හදිසි රිය අනතුරකට ලක්ව දෑඩි පිළිස්සුම් තුවාල ලබා දින 21ක් පිසා මහා රෝහලේ දෑඩි සත්කාර එකකයේ සිහි සුන්ව සිටිනා ෆිරෙන්සි සමාධි විහාරයේ විහාරාධිපති දොඩන් දෙනියේ නන්දසිරි හිමියන්ට ඉක්මන් සුවය පතා දඹදිව දුර්ගේෂ්වරි ගුහාවේ විශේෂ පින්කමක් අද දින සිදුවන බව විහාරස්ථාන දායක සභාවේ සිරිවර්ධන ද සිල්වා මහතා පවසයි.
බුදු හාමුදුරුවන් දුෂ්කර ක්‍රියා කළ දුර්ගෙෂ්වරි ගුහාවේ අපේ හාමුදුරුවන්ට සෙත් පතන පින්කම සංවිධානය කරන්නේ රෝද පුටුවේ ඉන්න මගේ බිරිද. අපේ හාමුදුරුවන්ට අපි ආදරෙයි. නන්දසිරි හාමුදුරුවෝ අපිට ඕනෑ.
දායක සභාවේ අපි හැමදාම හාමුදුරුවන්ට ඉක්මන් සුවය පතා අපේ විහාරස්ථානයේ බෝධි පුජා තියෙනවා. අපේ හාමුදුරුවොත් සමාධි විහාරයේ සිට අවුරුදු 15ක් දුෂ්කරත් ක්‍රියාවක් තමයි කලේ. කිසිම උණුසුම් උදුනක් නෑතිව සීතලේ ගෑහෙමින් සමහර වේලාවට දානේ වෙලත් නැතිව තමයි හාමුදුරුවන් ජිවත් වුයේ. නන්දසිරි හාමුදුරුවන්ගේ අරමුණ වු විහාරස්ථානය මිලදි ගන්න ආසන්නම දින කිහිපයේදි තමයි මේ අවාසනාවන්ත සිද්ධිය වුයේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දසිරි හිමියන්ට ඉක්මන් සුවය පතමි.(දී)
අපේ නන්දසිරි හිමියන්ට දළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා.(අ)