එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීම අභියෝගයකට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (11) රිට් පෙත්සමක් ගොනු කෙරිණි.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් නොවන සරත් ෆොන්සේකා මහතාට එම පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු ලෙස පත්වීම සහ කටයුතු කිරීමට කිසිදු අයිතියක් නොමැති බවට ප‍්‍රකාශ කරන ලෙසද මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබේ.
දකුණු පළාත් එක්සත්ජනතා නිදහස් සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු සහ නීතඥ මේජර් අජිත් ප‍්‍රසන්න විසින් ගොනු කළ මෙහි වගඋත්තරකරුවන් ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය සහ එම කොමිසමේ සමාජිකයින්, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක යන මහත්වරුන් පිරිසක් නම් කරනු ලැබ සිටිති.
එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරයෙකු වූ එම.කේ.ඞී.එස්. ගුණවර්ධන මහතා අභාවප‍්‍රාප්ත වූ අතර එයින් පුරප්පාඩු වූ මන්ත‍්‍රී අසුනට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත් කිරීම පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 99 වැනි වගන්තියට පටහැනි බව පෙත්සමේ සඳහන්වේ.
ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනම පක්ෂයක නායකයෙකු වන බැවින් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවේ හෝ ජාතික ලැයිස්තුවේ ඔහුගේ නම සඳහන්ව නොතිබූ බව පෙත්සමේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වංචාකාරයෝ, වැරදිකාරයෝ තමයි ෆොන්සේකා මහතාට බයවෙන්නේ (නි)
පොන්සේකා මහත්තයා එජාපයෙන් පත්වුණා කියල මෙයාට වුන පාඩුව කුමක්ද ? ඇයි එතුමට එච්චර බය? (ර)
තමන්ගේ වාසියට ඔක්කොම වමාරන කෙනෙක් වීම ගැන කනගාටුවෙමි.(බ)
ෆොන්සේකා මහතාට දේශපාලන පළපුරුද්දක් නැහැ. මෙතුමා අණට වැඩ කරන්න පුරුදුවුණ කෙනෙක්. එනිසා දීර්ඝකාලීන පළපුරුද්ද අවශ්‍යයි. (නි)
එරන්ද, ඇයි මේවට කලබල වෙලා? ඉවසීමෙන් බලාඉන්න වෙන්නේ මොකක්ද කියලා (නි)
මුල්‍ය අපරාධ සහ පසුගිය සමයේ ඇතිවූ අනෙක් අපරාධ පිලිබඳ කටයුතු වේගවත් කිරීමට සරත් ෆොන්සේකා ඇමති තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන මෙන් ඉල්ලා සිටිනවා. (ර)
පැරදුනු අය පාර්ලිමේන්තු ගේනවානම් මොකටද මෙච්චර වියදම් කරල ජන්ද තියන එකේ තේරුම. (බ)
පැරදුනු අය පාර්ලිමේන්තු ගේනවා නම් මොකක්ද මෙච්චර වියදම් කරලා ඡන්ද තියන එකේ තේරුම? ෆොන්සේකා කට ඇරියට ඇයි බයවෙන්නේ? (නි)
මිලානෝගේ අදහස මමද එලෙසින්ම පිළිගෙන එම ඉල්ලීම යථාර්ථයක් වේවායි ප්‍රාර්ථනා කරමි. (නි)
