යතුරුපැදි ධාවකයින් සඳහා සම්පුර්ණයෙන් මුහුණු ආවරණය කළ හිස්වැසුම් භාවිතය (ෆුල් ෆේස් හෙල්මට්) තහනම් කිරීමේ නීතිය ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබු අතුරු තහනම අභියාචනාධිකරණය විසින් තවදුරටත් දීර්ඝ කර තිබේ.
ඒ පිළිබඳ නඩුව අද(01) කැඳවු අවස්ථාවේදී ඔක්තෝබර් 13 වන දින දක්වා අදාළ අතුරු තහනම ක්‍රියාත්මක වන පරිදි අභියාචානාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ සහ එච්.සී.ජේ මඩවල යන මහත්ම මහත්මීන් ගෙන් යුතු විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු නියෝගයක් නිකුත් කළේය.
පොලිස්පති වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිරණයේ දී පැවසුයේ නඩුව සමතයකට පත් කර ගැනීමට සඳහා කාලය ලබා දෙන ලෙසයි.
පෙත්සම යළි කැඳවීම ලබන මසට කල් තැබිණි.
අදාළ නීතිය ක්‍රියාත්මක වීමට එරෙහිව නාලක ඉන්ද්‍රජිත්, චානක දිසානායක ඇතුළු තිදෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.මහජන සාමය පිලිබඳ අමාත්‍ය ජෝන් අමරතංග, අමාත්‍ය රංජිත් මදදුමබණ්ඩාර, පොලිස්පති ,නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සුකිරි. ඔයාට එක තේරෙන්නේ නැද්ද. එක තමයි පාලකයන්ගේ ටිකිරි මොලේ. මම දන්නා පොඩි දරුවකු මැරුණා බත් කවනකොට උගුරේ හිරවෙලා. මම හිතනවා බත් කෑම ළඟදීම තහනම් කරයි කියල. (අ)
ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරනවානම් තහනම් කළ යුතු තවත් බෝහෝ දේ ඇත. (අ)
දැන් අපේ රටේ පිහි ඇනුම් තියනවනේ. එත් අයි පිහි තහනම් කොරන්නේ නැත්තේ. පොල්ලෙන් ගහලත් මිනිස්සු මරනවනේ. එත් අයි පොලු තහනම් කොරන්නේ නැත්තේ. අයි මේ හෙල්මට් වලට පමණක් මේ තරඟ තරහ. (අ)