මාතලේ මහ රෝහලේ වැසිකිළි උතුරා ෆාමසියට ගලා යාම නිසා අද (28) පෙරවරු 8.30 සිට බෙහෙත් දීම නතර කළ බව රෝහල් ආරංචි කියයි.
මේ ගැන විමසිමට රෝහලට ගිය විට එහි වෛද්‍ය අධිකාරි පැවසුවේ මෙම පුවත පළ කළ හොත් ඔහුට විරුද්ධව නඩු පවරන බවයි. “මේවා සාමන්‍ය යෙන් වෙන දේවල්. පත්තර වලට ලොකු දෙයක් වෙන්න පුළුවන්. මේ ගැන කියන්න මම බැදිලා නැහැ.අවසරයක් නැතිව රෝහලට එන්නත් බැහැ” යනුවෙන් ඔහු මාධ්‍යයට දොස් පැවරීය.
ලෙඩ්ඩු පන්සියයට වැඩි පිරිසක් බෙහෙත් ගැනීමට පැමිණ සිටියහ. රෝහල් සේවකයෝ ෆාමසියේ අප ජලය පිරිසිදු කරමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුප්පන්න විතරයි පුළුවන්. අධ්‍යාපනය සමග ලැබිය යුතු ශික්ෂණය නොලබුනාම ඉතින් ඔහොම තමයි හැසිරෙන්නේ. (කෞ)
ඇයි මාධ්‍යයට රෝහල තහනම් තැනක්ද? (නි)
මොවුන් ඉගෙනගත්තේ, දැන් මාසිකව දහස් ගණන් පඩි ගන්නේ මේ බෙහෙත් ගන්න එන අහිංසක මිනිස්සු ගෙවන බදු මුදල් වලින් කියලා තේරුම් ගන්නේ කවදාද? (නි)
මෙහෙම වෙන්න ගියොත් රටේ නීතියේ ආධිපත්‍ය කියන දේ නැතුව යනවා. යහපාලනයද මේ? (නි)
මාධ්‍ය නැත්නම් අපි කොහොමද මේවා මෙහෙමහරි දැනගන්නේ? (නි)
කාර් පර්මිට් එකක් පෙන්නුවා නම් ඔහොම පුප්පන එකක් නැහැ (නි)
මේ අධිකාරිට විරුද්ධව යම්කිසි පියවරක් ගතයුතු නොවේද?
වෛද්‍ය අධිකාරිට මොලේ අමාරුවක්ද? සත්‍ය පුවතක් මහජනයා වෙත ඉදිරිපත් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක්ද? (ම)