියල හිතල බලන්න පුළුවන් මනසක් නිහතමානි කමක් තියෙනවනම් මෙතුමාට පැහැදිලි වෙන්න ඕන.. (බ)
අන්තිමට ෆොන්සේකත් ඉල්ලා අස්වෙනවා හොදේ (බ)
සෙනරත්ට හොඳ මතකයක් තිබෙනවා වගෙයි (නි)
මට නම් හිතෙන්නේ අන්තිමට මෙය නවතින්නේ පිස්සන්කොටුවේ.(අ)
අනේ මන්දා මොනා කියන්නද කියලා. (ර)
ඕවා ගැන එච්චර හිතන්න එපා මහත්තයෝ (නි)
මෙතුමාගේ දේශපාලන සමාරම්භය වෛරයක් මිසක් යහ චේතනාවක් නම්‍ෙ නාෙවයි, ඒ්කය මේ අපලය.(අ)
අන්න විජේදාස රාජපක්ෂ මහත්තයත් මෙතුමා ගේ ගුණ වර්ණනා කරලා තියෙනවා අද පත්තරේ. (ස)
පිවිතුරුට මට කියන්න තියන්නේ සරත් ෆොන්සේකා හා මහින්ද අහසට පොළව වගේ කියන එක නම් මමත් පිළිගන්නවා කියලයි. කොහොමත් මේ රටේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වන පුද්ගලයින්ට දේශපාලනයේ පැවැත්මක් නැහැ (නි)
අර මහින්ද රාජපක්ෂට කේන්දර බලපු සුමනේට කියලා හඳහන බලලා සෙත් ශාන්තියක් කරවා ගන්න ,සෙන්පති තුමනි (ම)
ප්‍රයෝජනයක් නැති දෙයක් පසුපස තවත් යන්නේ මොකටද කියලා අන්තිමට තේරෙන්න ඇති. (නි)
හරිම අවංක දේශපාලකයෙක්. (ර)
මේ රටේ ඉන්න මිනිසුන්ගේ බුද්ධි මට්ටම ගැන හිතනකොට කවදාවත් ෆොන්සේකාටවත්, ජවිපෙටවත් තැනක් එන්නේ නැති බව අපි දන්නවා (නි)
මට හිතෙනවා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ බහුතර බලයක් කවදාවත් නොලැබෙන පක්ෂ කියලා (නි)
කොයි තිසර පෙරේරාද දන්නේ නැහැ? (ස)
සිතු දේ නොමවෙයි නොසිතු දෙයම වෙයි (නි)
මට මතක් වෙන්නෙ "බැරි සිල් නොගනින් අබරෝ" කියලා කිව්ව කතාව. (ර)
කාපු ලණු දිරවාගන්න බැරිවෙලා වගෙයි සමහරුන්ට. (නි)
තමුන් හොදනම් මෙහෙම වෙන්නේ නෑ. කෙලෙහිගුණ නැතිකම තමා සියලු දේට මුල. දේශපාලනයට එන්න අවුරුද්දකට කලින් " මම දේශපාලනයට ආවොත්, අසාර්ථකම දේශපාලකයා වේවි " කිවෙත් මෙතුමාමම තමා. (බ)
මේ පක්ෂය 2017 පමණ වනවිට අසන්නට දකින්නට නොලැබෙන පක්ෂයක් වෙයිද කියලයි මට සැක (නි)
ගොඩක් අයට අමතක දෙය මතක්කළාට සෙනරත්ට ස්තුතියි. (නි)
ඒ දෙන්නවම ජනතාව නියම තැන තියලයි තියෙන්නේ. (නි)
අර සුදු කොඩි කතාව නොකිය උනා නම් කොතරම් අගනේද ! (ස)
අනේ අපිටත් ඔහොම තමයි (නි)
එයාගේ පක්ෂයට කවුරු අන්තිමට ඉතුරුවෙයිද දන්නෙ නැහැ (නි)