ඡන්දෙන් පරදින අයත් ජනතා කැමැත්තට පයින් ගහලා බුරුතු පිටින් හොර පාරෙන් පාර්ලිමේන්තු යවන එකේ, ඡන්ද තියලා මිනිසුන්ගෙම සල්ලි නාස්ති කරනවට වඩා හොඳ නැද්ද තුන්ඩු ඇඳලා, ඉරි අල්ලලා, එහෙම නැත්නම් දාදු කැටයක් උඩ දාලා පාර්ලිමේන්තු නියෝජිතයෝ තෝරාගත්තා නම්? (නි)
අපි මොනවා කතාකළත් මේවායින් වන විනාශය සහ පාඩුව රටටයි දර්ශන (නි)
දැන් තියෙන්නේ මොන වගේ ආණ්ඩුවක්ද කියලා අපි දන්නවනේ. ඉතින් මේ දේවල් ගැන පුදුමයක් නැහැ (නි)
එරන්ද, කලින් යුද්ධයට සම්බන්ධව සිටි කෙනෙක් හැටියට ඔහු ඒ ගැන කියන දේවල් වලට බරක් තිබෙනවා. ඉතින් එහෙම කෙනෙක් තැන නොතැන නොබලා, රටට වෙන අයහපත ගැන නොසිතා, පටු වෛර පිරිමහගන්න එහෙම ප්‍රකාශ කරන එක ගැනයි බය. (නි)
සමහරුන්ට නම් තියෙන්නේ එසේ මෙසේ වෛරයක් නෙමෙයි. (නි)
ටෙහාන්ගේ අදහස මමත් අනුමත කරනවා. (නි)
කන්න ඕනෑ වුණාම කබරගොයාත් තලගොයා කරගන්න දේශපාලකයෝ තමයි දැන් අපිට ඉන්නේ. (නි)
සරත් ෆොන්සේකා ඡන්ද 2500නේ ගත්තේ. ජනතාව එහෙම පිටින්ම ප්‍රතික්ෂේප කළා. මට එතුමා සමග පුද්ගලික තරහන් නැහැ. නමුත් ඡන්දෙ දිනලා ආවොත් තමයි පිළිගන්නේ (නි)
මහින්දට අපහාස කරවන්න මොනවා කළත්, මේ වැඩ නිසා තව තවත් මිනිස්සු මහින්දට ළංවන බව ආණ්ඩුවේ ලොක්කන්ට තේරෙන්නේ නැති එකයි පුදුමේ. (නි)
අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. යමක් වෙන්න තිබෙනවා නම් එය සිදුවෙනවාමයි. (නි)
මේතුමාට අයිති තැන ලැබුණා.(හේ)
අපි සහ අපේ අනාගත දරු පරම්පරාව නිදහස් කර දුන්න ජෙනරාල් තුමනි ඔබට පින් සිද්ද වෙනවා.(හේ)
බය නෙමෙයි දර්ශන, අපිට ඇත්තේ කළකිරීමක් මෙතරම් අඩු සංඛ්‍යාවක් ඡන්ද ගත් කෙනෙක් පාර්ලිමේන්තුවට ආ එක ගැන. (නි)
ෆොන්සේකා මහත්තයාව නවතන්න ඔය කාටවත් පුළුවන් වෙන්නේ නැහැ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා (නි)
ටෙහාන්, පැරදුනු අය ගෙනෙනවා කියලා එකක් නැහැ. ජාතික ලැයිස්තුවෙන් ඕනෑම කෙනෙක් ගෙනෙන්න මහලේකම්ට බලය තිබෙනවා නේද? (නි)
ඔය පටන් ගන්නේ වැඩ.(හේ)
මේ වගේ තව කොච්චර අයට තනතුරු දුන්නද? ඒත් කවුරුවත් කෑගැහුවද? මොකද දැන් මේකට විකරක්? (නි)
කවුරු මොන පෙත්සම් ගැහුවත් ඔබ බලයේ සිටිය යුතු කෙනෙක්. එයයි අපේ තීරණය. (නි)
එතුමාට බයවෙන්න කාටවත් අවශ්‍යතාවයක් නැහැ. එයා සුදුසු කෙනෙක් නම් ඉතින් ඡන්දය තිබෙන්න එපායැ (නි)
ෆොන්සේකා කට ඇරිය ගමන් සමහරු බයවෙලා. ඔහු දන්නා දේවල් එළිවෙනකොට කාට කාටත් වදියි. බය නැතුව කතාකරන අය තමයි අපිට ඕනෑ. (නි)
පුදුම බයක්නේ. ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේ නැඟූ හඬට කට්ටියම වෙව්ලන්න පටන් අරගෙන වගේ (නි)
