පසුගිය ජනාධිපතිවරණ සමයේ පක්ෂයේ තීරණයට එරෙහි වෙමින් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීයැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා විසින් එහි පළාත් සභා මන්ත්‍රීන් තිදෙනකු පක්ෂයෙන් ඉවත් කරනු ලැබීම නීති විරෝධී බව අභියාචනාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අද තීරණය කළේය.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක දයාරත්න, දකුණු පළාත් සභා මන්ත්‍රී පද්මසිරි ද සිල්වා හා වයඹ පළාත් සභා මන්ත්‍රී මල්හාමි රත්නායක ඔවුහුය.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ,මැතිවරණ කොමසාරිස් ,එම පළාත් සභා ලේකම්වරු සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පෙත්සම විභාග කෙරුණේ විජිත් මළල්ගොඩ, කුමුදුනී වික්‍රමසිංහ හා එස්. එච්. මඩවල යන විනිසුරු මඩුල්ල හමුවේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහත්තයෝ, දැන්වත් තීරණයක් ගන්න දේශපාලනය ගැන (නි)
කෑව නේද ඉල්ලගෙනම,මෙයා දන්න දෙයක් නැහැ. (ස)
දැන්වත් තමුන් ගැන ලොකුවට හිතාගෙන ඉන්න එක ගැන ලැජ්ජා වෙන්න. වෙන කියන්න දෙයක් නැහැ. (නි)
අයියෝ මදැයි වෙච්ච දේ! (නි)
මදැයි වෙච්ච දේ! (නි)
අනේ ඉතින් වෙච්චදේට මක්කරන්නද? (නි)
ෆොන්සේකා මහතා දේශපාලනය කරන්නේ නැතුව ජාතික ආරක්ෂාව තුළින්වත් රටට සේවයක් කරන්න හිතුවොත් නරකද? (නි)
දේශපාලනයක් නිසා ලබන්න පුළුවන් උපරිම ගෞරවයක් ඒ හා සමානව ලැබෙන අමිහිරි ප්‍රතිචාරත් නිසා මෙතුමාගේ පැවැත්මට විශාල කැළලක් ඇතිවෙනවා ඉදිරියේදීත්.(ම)
උන් කලවැද්දෝ (බ)