හිටපු යුද හමුදාපති ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාර ගත වී සිටි නමුත් ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් සභා ඡන්දයක දී ඔහු ඡන්දය දීමට නුසුදුස්සෙක් නොවේ.
එවැනි සිරදඬුවමක් ගත කළ අයකුට ජනපතිවරණයක දී, පාර්ලිමේන්තු මැතිවරණයකදී හා ජනමත විචාරණයක දී ඡන්දය දිය නොහැකි බව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියයි.
ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 88 වගන්තියේ ඈ ඡේදය මසේය.
‘යම්කිසි තැනැත්තෙක් අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කවර වූ හෝ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද හය මාසයකට නොඅඩු කාලයකට කවර වූ හෝ ආකාරයක බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතෙහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණෙයන් ම විඳ සිටිෙය් නම් නැතෙහොත් මරණ දණ්ඩනයට යටත්ව සිටී නම් නැතෙහොත් එවැනි දණ්ඩන නියමයක් කියාවේ යෙදවීම වෙනුවට හය මාසයකට නොඅඩු කාලයකට බන්ධනාගාරගත කිරීෙම් දඬුවමක් විඳිමින් සිටී නම් නැතෙහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණෙයන් විඳ සිටිෙය් නම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝ පත් කිරීෙම් ඡන්ද විමසීමක දී ෙහෝ පාර්ලිෙම්න්තු මන්තීවරයන් ෙතෝරා පත් කිරීෙම් මැතිවරණයක දී ෙහෝ ඡන්ද හිමියකු වීමට ෙහෝ ජනමත විචාරණයක දී ඡන්දය දීමට ෙහෝ සුදුස්ෙසක් ෙනොවන්ෙන් ය:‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් චානක මහතා, එතුමාගේ නිර්බිත කම නේද හැමතැනකම අපිට පෙනී තියෙන්නේ. ඉතාමත් දැඩිආත්ම විශවාසයක් එක්ක. ඒ වගේ අය නේද අපේ රටට ඕනේ. වසර දෙකක් හිර ගෙදරට ගෙවිලා ගියා. මොන අපරාදයක් ද? (නදී)
මොන මති මතාන්තර තිබුණත් එතුමා අපේ රටේ සිටිය යුතු සැළකිය යුතු කෙනෙක් විදියටයි මා දකින්නේ.ඔය තුන් දෙනාම නැතුව ඔය යුද්ධය දිනන්න බැරි බව අපි දන්නා දෙයක්. ඒ තුන් දෙනාගෙනුත් වැදගත් කෙනා කවුද කියලත් අපි දන්නවා. බලන්න අද රටට වෙලා තිබෙන දේ? ඔහුගේ සේවය අහිමි වෙලා.අද මානව හිමිකම් වලින් අපි තෙරපෙනවා.අපිට ඕනෑ රට දියුණු කරන්න.අද ඒ දේවල් වෙනවද? වෙන රටක සේවය කරන අපිට මේවා හොඳට තේරෙනවා. එහෙත් ලංකාවේ මිනිස්සු ගැන කණගාටු හිතෙනවා (නි)
ඒ කියන්නේ පළාත් සභා මන්ත්‍රී ඡන්දය කියන එක වැදගත්කමක් ඇති ඡන්දයක් නොවේද? පළාත් සභා මන්ත්‍රී ඡන්දයකට එකේ නීතිමය ප්‍රශ්නයක් නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ඡන්දයකට හා ජනාධිපතිවරණ ඡන්දයකට එය නීතිමය ප්‍රශ්නයක් වන්නේ කොහොමද? (නි)
එතුමාව හිරේ දාලා හැම කෙනෙහිලිකමක්ම කලේ සමහරුන්ට තියන එකම තර්ජනය එතුමාගේ නිර්භීතකම සහ කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න පුළුවන් කම නිසයි. (නදී)