පැරදුනු අය පාර්ලිමේන්තු ගෙනෙනවා නම් මොකටද මෙච්චර වියදම් කරලා ඡන්ද තියන එකේ තේරුම? (නි)
කතාව ඇත්ත. නීති පොත් සියල්ල පැත්තකට දාලනේ මේ පත්වීම් ලියුම් දෙන්නේ. (නි)
සරත් ෆොන්සේකා කියන්නේ ජනතා ඡන්දයෙන් ප්‍රතික්ෂේප වුණ කෙනෙක්නේ (නි)
මම නම් දකින්නේ මෙයාලා ෆොන්සේකාට බයයි කියලයි. මේවාට කිසිම නීතිමය පදනමක් නැහැ. නිකම්ම එළියට විසිවෙයි (නි)
ඔබ තුමා කොහොමද හිතට එකගව පාර්ලිමේන්තු ගිහින් ඇමතිකමක් ගත්තේ මහජනයා ප්‍රතික්ෂේප කළානේ (බ)
මිලානෝ, දේශපාලනයට කඩේ යනවා කියලා ඔහොමත් යන්න එපා. ලැජ්ජාවක් නැද්ද? (නි)
එතකොට එස් . බී . ගොයියට මොකද වෙන්නේ? (රේ)
පරාජයවුණ අය පාර්ලිමේන්තුවට ගන්නවා නම් ඡන්ද ක්‍රමයක් අවශ්‍ය නැහැ නේද? (නි)
කුමාර කියපු කතාව නම් ඇත්ත . රාජපක්ෂ යුගයේ මේ කිසිම කෙනෙක් මේ විදියට ප්‍රජාතන්ත්‍රවාදය ගැනවත් නීතිය ගැනවත් සාධාරණය ගැනවත් කටක් ඇරියේ නැනේ . මේ විදියට කව්රුවත් කොමෙන්ට් දැම්මෙත් නෑ.(රේ)
මෙතන ප්‍රශ්නය තිබෙන්නේ කාටවත් බයවෙන එක ගැන නෙමෙයි. මෙම පත්කිරීම ව්‍යවස්ථාවට අනුව කළ පත්වීමක්ද නැද්ද යන්න හොයන එක. ප්‍රජාතන්ත්‍රවාදියි කිය කියා ඒකාධිපති විදිහට කටයුතු කිරීමයි නැවැත්විය යුත්තේ. (නි)
කවුරුත් බලයට කැමතියි. බලය නැතිදාට සියල්ල අවසානයි. (නි)
ටෙහාන්, අතුල, ශානක මහත්වරුනි, ඇයි එස්.බී. වගේ පැරදුන කීප දෙනෙක් පත්කළ වෙලාවේ ඔය ප්‍රශ්නය ඇහුවේ නැත්තේ? ෆොන්සේකා පාර්ලිමේන්තුවට ගත්තට ඇයි බය? පළමු කතාවේදීම ඉදිරිපත්කළ අදහස් මොනතරම් වැදගත්ද? (නි)
මේවා දැකලා දැකලම ලංකාවේ දේශපාලනය අප්‍රසන්න වෙලා අපිට (නි)
අනේ මහත්තයෝ, ඔබ ජාතික වීරයෙක්. නමුත් දේශපාලනය ඔබට සුදුසු නොවේ. (නි)
මෙතුමාට මෙහෙම කතා කරන්නත් එහෙනම් බැහැනේ. මොකද මෙතුමා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් නොවෙයිනේ. (නි)
ජයන්ත, ධර්මසිරි, තිස්ස, ටෙහාන්, ඔබතුමාලා ගොඩක් අයට ව්‍යවස්ථාව උල්ලංඝනය වීම ගැන හරි දුකක්නේ තිබෙන්නෙ. මහින්දගේ කාලයේ ඔයාලගේ මේ වගේ අදහස් අපි දැක්කේ නැහැනේ. (නි)
කවුරු කොහොම කෑගැහුවත් ඔබේ ගමන නොසැළී නොබියව ඉදිරියටම යන්න වාසනා! (නි)
එතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි. 48 ලක්ෂයක් ජනාධිපතිවරණයකින් කැමැත්ත ගත් කෙනෙක් (නි)
පැරදුනු අය පාර්ලිමේන්තු යවලා මේ රට විනාශ කරනවා. පැරදුනා කියන්නේ ජනතාවට එපාවුණ අය. ජනතා තීරණ නිවැරදි නම් මේ ආණ්ඩුව කරන්නේ ජනතා තීරණයට පයින් ගහන එක. කොහොම වුණත් නැවත ඡන්දයක් එනතුරු අපි බලා ඉන්නවා. (නි)
ජාතික ලැයිස්තුවට පිටින් මීටපෙරත් අඩු වැඩි වශයෙන් මන්ත්‍රීවරු නම් කරලා දැන් එය පුර්වාදර්ශයක් වෙලා තිබෙන නිසා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාගේ පත් කිරීම අභියෝගයට ලක්කිරීම අපහසු වෙයි කියලයි මට නම් වැටහෙන්නේ. (නි)
පාඩුව කෙසේවෙතත් රටේ සදාචාරය කියන එක රැකෙන්න ඕනෑ. ජනතාව බින්දුවටම දාපු අය පාර්ලිමේන්තුවට දාන්නේ ඇයි මේ විදිහට? ඇයි මේ එජාපයේ අය කතා කරන්නේ නැත්තේ. එජාපයේ මන්ත්‍රීවරුනි, තමුන්නාන්සේලා පරිස්සම් වියයුතුයි. ඊළඟ වාරය තමුන්ගෙන් කෙනෙකුට වෙන්න පුළුවන්. තනතුර නොවෙයි, ආත්මය රැකගන්න. (නි)
කවුරු කවුරු ගැනත් අපි දන්නවා. බලයට කෑදරවීම නම් හොඳ නැහැ (නි)
රොකි, ඔක්කොම එක වල්ලේ පොල්. තමන්ගේ වාසියට තමයි ඔතනට එන්නේ. මේ ආණ්ඩුව ජනතා ඡන්දෙ පැත්තකට දාලා තිබෙන වෙලාවක ඔයා ඔච්චර කඩේ යන්න දඟලන්න එපා. (නි)
ජෙනරල් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ කළ සම්පුර්ණ කතාව එළිකරන්න. එවිට මේ බියවෙන්නේ කුමක් නිසාද කියලා රටම දැනගනීවි. (නි)
කරුණාකරලා යුද්ධයෙන් සහ යුද්ධයට පසුව සිද්ධවුණ මහා පරිමාණ දුෂණ වංචා සොයන්න ජෙනරල් ෆොන්සේකාට බාරදෙන්න. ඒ රට වෙනුවෙන් කරන යුතුකමක්. (නි)
ඔබතුමාට යමක් උරුම නම් එය ලැබීම වැළැක්වීමට කුමන බලවේගයකට හෝ හැකියාවක් නැහැ (නි)
එතකොට චම්පික ඇමති හැප්පුවා කියන ළමයට සාධාරණය ඉෂ්ට කරගන්න උසාවි ගියේ? මේ වෛරී දේශපාලනය නිසා කරන දේවල් එහෙම නෙමෙයිනේ. හද පිරි මෛත්‍රියෙන්ම කරන දේවල්. (නි)
මට දැන් හිතෙනවා ලංකාවේ මිනිසුන්ට ඕනෑවට වැඩිය නිදහස ලැබිලද කියලා. වැඩ කරන්න කාලයක් මිනිසුන්ටත් දේශපාලකයන්ටත් නැහැ වගේ. එ්කනේ රාජපක්ෂ මැතිතුමා සියලු දෙනාම අත යට තියාගෙන වැඩ කළේ. ඒ ක්‍රමය තමා අද මිනිස්සු නැවතත් ඉල්ලන්නේ, එහෙම නේද? (නි)
රාජපක්ෂලා යුද්ධය කළේ කොහොමද කියන එක ලස්සනට මෙතුමා විග්‍රහ කරනවා. කරුණාකරලා පාර්ලිමේන්තුවේ කළ සජීවී කතාව කොටස් වශයෙන් හෝ පළකරන්න. ඒ සත්‍ය සමස්ත ජනතාවටම අහන්න අයිතියක් තිබෙනවා. (නි)
මේවට හුරේ දාන අයත් ඉන්නවනේ හැබෑට? ඉතින් තවත් මොන කතාද? (නි)
කම්බා හොරු කල්ලිය විසින් හොරා කෑ සෑම සතයක්ම නැවත ජනතා සතුවෙන්න ඕනෑ කියන එකේ කතා දෙකක් නැහැ. ඒ සඳහා සුදුසුම කෙනා පිට කොන්දක් තිබෙන ජෙනරල් පමණයි. කට්ටිය හොඳටම බයවෙලා. මේ පටන්ගැනීමක් පමණයි (නි)
අජිත්, ඒ ඡන්ද ලක්ෂ 48ම එයාට කැමැත්තට ලැබුණ ඒවම නෙමෙයි. පක්ෂයට ලැබුණ ඒවා (නි)
වැරදි පත්කිරිමකට විරුද්ධව උසාවියේ පිහිට පැතීමට එජාපයේ කෙනෙක්ම වෙන්න ඕනෑ නැහැ. ජාතික ලැයිස්තුව ඡන්දයට පෙර ඉදිරිපත් කරලා ඡන්දයට යන්නේ ඔවුන්ගෙන් පත්කරනවාය කියන පොරොන්දුව ජනතාවට දෙමින්. එසේ ඡන්දය ලබාගෙන ලයිස්තුවෙන් පිට පත්කිරීම නීතිවිරෝධී නොවන්නේ කෙසේද? (නි)
