ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක‍්‍රීඩා සමාජය මෙහෙයවන ෆෝමියුලා මෝටර් රථ තරගමාලාවේ (2012) සිවු වැනි වටයේ තරගාවලියේදී මැක්ලරන්ස් 1300 සී.සී. ඉසව් ජය ගැනීමට සාකිර් වහබ් සහ චන්දිම ගුණරත්න සමත්වුහ. පන්නල ස්පීඞ් ඩ්‍රොම් ධාවන පථයේදී පැවැති මෙම තරගාවලියේදී සාකීර්, ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. ඉසව්වේ පළමු තරගයද, චන්දිම එම ඉසව්වේ දෙවැනි තරගයද ජය ලැබුහ. මෙරට ෆෝමියුලා මෝටර් රථ පැවැත්වෙන එකම තරගමාලාව ද මෙයවන අතර චන්දිම පළමු ඉසව්වේ දෙවැනි ස්ථානය ද ලැබීය. මෙම වසරේදී තරගමාලාවට ඇතුළත් වු මැක්ලරන්ස් ඇල්ටෝ කේ 10 ඉසව්වලදී සංජය රණසිංහ සහ යනික් ලෝරන්ස් පළමු ස්ථාන හිමිකර ගත්හ. ප‍්‍රවීණ මෝටර් රථ ධාවක අශාන් සිල්වා සහ කෞෂල්‍ය සමරසිංහ, ෆෝමියුලා ෆෝර්ඞ් 1600 සී.සී. ඉසව් ජය ලැබුහ. අවසන් තරග ප‍්‍රතිඵල:
- ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. (I වැනි තරගය)
- මැක්ලරන්ස් ඇල්ටෝ කේ 10 ඉසව්ව (I වැනි තරගය)
- ෆෝමියුලා ෆෝර්ඞ් 1600 සී.සී. (85 ට පසු)
- ෆෝමියුලා ෆෝර්ඞ් 1600 සී.සී. (85 ට පෙර)
- මැක්ලරන්ස් ඇල්ටෝ කේ 10 ඉසව්ව (II වැනි තරගය)
- ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. (II වැනි තරගය)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd