යතුරුපැදිකරුවන්ට සම්පුර්ණයෙන් මුහුණ ආවරණය වන හිස්වැසුම් පැළදීම සම්බන්ධයෙන් වන නව රෙගුලාසි හඳුන්වා දීමට රජය කටයුතු කරන බව නීතිපතිවරයා අද (01) අභියාචනාධිකරණයට දන්වා සිටියේය.
සම්පුර්ණයෙන් මුහුණ ආවරණය වන හිස්වැසුම් පැළඳීම තහනම් කිරීමට පොලීසිය ගත් තීරණයට එරෙහිව ගොනුකර තිබු නඩු තුනක් අද විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා මේ බව අධිකරණයට දැන්වීය.
එම ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා ෆුල්ෆේස් හෙල්මට් භාවිතය වැළැක්වීමට පොලීසිය ගත් තීරණයට එරෙහිව අධිකරණය පැනවු අතුරු නියෝගය පෙබරවාරි 11 වන දින දක්වා අදාළ දීර්ඝ කිරීමට නියෝග කළේය .පෙත්සම ලබන පෙබරවාරි 10වැනිදා කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තහනම ඉවත්කරන එක ගොඩක් හොඳයි (නි)
පොලීසිවල ඉන්න අයට කියන්ඩ තියෙන්නේ, ඕක දීපන් ළමයෙකුට කියලයි. (බ)
ෆුල් ෆේස් හෙල්මට් පැළඳීම යතුරුපැදියේ යන අවස්ථාවට පමණක් සීමාකර බිමට බැස්ස වහාම ගළවන්න නීති හදන්න. හෙලමට් පැළඳ බැංකු සහ ආයතන වලට ඇතුළුවන අයට බලය පාවිච්චි කර අත්අඩංගුවට ගන්න හැකි නීති හදන්න. රන් බඩු ගන්න, පොළේ ඇවිදින්න, බැංකුවට යන්න හෙල්මට් මොනවටද? (නි)
හේමන්ත කියන විදිහට නිතිය කඩනවද බලන්න හැම බැංකුවකම, රන් බඩු හලකම පොලිසියෙන් හතර පස් දෙනෙක් දාන්න වෙයි. (නි)
මේවා නැතිකරන්න නම් එපා (නි)
ලංකාවේ සිදුවුණා යැයි කියන රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් හොරකම් කළේ ෆුල්ෆේස් හෙල්මට් පැළදගෙන ඇවිල්ලාද? නිකම් ලෝකය හිනස්සන්න එපා. (බ)
ගස්පේ.ඔබගේ අදහසම තමයි සමස්ත ජනතාවටම කියන්න තියෙන්නේ. (ස)