හර්ෂණ, නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලන්නේ බයට නොව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි (නි)
සුසන්තගේ කීම සම්පුර්ණ සත්‍යයක්. මෙය ජනතා පරමාධිපත්‍යය වෙන්නේ කොහොමද? මෙය අනුමත කළහැකිද? (නි)
ෆොන්සේකා කට ඇරියට අපි නම් බය නැහැ. නමුත් කැමති නැහැ. (නි)
මේ අය මුළු පාලන තන්ත්‍රයම විනාශ කරදමමින් පවතිනවා. ඡන්දයකින් පැරදුනු කෙනෙක් ගෙනෙන්න නම් ඇයි මහජන සල්ලි වියදම් කරලා ඡන්ද පවත්වන්නේ? නීතිය සහ සම්ප්‍රදාය වල්වැදී ඇති බව පැහැදිලියි. දැනුයි අපිට නියම ඒකාධිපතිවාදය බලන්න පුළුවන්වෙලා තියෙන්නේ. (නි)
අපි නම් කවුරු මොනවා කිවුවත් ඔබ ගැන ඇත්ත දන්නවා. ඔබට ජය නියතයි (නි)
ඔහු කුමනාකාරයේ කෙනෙක්ද යන්න රටට ආදරය කරන අය දන්නවා. අපිට නම් කියන්නත් ලැජ්ජයි. (නි)
රට වෙනුවෙන් තුන්වරක් ලේ,මස්,පුජා කළ එතුමා ජාතික වීරයෙක්. අපිට අවශ්‍ය නිර්භීත ජනතා සේවකයින් (බ)
ඇයි මෙච්චර ෆොන්සේකාට බය? මට තේරෙන්නේ නැත්තේ ඒකයි (නි)
අපිට නම් ලැජ්ජයි මේ සිද්ධවෙන දේවල් දකිනකොට. ඒත් සමහරුන්ට නම් ගාණක්වත් නැහැ (නි)
මෙතුමා පළමු දිනම කළ කතාවෙන් කිවුවේ කුමක්ද? සුදු කොඩි කතාව ගැනත් පරීක්ෂණයක් අවශ්‍යයි කියලා මෙතුමා කියනවා නේද? (නි)
මේවා හැමදේම සිදුවෙන්නේ නීතියක් ක්‍රමයක් නොමැති නිසා. අද පාලනයේ නොහැකියාව අපිට හොඳින් පෙනෙනවා (නි)
අපේ මිනිසුන්ට මොනවාහරි ඇදලා ගත්තහම වෙන ප්‍රශ්න මොකුත් මතක නැහැ. මේකත් ඒ වගේ තමයි (නි)
ජනතා ඡන්දයෙන් ප්‍රතික්ෂේප කළ අය මෙලෙස නැවත ගෙන්වීම ගැන නම් දෙවරක් සිතාබැලිය යුතුයි (නි)
මේ දේවල් නෙමෙයි, රටේ ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළට ගෙනඒමට, මන්දපෝෂණය රටෙන් අතු ගා දැමීමට රජය හැකි ඉක්මනින් ක්‍රියාත්මක වියයුතුයි. (නි)
මහජනයා ප්‍රතික්ෂේප කළ කෙනෙක් මෙහෙම ගත් එක අපිත් අනුමත කරන්නේ නැහැ (නි)
සුදු කොඩි කතා කියල රට පවා දෙන්න ගිය, බලයට කෑදර කෙනෙක් ජාතික දොහියෙක් මිසක් වීරයෙක් නෙමෙයි. (ම)
ජනමතය සමග සූදු ක්‍රීඩා කිරීම නම් කවුරු කළත් අනුමත කරන්න බැහැ (නි)
ගොඩක් අය බයවෙලාද කොහෙද? එදා එතුමා කට අරින්න හදනකොට හිරේට දැම්මා. අද කට අරින්න හදනකොට වෙන අය දාලා එ්ක නවත්වන්න හදනවා. එතුමාගේ ගමන නවත්වන්න ඕනෑ එක්කෙනා කොච්චර හැංගිලා හිටියත් රටම දන්නවා ඒ කවුද කියලා. (නි)
තිස්සලට මතක නැද්ද කොහෙද, ඒ දවස් වල ව්‍යවස්ථාවට අනුව වැඩවුණාද නැද්ද කියලා? (නි)
ඒ කාලේ මොන වැරදි සිද්ධවුණත් කවුරුත් ඒවාට කතාකළේ නැහැ. ඒකට දැන්? (නි)