ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාගේ ඡන්ද රැස්වීමක් බෙලිඅත්ත ගැටමාන්නේ පෞද්ගලික ඉඩමක පැවැත්වීමට අවසර ලබාගෙන තිබුණත් සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් එය කඩාකප්පල් කළ බවත්, තම නායකයාගේ ආරක්ෂාව පතා එතැන රැස්වීම නොපවත්වා එතැනින් පිටවූ බවත් හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායම් නායක දේවක වීරසිංහ මහතා පවසයි.
එම රැස්වීම පැවැත්වීමට බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවෙන් මණ්ඩරවත්ත පොළ භූමිය නුදුන් නිසා පෞද්ගලික ඉඩමක පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබියදී සන්ධානයේ 200ක් පමණ පිරිස පැමිණ හූ කියමින් අවහිර කළ බව සිද්ධිය සියැසින් දුටුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ ප්‍රතිපල අපිට ලගදීම දකින්න ලැබේවි,රැස්වීම් තියන්න බුමිය විපක්ස වලට දෙන්න බයයි.මේ අසදාරනවලට විසදුමක් ඉක්මනට ලැබේවි.(දී)
අසාධාරණ නැද්ද මෙවන් වැඩ (දී)
කවුරු කලත් මේවා වැරදි වැඩ කටත් මැතිවරණ කරන්ට නිදහස තියෙන්ට අවශ්‍යයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එකට (අ)
ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තෙම නෑ (දිල්)
මැතිවරණය ඉතාම සාධාරණ විධියට පවත්වන බවට සැකයක් එහෙම තියෙනවද? (දී)
ප්‍රජාතන්ත්‍ර වාදය ලොවට බිහිවූ මුල් අවධියේ මිනිස්සු ඉතාමත් ශීලාචාරව හැසිරෙමින් ඒ ක්‍රමය ආරක්ෂා කර ගත්තා.චන්දය සාධාරණව පැවැත්වුවහොත් මේවායේ ප්‍රතිපලය දැක බලා ගන්න හැකි වේවි. (දී)
මේවා ජනතාව බලාගෙන ඉන්නේ අවසානනේ ජනතාව තීරණය කරයි කාටද චන්දෙ දෙන්නේ කියලා (දී)
කොන්ද පන නැති වැඩ (දී)
කව්ද මේවාට විරුද්ධව ක්‍රියා කරන්නේ? (දී)
ජෙනරල් තුමනි ඉදිරියට තැබූ අඩිය පිටුපසට නොගන්න මේ දේවල් දිරියක් කර ගන්න (දී)
සිංහයාට බයයි නංගියේ ....... මම (දී)
කවුරු කඩාකප්පල් කළත් නිදහස් මැතිවරණයකදී මෙය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි. (නි)
රැස්වීම් තිබ්බට වැඩියෙන් ඡන්ද ලැබෙන්නෙ නැහැනේ (නි)
දැන් සමහර කට්ටිය ජෙනරල් ෆොන්සේකාගේ හෙවණැල්ලටත් බය වෙලා වගෙයිනේ. (නි)
බලමු වෙන්නෙ මොකක්ද කියලා (නි)
රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්න නම් ජෙනරල් ෆොන්සේකා වගේ අය තමයි ඉදිරියට එන්න ඕනෑ. (නි)
ලංකාවේ දැන්නම් තියෙන්නේ අමුතුම ජාතියේ ප්‍රජාතන්ත්‍රවාදයක්. (නි)
කවදා හරි සත්‍යය ජය ගනී (නි)
හොඳ මිනිස්සු නම් මෙහෙම කරන්නෙ නැහැ (නි)
මේකට තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. (නි)
මේක වැරදි වැඩක් කියා කිව යුතුමයි. (නි)
මෙවර ප්‍රබල විපක්ෂයක් බිහිවනු දැකීම මගේ පැතුමයි (නි)
ඇයි මෙච්චර බය,මේව බාල වැඩ. (ත)
දකුණේ ඉන්නේ නරිද?ස්ත්‍රී දුසකයෝද ?(දී)
ලංකාවේ නියම ප්‍රජාතන්ත්‍ර වාදය (දී)වා
මේවා හරිම අසාධාරණ වැඩ පැෆරල් සංවිධානය කෝ? (දී)
ඇත්තටම එහෙම කරා නම් අසාදරනයි .සාමකාමිව එක්රැස් වෙන්න ,සාමකාමිව තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ,සාමකාමිව විසිර යන්න කාටත් අයිතියක් ඇත.(දී)